Pages

Saturday 26 April 2014

වාලුකා කාන්තාරෙත් ගජරාමෙට සිංහල අවුරුදු සැමරුවලු බොලල්ලා...


 ද ඔටුකතාව ලියවෙන්නේ සෙරන්ඩිබ් ඔටුවට විද්‍යුත් තැපෑලෙන්, ෆේස්බුක් එකෙන් විතරක් නොවෙයි වයිබර් තාක්ෂණේටත් පිං සිද්ධ වෙන්න හත් ගව්වක් ඈත ඉඳල වුණත් ලැබුණු ඇමතුමෙන් දැන ගත්තු කයිකතන්දරයක් ගැනයි ආයිබං.

මේ දවස් වල සෙරන්ඩිබ් ඔටුවා වාලුකා කාන්තාරෙන් එපිට පුංචි පහේ සංචාරයකය යෙදිල ඉන්න නිසා සිරිලංකාවෙ දේසපාලනේ ගැන ඔටු අදහසක් ලියන්න හිත හිත ඉන්න කොටයි ඕං මේ විස්තරේ ලැබුණෙ.

අලුත් අවුරුදු උත්සවයක් ගැනත් ඊට යාවෙච්චි කතා බහ කීපයක් ගැනත් කෙටියෙන් ලියා දාන්නෙ සංචාරෙක ඇවිල්ලත් මේව ලිය ලියා උන්නොත් මාස ගාණකට පස්සෙ මුණ ගැහිච්ච ඔටුදෙනගෙං හොඳ හැටි කන පුරෝල අහගන්න ලැබෙන බව දන්න හින්දයි.

මේ බයකට හෙම නොවේ........ඕං



බුදෙයියා සංගමේ අවුරුදු උත්සවේට සහභාගි වෙන්න නොලැබිච්චි එක ගැන දුක හිතුණෙ මේ ලැබුණු තොරතුරු වලට අනුව වැඩේ මල් හතට සිද්ධ වුණ බව තේරෙන හිංදයි බොලල්ලා.

නිමල් උන්නැහේගෙන් පස්සෙ ඔටුවගෙ ළඟම හිතවතියක් වෙච්චි ගයන්ති ඇත්ති සංගමේ ලොක්කි වුණා නොවැ. රේණු කෙලීයි, ඉන්දික කොලුවයි, රත්නසිරි කොලුවයි, කපිල, දීපා,චාමි,මධු වගේ මෙකී නොකී කොල්ලො කෙල්ලො රොත්තකුයි කරදීල උරදීල කරපු සිංහල අවුරුදු උත්සවේ හරිම ජයට සිද්ධ වුණ බව තමයි දැන ගන්න තියෙන්නෙ.




කොටින්ම කියනව නං සිරිලාංකිකයන්ගෙ අයිතිකාරයා කියල හිතාන ඉන්න මුලින් තිබුණු කිරීඩා කෑල්ල හලා ගත්තු සමාජයෙ ලොක්ක කිව්වලු “මට නං මේ වගෙ අපූරු ගේමක් දෙන්න බෑ........ඒක ෂුවර්......“ කියල.

ඇත්ත නොවෙන්නං, උන්නැහෙ වෙසක් මහේ පවත්වන්න යන අවුරුදු උත්සවේ (හික්.....! බක් මාසේ නොවෙයි ඕං වෙසක් මාසෙලු බං බක්මහේ අවුරුදු උත්සවේ තියෙන්නෙ.... හිකිස්) ගන්න හිටිය පිට්ටනියත් අහෝසි වෙල කියන්නෙ උන්දැලටම නොදැනීම.

බුදෙයියා සංගමේ අවුරුදු උත්සවේ නං ලකේට කෙරුණු පාටයි. 

ඒත් ඉතිං උදේ නමයට පටං ගන්න තිබුණු උත්සවේ එකොලහමාර වෙනකං කල්දාන්න වෙච්චි එක නං හොඳ ආදුරුසයක් නොවෙයි ඕං.

ගයන්ති ඇත්තිල කලිං දවසෙ පාන්දර තුන වෙනකල් පිට්ටනිය සකල් කරල උදේ හයේ ඉදන් ආයෙම නැහිල වැඩ කොලාට විතරක් මදි. කාල කළමනාකරණය වගේම වැඩ කරන රටාව ගැනත්, වැඩ බෙදන රටාව ගැනත් මීට වඩා හිතුවොත් හොඳයි.

මොකද අඹ ගොඩ බදා ගත්ත වගේ සේරම බදා ගන්න ගියාම ඔහොම වෙනව තමයි.




අන්තිමේදි සුදේෂ් කොලුවගෙ මයික් එකත් මේ උන්දැම අතට ගත්ත කියල ඇහුවම මට පුකෙනුත් හිනා ගියා කිව්වම.

සභාපතිතුමී වුණාම හැම දේ දිහාවෙම බලා කියාගෙන තීන්දු තීරණ දීල උත්සවේ කලඑළි කරන්න ඕනැ එකේ මයික් පොජ්ජ අතට ගත්ත එක නම් අමුම අමු ගොං පාට් එකක්.

ඊළඟ කාරණාව මහ නිලමෙගෙ පමාව. 

උදේ නමයට එනැවයි කිව්ව හාදය දවල් එකොළහමාරට ආවම සේරම වැඩ කටයුතු හබක් වෙන එක අහන්ඩ දෙයක් යැ.

හැබැයි ඉතිං කොහොමින් හරි රෑ බෝ වුණත් වැඩේ කලඑළියට සිද්ධ කෙරුණු බව තමයි ආරංචි වෙන්නෙ. මැද පෙරදිග වාලුකා කාන්තාරෙ දහදුක් විඳින කොල්ලන්ට කෙල්ලන්ට හයියක් හත්තියක් තියෙන උදවිය මේ වගේ පිං අතේ වැඩ කරන එක හරි වටිනව.

දැං ලබන සුමානෙ තියෙනවලුනෙ කිරීඩා කෑල්ල හලා ගත්තු සිරිලංකා සමාජෙ කට්ටියගෙ අවුරුදු උත්සවේ. දූවිලි පිරිච්ච පිට්ටනියක.

වෙසක් මහේදි සමරන බක්මහේ අවුරුදු උත්සවේ.
බලමුකො එදාට උන්දැලගෙ වැඩ කිඩ.
===========================================

පුදනකොටම කාපි යකා කිව්වලු.....

මෙන්න බොලේ සෙරන්ඩිබ් ඔටුව කිව්වැහෙම වෙසක්

මාසෙදි බක්මහ උලෙලක් පවත්වනවෝ.......

2014 අවුරුදු උළෙල කිව්ව නං ගොඩයන්න තිබුණනෙ

බොලල්ලා............















හොඳ වැඩ අස්සෙම සෙරන්ඩිබ් ඔටුවට පේන 
හුරස් පරස් .........

1. පේ බක්මහ උළෙල කියන්නෙ මේකට ඔටුවන්ට       එන්න බැරිද බොලං...?
     “අපේ“  කිව්වම අදහස් වෙන්නෙ ආරාධනා කරන        සංගමේ කට්ටියට සීමා වුණ වැඩක් කියල නේද?

2.  මැයි මාසෙ කියන්නෙ වෙසක් මාසෙ නොවෙද            ආයිබංලා... වෙසක් මාසෙට කොහොමද බක්මහ          උත්සව තියන්නේ....?

3.  පේ බක්මහ උළෙල ඉංගිරිසියෙන් National New      Year Festival වෙන්නෙ නොදැනුවත් කොමට             වෙන්න බෑ ඕං..මොකද ටයි කෝට් අඳින                     කස්ටියනේ...ඉංගිරිසි වරදින්න විදියක් නෑ.
      මෙතන තියෙන්නෙ මේ අවුරුදු උත්සවේ තමයි           ජාතික උත්සවේ කියල හිතා ඉන්න දීන                       මානසිකත්වය. පොරචාර පත්‍රිකාවෙන්ම පේනව           ජාතික වැඩේ තරම.

4.  CLUB කියන වචනෙ තේරුම සංගමය වෙන්නෙ          කොහොමෙයි.....සමාජය මිසක්කා...
     Sports Club කියන නමෙන් Sports  හැලිල                  නිකංම Club වුණා වගේ ක්‍රීඩා සමාජයෙ නමෙන්          ක්‍රීඩා හැලුණ මදිවට සමාජය “සංගමය“ වෙලා               නොවැ  ආයිබං.

කොයි කාගෙත් ආදර ගෞරවය දිනාගත්ත රංවල උන්නැහෙත් එක්ක රංවල බලකායම එනව ඇතිනෙ.
ඔන්න ඔටුව හත්ගව්වක් දුර ගෙවාගෙන හරි එනවාමයි සිංදුවක් අහල යන්න.
(මේ විස්තර ටික සමග පත්‍රිකාව විද්‍යුත් තැපෑලෙන් එවල තිබුණෙ සංගමේ ඇතුළෙ ඉන්න පොරක්ම තමයි ඕං....තරහා අවසර...!)

=========================================


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....


Friday 18 April 2014

තානාපති නිලමෙලාගේ පැටිකිරිය නොහොත් සට්ටම්බියන් ඇටයා කොට ගැනීම


ලෝකෙ වටේ තියෙන විවිධාකාර රටවල් වලට තමන්ගෙ නියෝජිතයන් විදියට නිලමෙවරු පත්කොරොන එක බොහෝමයක් රටවල සම්ප්‍රදායක් නොවැ.

ඕං ඉතිං ඒ වගෙ නිලමෙවරු රට රට වලට සිරිලංකාවෙ ආණ්ඩුව නියෝජනය කරන්න යවනව කියමුකො.

අද ඔටු කතාව ලියවෙන්නෙ මැද පෙරදිග වාලුකා කාන්තාරෙ ඔටු රටවලට පත්වෙල එන නිලමෙලාගෙ පැටිකිරිය දිග අරින්නයි.

තරහා අවසර ආයිබං......!

මේ ලියවෙන්නෙ එක එක ඔටු රටවල ඉන්න සෙරෙන්ඩිබ් ඔටුවගෙ සහෝදර ඔටු රැලෙන් දැන කියා ගත්තු කයි කතන්දර තමයි ඕං.

සමහර නිලමෙ පත්වීම් සිදු කෙරෙන්නෙ දේශපාලුවන්ට ඕන විදයටයි.

ඒකියන්නේ මුට්ටිය ඇල්ලුව උන්දැලා, නැත්තං බලයට පත්වෙච්චි දේශපාලුවන්ගෙ පක්ෂෙට පන්දං අල්ල ල නොයෙකුත් සට්ටම්ඹිකං කොරපු උන්දෑලට දෙන වරදානයක් නොවැ ඔය නිලමෙ පට්ටම.

සමහර වෙලාවට තමන්ට කඩේ ගිය ආණ්ඩුවේ නිලධාරීන්ට, 

හමුදා ප්‍රධානින්ට, කලාකාරයන්ට, ආචාර්ය මහාචාර්ය

වරුන්ට විටින් විට එක එක රටවල නිලමෙ පට්ටම් ලැබිල තියෙනව.

විදේශ සේවයට පංදං අල්ලල හෝ නොඅල්ලල නිකංම කඩා පාත් වන නිලමෙල කොටහකුත් මේ අතර ඉන්නව.

මැද පෙරදිග වාලුකා කාන්තාරෙ ඔටු රටවල ඔය කොයි වර්ගෙත් නිලමෙල ඉන්න බව ඔටුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නොවැ.

“කොකාගෙ සුද පෙනෙන්නෙ ඉගිලෙන විටලු“ කිව්වලු. 

නැත්තං “හැංගි හැංගි වෙස් බැන්ඳත් නටන්න වෙන්නෙ එළිපිට“ කිව්වලු. 

එහෙමත් නැත්තං “පුහුල් හොරා කරෙන් දැනේ“ කිව්වලු.

ඒ මදිවට මෙහෙමත් ආප්තෝපදේශයක් තියෙනවලුනේ. “කුම්බලා මාලු කෑව නම් විඳෝපං බළලෝ“ කියල.

ඔන්න සමහර නිලමෙල එන්නෙම ගානක් කඩා වඩාගෙන තමන්ගෙ මඩිය තර කර ගන්නලු. විදේශ ගමන් බල පත්‍රය හදල දෙන එකේ ඉදන් වීසා මුද්දරේ ගහන එක වෙනකං හැම දේටම නොමනා තරමිං කාසි සූරා කනවලු. එහෙම සූරාකාලත් කලට වෙලාවට වැඩේ කොරල දෙන්නෙ නෑලු.

දහදුක් විඳල සොච්චං පඩියකට කඹුරල හරි හම්බ කරන ඇත්තන්ගෙන් කඩා වඩා ගන්න කාසි පනං යටිමඩි ගහ ගන්නවලු. 

එක එක්කෙනාට වෙන වෙනම තැපැල් ගාස්තු අය කළාට සේරම ලියකියවිලි එක පොදියකට යවන්නෙ මාසයකට වතාවක්ලු. එතකොට හැමෝගෙන්ම එකතු කරන කාසි පනං යටිමඩි ගහ ගන්න පුළුවන්ලු.

ඒ විරක්යැ හැට කනට පේන ඇත්තියක් උදව් ඉල්ලන් ආවොත් වැඩේ දුර දිග යනවලු. හම්බු වෙන්න වෙලාවක් දෙන්නෙත් රෑ දෙගොඩ හරි ජාමෙටලු. එන්න කියන්නෙත් කාරියාලයට නැතිව නිල නිවාසෙටලු.

හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලු.

ඉතිං මේ අසරණ එකීලට තමන්ගෙ වැඩේ කොර ගන්න නිලමෙගෙ වැඩේ කොරල දෙන්නත් වෙනවලු. ඒ කියන්නෙ මේ උඩ බැලියෙන් යට වෙලා ඉන්නත් වෙනවලු.

සමහර කාන්තාවො කරදරේ වැටිල පිළිසරණ පතාගෙන ආවහම නිලමෙල ඒ ඇත්තියන්ව ආයෙමත් කරදරේ දානවලු.

බොහෝමයක් ඔටු රටවල අහිංසක, අසරණ, අගතියට පත් ඇත්තියන්ට නිලමෙලාගෙන් ලැබෙන පිළිසරණක් නෑලු.

කාරියාලයට මුණ ගැහෙන්න ආවමත් කරදරකාරයෝ කියල පන්න ගන්නවලු. පරුෂ වචනයෙන් බනිනවලු.   

සමහර කාරියාලවල මුරට, ආවතේව කොරොන්ට, පියුම් වැඩේට ඉන්න බංගලියො, නේපාලයො, පක්කො බාසාව නොදන්න කොමටයි, මහන්තන්ත කොමටයි මේ උන්දැලව ගනන් ගන්නෙවත් නෑලු. ඇතුළට ගන්නෙත් පස්ස දොරෙන්ලු.

අනේ හැබෑටම මේ නිලමෙල රට රටවලට ඇවිත් සුර සැප විඳින්නෙ, කාරියාල ගොඩනැගිලි වලට නොවටිනා තරං කුලී මලී ගෙවල කාසි මාටිය ගහන්නෙ .... 
පොඩ්ඩක් හිතන්න බැරිද තමන්ව එවල තියෙන්නෙ අසරණ වෙච්චි ජනතාවට සේවයක් කරන්න කියල.

ඔය ටයි කෝට් ගහ ගත්තු ලෝකෙටම ඉර පායන්නෙ තමන් හින්දයි කියල හිතන් ඉන්න සමිති, සමාගම්, සමාජ, සංවිධානවල සට්ටම්ඹියොත් නිලමෙ පස්සෙන් වැටිල එතනම ලැගගෙන ඉන්නවලු. 

නිලමෙගෙ ඇටය වෙලා ඉන්නවලු.

නිලමෙට උපදෙසුත් දෙනවලු.

එක එකාව කොටෝනවලු.

එක එකාට චරිත සහතික දෙනවලු.

නිලමෙලත් ඒවා ගෙඩි පිටින් ගිලිනවලු.

නිලමේලාට ගිල්ලන්න බැරිනං ඇඹේනියන්ට ගිල්වනවලු. 
තකොට ඇඹේනියෝ නිලමෙලාව අල්ලෙ නටවල එක එක ජවුසං නටනවලු.

මේවා කොයි හැටි වෙතත් අපහාසෙ රටටලු. 
සිරිලංකාවටලු. 
සිරිලංකා ආණ්ඩුවටලු.

අනේ කාලේ වනේ වාසේ.....................

-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....





Saturday 12 April 2014

ගෘහ මූලික පොන්නයොයි...... දේශපාලන පොන්නයොයි....






දසවද දී මරා දමනවා මදිවට,
සදා කාලිකව ලෙඩුන් අබ්බගාතයන් කරනවා මදිවට,
අවයව කපා විකුණද්දීත්
ඇහැ කන පියාගෙන ඉන්නා
රට සල්ලිවලින් ජොලි කරනා
ගෙදර මිනිහා වගේම දේශපාලකයෝත්
හිත් පිත් නැති පොන්නයෝ නොවේද ?

 

 

කටු ගැහුවා
ඉවසුවෙමු...
තඩි බෑවා
ඉවසුවෙමු...
දූෂණය කළා
ඉවසුවෙමු...
රත් කළ යකඩෙන් පිච්චුවා
ඉවසුවෙමු...
උඩ තට්ටුවෙන් බිමට දැම්මා
ඉවසුවෙමු....
මරා දැම්මා
ඉවසුවෙමු.....


ආංඩුවේ ඇමැත්තම ලැජ්ජ නැතිව කියන විදහට අමු අමුවේ අවයව  ගලවා විකුණද්දීත්
තවත් කටපුක වහං බලං ඉන්නේ ලංකාවේ පිරිමි පොන්නයෝද ????

 

 


අම්මලා, දූලා, අක්කලා, නංගිලා අරාබියයන්ට විකුණා හොයන සල්ලි මොටද...?

========================================================
ඒ වගේමයි මේ සමාජ ඛේදවාචකයත්.......






බලං ගියාම ඉන්නෙ පොන්නයොමත් නොවෙයි වගේ.

නැත්තං අම්ම රට ගියාම දුව අඹුකොමට ගනීවියැ.

අනේ අම්මපා තිරිසන් සත්තු වෙච්චි ඔටුවොවත් මෙහෙම අසික්කිත විදිහට හැසිරෙන්නෙ නෑ ඕං..!



========================================================
මේ කී හා නොකී කරුණු කාරණා කිරල මැනල ගත්තම කාන්තාවන් රට පටවන එක පවුලේ විතරක් නොවේ සමාජයේත් ඔඩු දුවන ප්‍රශ්නයක්.

හැමෝම කරන්නෙ දන්නෙ නෑ වගේ ඇහැ කන පියාගෙන

තමන්ගෙ අඹුව නැහ්නං අම්මව නැහ්නං දෝනියන්දෑව එහෙමත් නැහ්නං සහෝදරීව අරාබියට විකුණල ජොලි කරන එක තමයි ආයිබං.....




කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යාම තහනම් කරනු.

-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....