Pages

Monday 10 March 2014

සිරි දළදා හාමුදුරුවන්වත් විකුණාගෙන කන බඩගෝස්තරවාදියෝ.............







      

සිරි දළදා ගමනය හදලා මම කළේ කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන පිංකමක්
 - අධ්‍යක්‍ෂ සනත් අබේසේකර


 “....දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කළා. පිටපත අවසන් චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක්‌ කළා. ඒත් එදා රෑ නින්දේදී කිසියම් අදෘශ්‍යමාන බලවේගයක්‌ ඇවිත් සිහිනෙන් වගේ "මේක කරන්න දෙන්න බෑ..." කියා කිව්වා. මම පසුදාම පූජ්‍ය එල්ලාවල හාමුදුරුවන්ට මේ බව කිව්වා. උන්වහන්සේ උපදෙස්‌ දුන්නා, ආයෙත් දළදා මාලිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්‌ද වූ වරද කියා අහන්න කියලා. එදායින් පසුව හැම සිද්ධියක්‌ම ආශ්චර්යයක්‌ වගේ. හිතාගන්න බැරි විදිහට මට දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක්‌ ලැබුණා. මම දඹදිව ගියා. එතනදී තවත් ආශ්චර්යයක්‌ වුණා. ස්‌විට්‌සර්ලන්තයේ මහත්මයෙක්‌ එහිදී මට හමුවුණා. ඔහු හිමාලයට යමින් හිටියේ. ඔහු මා සමග කතා කළා. දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්‌ථාන සියල්ලම නරඹන්න ඔහු ඔහුගේ වියදමෙන් මාව ගෙන ගියා. මට කන්න බොන්න දීලා නවාතැන් පහසුකම් පවා සලසා දුන්නා. මේ ගමනේදී මට ධාතු වංශයේ තිබූ සියලුම තොරතුරු හා ස්‌ථාන දැක බලාගත හැකි වුණා. බ්‍රහ්මදත්ත මාලිගාව මම දැක්‌කා. එහි ඡායාරූප අරගෙන ඇවිත් මිහින්තලේ දී ඒ මාලිsගාව මම හැදුවා. මම යළිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් මට පිංවන්ත නිෂ්පාදකයෙක්‌ ලැබේවා කියා ප්‍රාර්ථනා කළා. එදාට පසුදා මට අරලියගහ මන්දිරයට යන්න සිදු වුණා......”
“.....මම බලාපොරොත්තු වුණා පිංවන්ත නළු නිළි පිරිසක්‌. අපිට එහෙම අය සොයා ගැනීම අපහසුනේ. ඒත් චිත්‍රපටය කෙරෙන කාලය තුළදී ඒ සඳහා පේවෙලා දළදා හිමියන්ට භාරවෙලා මේ නිර්මාණ කටයුත්ත කරන්න හැම කෙනෙක්‌ම එකඟ වුණා.......
ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, මාක්‌ සැම්සන් වැනි ප්‍රවීණයෝත් බොහෝ සේ කැපවුණා. හැම කෙනෙක්‌ම තමන්ට හිමි දේ කළා. චිත්‍රපටය රූගත කරන්න කලින් අපි රුවන්වැලි සෑයට වැඳලා පටන් ගත්තේ.......”
“....මගේ මූලික හරය තමයි, දළදා වහන්සේගේ ආශ්චර්යය රටට ප්‍රකාශ කිරීම. මේ චිත්‍රපටය නැරැඹීමෙන් මිනිස්‌ හදවත් ශ්‍රද්ධාවටත්, ආනන්දයෙන් ප්‍රඥවටත් පත්වේවි කියා මට විශ්වාසයි. රාග, ද්වේශ, මෝහ අවුස්‌සන රංගනයන් සහ නිර්මාණ ඉදිරිපත් කළොත් එය කල්ප ගණනාවක්‌ සතර අපායේ දුක්‌ විඳින්න හේතුවක්‌ වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ වගේම කිසියම් නිර්මාණයකින් ශ්‍රද්ධාවත්, ආනන්දය හා ප්‍රඥවත් ලබා දෙනවා නම් ඒ නිර්මාණකරුවන් කල්ප ගණනක්‌ දිව්‍ය ලෝකයේ සැප විඳිනවා කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ අනුව මම මේ කළේ මහා පිංකමක්‌. කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්‌
 මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිශංසය ලැබෙනවා. දළදා වහන්සේ දැන් වැඩ ඉන්නේ මහනුවර. මම කරන්නේ මහනුවර වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා පනහකට වැඩමවීමයි. මේ වැඩමවීම අනුව සිනමා ශාලා ධර්ම ශාලා බවට පත්වෙනවා. එවිට මේ ප්‍රේක්‍ෂකයෝ චිත්‍රපටය නරඹා ශාලාවෙන් එළියට එන්නේ ශ්‍රද්ධාව හිතේ ඇතිව. දළදා වහන්සේ කෙරෙහි අනේක වාරයක්‌ දැනුවත් වෙලා. පැය දෙකකදී දළදා වහන්සේගේ ඓතිහාසික තොරතුරු නිර්මාණයක්‌ තුළින් මම ප්‍රදර්ශනය කරනවා. ඉතින් මම අපේ රටේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේ චිත්‍රපටය දෙස විතර්ක බුද්ධියෙන් බලන්න එපා. මේ චිත්‍රපටය නියම ගැමි සිංහලයෙක්‌ ලෙස බලන්න කියා. ඒකට හේතුව තමයි දළදා වහන්සේ කියන්නේ අපේ රටේ නිල නොලත් රජු ලෙසයි ගරු කරන්නේ. දළදා වහන්සේ ගැන ඇස්‌ දෙක වසාගෙන හිතුවත් පිං රැස්‌ වෙනවා. එහෙම නම් මේ චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්‌ෂකයාට මොන තරම් නම් පිං රැස්‌කර ගන්න පුළුවන්ද...



 “සිරි දළදා ගමනය” අධ්‍යක්ෂවරයා “දිවයින” පත්තෙර්ට කී මාර්කටිං කතාවට ලැබුණු ෆේස්බුක් කොමෙන්ටු කීපයක් අවසරයක් නැතිවම උපුටා ගත්තාට තරහා අවසර.....!


පින්වත් සනත් අබේසේකර මයා වෙත.

මෙවන් සද්කාර්යයක් කිරීමට, විශේෂයෙන් මෙවන් ග්‍රාම්‍ය වූත්, සරල හා නිරවුල් වූත් අවබෝධයකින්, දෙව්ලෝ සැප සම්පත් පතා, මෙවන් සද් කාර්යයක් කිරීමට වුවමනාව හා උනන්දුව මතු නොව, ඒ චින්තාව සාක්ෂාත් කරගැනීමේත් වරම ලැබුවකු අප අතර සිටීම පිළිබඳව අපේ නෙත් අගටත් කඳුලක් නැගෙයි.

ඒ අතරම සිතුනේ මේ නම් මේ උත්තම සිනමා සිත්තම, සිනමා හල්වලට සීමා කර දමා ඔබේ පින් කුසල් රැස්කර ගැනීමේ අවස්ථාවන් සීමා කර ගතයුතු කාලයක් නොවන බවයි.

මහත්මයාණනි, මේ වනවිට තුත්තුකුඩියේ සිට ග්‍රීන් ලන්තයේ හුදකලාම කෙළවරක පිහිටි නියාකොනැට් (Niaqornat) දක්වාම විහිදුනු අන්තර්ජාල සබදතාවලින් මිනිස් සංහතියම එකට බැඳී තිවේ. මේ මහා මිනිස් බුරුත්ත වෙතම, උන්ගේ ගෙවල්වල පරිඝණක තිර මතට, ලැප්ටොප්, ටැබ්ලට්, අයි ෆෝන්, අයිපෑඩ් ආදී නානා ප්‍රකාර නම් වලින් හැඳින්වෙන යන්තර තිර මතට මහානුභාව සම්පන්න දළදා හාමුදුරුවන් වැඩම වීමේ භාග්‍යයත් ඔබට තිබේ. 
කරන්න තියෙන්නේ චිත්‍රපටියේ කොපියක් යූ ටියුබ් එකට ‍හෝ වෙන යම් ටියුබ් එකක දමා ෆේස් බුක් එකේ ලින්ක් එකක් දැමීමම විතරය. 

මේ ටික කිරීම නම් මට සිතෙන පරිදි නිරනුමානයෙන්ම මතු බුදුවන වරම් ලබන තරමේ පිනකි. මේ ගැනත් සලකා බලත්වායි අයදිමින් නවතිමි.

Subhash Gunawardhane මාර මාකටින් ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරන්නේ . . . සාක්ෂරතාවය ඉහල අගයක් තිබ්බට රටේ වැඩිහරියක් ඉන්නේ නූගත්තු කියලා හොඳින්ම තේරුම් අරන් වගේ . .

Geetha Longland Direct unlimited Visa to the Heaven...Film premiere shown several times to the President goyya to wash away his deeds, so he could book a place. May be Sri Lankan Airways give him or his body the transport. Shoot up.....

Sumith Niriella මෙතෙක් කල් සිනමා ශාලා බොක්ස්වල/බැල්කනිවල සුළු සුළු වශයෙන් ධාතුවැඩමවීම් සිද්ධවුනා. මුන්නැහේ එහෙනම් ඒවා ධාතු මන්දීරම කළා...!
අනේ හොඳයි.....!!
දිවියලෝක මතු නොව මේ මාහැඟි පුණ්‍යකර්මය, කෙලවර අමාමහනිර්වාණ සම්පත්තිය උදාකර ගැනීමට ද හේතු වාසනා වේවා....හේ...ඒ.....තු වාසනා වේවා....!! (සාදු....!! සාදු.....!!!)

Wijaya Nandana Perera මේ අබේසේකර උන්නැහේ මම හොදින් දන්නවා ! දැනට අවුරුදු 25කට විතර කලින් පේරාදෙණියේ අන්දන්ගම ගමේ උන්නු මගේ අසල්වැසියා. එතකොටත් මෙයා හැදුවේ තුට්ටු දෙකේ වෙසක් නාට්‍ය . මහරජාට නම් තකට තක. අමුම අමු මැට්ටෙක් !

Devaka S. Jayasuriya ඊයේ මම දැක්කා ලිබර්ටි සිනමා අසළ කොල්ලුපිටියේ සුදු වතින් සැරසුණු උපාසකම්මලා මේ දහා ජරා ඉතිහාස විකෘතිය බලන්න පෝලිමේ . මේ රටට දේශප්‍රේමයේ නාමයෙන් කර ඇති විනාශය කොපමණ ද කියා මූගේ මේ කතාවෙන්ම සක්සුදක් සේ පේනවා . අනේ මේ උපාසකම්මලා අර රීගල් එකේ තිබෙන " සැමීගේ කතාව' බැලුවා නම් දුකක් නෑ. ගෑණුන්ට ගහන ගංජා උරන මදු මාධව හාමුදුරු නමක් වගේ ඇඳන් . විපක්ෂයේ එකෙක් එහෙම හිටියා නම් මේ ඡන්දේ කාලේ චිත්‍රපටය තහනම් !


Darshana Wimukthi මට කොමෙන්ට් කියවල සෑහෙන්න පිං අයිති උනා.
හුකෑස්. සාදු සාදු.. ටොරන්ට් කොපියක් කවුරුහරි පිංවතෙක් දැම්ම නම් මහා පුණ්‍ය කදම්භයක් රැස් වෙනවා 

Pathiraja Dhammika පිං පියෙක්.

ammata siri!!!saadhu! saadhu!! ssaaaadhuuuuu!!!!

එහෙනම් මේ ෆිල්ම් එක බලන්න " බොක්ස් " ටිකට් දෙන්නේ නැතුව ඇති නේද ?

Thusitha Kumara නම ඉස්සරහට තව ප්ට්ටන්දර 10 ක් විතර එකතු වේවි.

Upali Jayasekera Nama dakinakota duganda danena me asoochi dohoth mudume thiyaagena narambana bath kana harak inna me wage raraka me ganasathara films hadala sapa windinna diwiya looke yanna ooni naha.paramparaa gananakata melowadima diwiya looka sapa bukthi windinna puluwni raajya anugrahaya yatathema.


Ruwan Amarasiri sudu andinnat weida?


ඔටුවට කියන්න යමක් ඉතිරි කොරල නෑ ආයිබං මේ උපාසක උන්දැල ටික......
තවත් අපූරු කොමෙන්ට් ආවොත් අහන්නෙ බලන්නෙ නැතිව එක්කහු කොරනවම තමයි ඕං...

මෙන්න බොලේ මනෝහාරි කෙලී එයාගෙ  " මිරර් ආර්ට්ස් " බ්ලොග් එකේ මේ මලවිකාරෙට බැටේ දීල......

http://mirrorarts.lk/featured/item/625-


ආනන්ද පද්මසිරි ගොයියත් ඕං
 “ලක්බිම“ පත්තරේටත් ලියල හොඳට බැටේ දීල...

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=35607&catid=75&Itemid=99

==================================================

අද්යක්ෂවරයා “සිළුමිණ“ පත්තරේ මිහිඳුකුල ගොයියට දී ඇති පිළිතුර---


මේ ගමනේ දී ඔබ ‘ආගම විකුණනවා’ යැයි කවුරුන් හෝ චෝදනා කළොත්?

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ දැහැමින් සෙමින් දියුණුව කරා යන්න කියලයි. උන්වහන්සේ වදාළ නොකළ යුතු කර්මාන්ත වන සත්ත්ව ඝාතන, මත්ද්‍රව්‍ය විකිණීම වැනි කර්මාන්ත මම කරන්නේ නෑනේ. මම කරන්නේ වෙළෙදාමක් තමයි. නමුත් එයත් මිනිස් සිත් පීඩාවට පත් කරන්නේ නෑ. ඒ මඟින් මිනිසුන් අගාධයට යොමු කරන්නේ නෑ. මිනිස් සිත් ශ්‍රද්ධාවෙන් පුරවලා ආනන්දයෙන් ප්‍රඥාවට පත් කිරිමක් තමයි මෙයින් වෙන්නේ. මේකෙන් අසීමිතව මුදල් හොයනවා තමයි. නමුත් ඒක බුදු දහමේ වැරැදියි කියලා නෑ.


සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  









37 comments:

  1. සිත අතීතයට් ගෙනගිය සුමිත් නිරිඇල්ලකාරයාට මගේ ස්තුතිය.

    ReplyDelete
  2. මේ සමූහ ඡායාරූපයේත් ප්‍රාතිහාර්යක් තියනවා. දකුණු කෙළවරේ ඉන්න පින්වත් උරේෂා රවිහාරි සහ පසුපසම පේළියේ වම් කෙළවරේ ඉන්න පින්වත් නළුවා ඡායාරූපයට ප්‍රාතිහාර්ය බලයෙන් වැඩම කරවලා තියෙන්නේ...

    ඔටුවාටත් පින් කරගැනීමට තිබ්බ අවස්ථාවක්, ටයිටලේ නිසා නැතිවෙලා... මීට පස්සේ පින්වත් ටයිටල් යොදාගැනීමට උනන්දුවන්න...

    ReplyDelete
    Replies
    1. උරේෂාව නං ෆොටෝ ෂොප් කර ඇති බවක් පේනනේ නෑ මට පීසී එකෙන් බලන කොටවත්.

      දැන්නේ දැක්කේ මෙතන වන් ෂොට් ඉන්නවාය කියා. ඒත් ෆිල්ම් එක තහනම් වුනේ නෑනේ පලාබබා චන්දේ තිබුණත් අර උඩින් කමෙන්ටුවක කියලා තියෙනවා වගේ.

      Delete
    2. උරේෂගෙ මූණ පොටෝෂොප්. ඇඟ කාගෙ හරි එකක්. බලන්නකො එයා විතරක් බෙල්ල ඇමට්ටි කරන් කැමරාව දිහා බලන් ඉන්න අපූරුව!

      Delete
    3. Anonymous16:30

      Gyange moonath photoshop neda? anith okkotama wada eyage moona lokui neda???

      Delete
    4. මට හිතෙන්නේ උරේෂා සම්පූර්ණයෙන්ම ෆොටෝෂොප් කියලා. උරේෂා ලඟින් ඉන්න කෙනාගේ කකුල් තියන තැන බලන්න. කොල පාට ස්ටේජ් එකේ පැත්තකින් ටිකක් ඉස්සරහට වෙන්න එයා කකුල් තියාගෙන ඉන්නේ. උරේෂා ඉන්නේ ස්ටේජ් එකෙන් පිටිපස්සේ පුටුවකටත්(?) පිටිපස්සෙන්. නමුත් ඇඟේ උඩ කොටස බැලුවහම උරේෂා ඉන්නේ ඉස්සරහින්. උරේෂා ඉස්සරහට නැමිලා හිටියත් අර ස්ටේජ් එක පිටිපස්සේ තියන පුටුවේ ඇන්දේ තියාගෙන ඉන්න අත අර මනුස්සයගෙ ඇඟට ඉස්සරහින් තියෙන්න විදිහක් නෑ...

      Delete
    5. තිසර හරි තිසර! දැන්නෙ බන් දැක්කෙ පුටුවත් ෆේක්. මොකද පුටුවක සීට් එක බිම ඉඳන් මිලි 450 ආසන්න වශයෙන්. ඒ කියන්නෙ සාමාන්‍ය කෙනෙක්ගෙ දණ නැමුවම ඊට යටින් හිටින්න ඕන. දැන් ස්ටේජ් එක තීන්නෙ ඉඳන් ඉන්න උන්ගෙ දණට පහලින් උනාට පුටුවෙ වාඩි වෙන ටික හරියට මේසයක් අස්සට ගිහින් වගේ ස්ටේජ් එකට වැහිල! ඒ කියන්නෙ වෙන පුටු ඇන්දක්, අනුන්ගෙ ඇඟක් සහ උරේෂගෙ ලසන මූනු කෑල්ලක්!

      මොනා උනත් මේ ෆොටෝ එක ගත්තු එකාව හොයාගන්න වටිනව. මෙච්චර වටින ගෲප් ෆොටෝ එකේ කට්ටියක් අහක බලන්. අර උරේෂට ඉස්සරහ තියෙන ෆ්‍රේම් කබල අයින් කරල නෑ.

      වෙලාවට සුමින්ද සිරිසේන මහත්තය මලේ. නැත්තන් මේ කරුම නිසා උන්නැහෙගෙ සායමත් නිකන් හේදෙනව.

      Delete
    6. ඇ බොලල්ලා, දැං තමුංනැහෙලට තියෙන පුරස්නෙ පිංතූරෙ පොටෝ සාප්පුවෙන් හදපු විදිහද.....?
      මේ මගුලෙ පිංතුර‍ෙ නොවෙයි පුරස්නෙ තියෙන්නෙ... අහිංසක උපාසක ඇත්තන්ගෙ හැඹිලියට විදින්න මේ ගෝතය ගහන උප්පරවැට්ටි වල නේද ආයිබං...?

      Delete
    7. ඔන්න ඉතින් ඔටුවත් අපිට පොඩි ආතල් එකක් ගන්න දෙන්නෙ නැතුව මැදට පනිනව.

      සනා මේ දළදාව විකුනං කනව, සනාට කලින් ඒකෙ ගිහි බාරකාරය කියල සුද්ද පවරපු අර කොටා විකුනං කනව, ඊට කලින් මහරජානෝ ඔක්කොම කුණු හෝදගන්න ඕකට රිංගනව. ඔතෙන්ට බෝම්බෙ තියපු එකා ආයි කළිසම පිටින් ඇවිත් ඒකටම වැඳල යනව. ඊටත් උඩින් උත්තමයෙක් පවුල පිටින් ඕක ගාව ඉඳන් දිව් රුමක් දීල රටම සුද්ද කොලා, ඊටත් ඉස්සර මහ රජාලත් තත්වෙ රැක ගත්තෙ ඕක කිහිල ගහගෙන අයිතිය කියල.

      කොටිම්ම චිරාත් කාලයක් තිස්සෙ ගමරාළගෙ වංගෙඩිය වගේ වෙලා මටනං සැකයි දළදා උන්නාසෙ ඕක අස්සෙ ඉන්නව කියල ඒ හින්ද ඒ ගැන ආයි මොනා අමුතුවෙන් කියන්නද ආයිබෝං.

      ඒත් ඒත් ඉතින් අපි මේ කොරන දෙයින්අඩු ගානෙ ඉතින් බුලත් පය්යට හෙන ගහල තීනව කියල පෙන්නුවම හුණු කිල්ලෝටෙ බලන්න යන උන්ට අදහසක් ගන්නවත් බැරිය මොකෑ වෙලා ඇත්තෙ කියල.

      Delete
    8. හප්පද බොල ඔටුවො. මාර වැරැද්දක් වෙලානෙ. උඩ සුමින්ද වීරසිංහ වෙනුවට සුමින්ද සිරිසේන කියල කෙටිලනෙ.

      අනේ අපොයි සුමින්ද සිරිසේන මහත්තයට මේ සනත් අබේසේකරගෙ ආයුෂත් අරන් දීඝායු ලැබෙන්න ඕන!

      Delete
    9. සුමින්ද සිරිසේන වගේ ප්‍රතිභාපුර්ණ රංගනවේදියෙකුට දීඝායු ප්‍රාර්ථනා කරමු.

      Delete
    10. Anonymous02:32

      එය එසේම විය යුතුයි. ගිය සුමානේ සිරසේ " එකමත් එක කාලෙක" වැඩ සටහනට ආවේ සුමින්ද සිරිසේන නම්වූ ඒ නිර්ව්‍යාජ කලාකරුවා.

      http://www.col3negoriginal.cc/watch.php?id=50433

      Delete
    11. ඔටු උන්නැහේ ඇත්තම කියන්න, මට නම් කිසිම අවුලක් නෑ. ඕවා ප්‍රචාරක උපක්‍රම. සනත් ගොයියා දන්නවා ඔහොම දෙයක් කියපුවහම, කට්ටියක් දොහොත්මුදුන් තියලා සාදු කියන බවත්, අනිත් පිරිස ඌව පතුරු ගහන බවත්. සාදු කියන කට්ටිය කොහොමත් ඕක බලන්න යන පිරිසනේ, සමහර විට උන්දැට වඩා වැදගත් උන්දැව පතුරු ගහන අය වෙන්න බැරි නැහැ. දැන් ඔටු උන්නැහේ මේ ගැන කියනකම් මම දැනගෙන හිටියේ නෑ නොවැ මේ චිත්තරපටිය ගැන... දැන් මේ චිත්තරපටිය විවේචනය කරන්න ඕනේ නම් අපි මොකද කරන්නේ, ඕක ලඟ පාතකට ආපුවහම බලලා තවත් ටිකක් බනිනවා... තව ඔටුවෙක් කියලා තියනවලුනේ "දෙයාර් ඊස් නෝ සච් තින්ග් ඈස් බෑඩ් පබ්ලිසිටි" කියලා... ඇත්තටම ඔටු උන්නැහේ අපිත් එක විදිහකට ගැලවෙන්න බැරි විදිහට අහුවෙලා ඉන්නේ... මොකුත් නොකියත් බෑ, කියලත් බෑ...

      මේච්චර ආශ්චර්ය වෙන රටේ පින්තූරෙක ආශ්චර්ය ගැන කතා කලහම ඔටු උන්නැහේ මොකට කලබල වෙනවද? මේ චිත්‍රපටියේ නළු නිළියන්ට පින්තූරෙකට ප්‍රාතිහාර්යයකින් වඩින්න පුළුවන් කියන එකම මදිද මේ සනත් ගොයියා කියන කතාව ඇත්ත කියලා ඔප්පු කරන්න?

      Delete
    12. තව ඔය ප්‍රචාරක උපක්‍රම පටන් ගත්ත විතරයි. දැන් කට්ටිය උඩ පැන පැන දෙන්න ගනියි. මාධ්‍යකාරයොත් ලවක් දෙවක් නැතිව දෙයි.
      ඔටුව ලිව්වත් නොලිව්වත් කොහොමත් මේක පෝලිමේ බලනවා. අපි ඔටුවො වුණත් ගොං හරක් නොවෙයි කියල පෙන්නුම් කරන්නත් ඕනෙ නේද ආයිබං...

      Delete
  3. Anonymous05:57

    මම නම් මේ අයගේ නම් වැඩිය දන්නේ නෑ .. එත් අර කිව්වා වගේ පොටෝ ෂොප් එකෙන් එකතු කල පි න්තුරේ ඉන්න කෙනා දස මහා යෝධයන්ගෙන් කෙනෙක් වගේ නැත්නම් බහුබූතයෙක් වගේ ඉන්න බව නම් පැහැදිලි යි . ෆොටෝ එක මෙහෙමනම් ෆිල්ම් එක කොහොමට ඇතිද කියල හිතා ගන්න ඇහැකියි බොලව් අපට. ඊත් පොඩි පුරස්නේකට තියෙන්නේ මම දන්නා තරමින් ශ්‍රියන්ත මෙන්ඩිස් , මාක් සැම්සන් වගේ අය කතෝලික දැන් මේ අයත් ඔය කියන විදියට "චිත්‍රපටය කෙරෙන කාලය තුළදී ඒ සඳහා පේවෙලා දළදා හිමියන්ට භාරවෙලා මේ නිර්මාණ කටයුත්ත කරන්න" එයාලත් එකඟ වුණා.......ද ? අනේ බොරු නැතුව පලයන් බං ...

    ReplyDelete
  4. සුමිත් නිරිඇල්ලගෙ කතාව තමා පංකාදු!
    කොහොම උනත් සෙරන්බිඩ් ඔ‍ටුවත් ඒ මහා පුන්‍යකර්මයට දායක උනා

    ReplyDelete
  5. Sinahala modadya kaum kanna yodaya kiyala kiwwe ahamben lankawata awa lorensoo de Almeda

    ReplyDelete
  6. ගීත කියන ඇන්ටි කෑල්ල ඕකෙ විනාඩි හතරටයි ඉන්නෙ ඒ විනාඩි හතරට ලක්ස 4ක් ගත්ත... ඉතිං අනගි බවනීය පුඤ්ඤ කරුමයක් නෙවේද පිංවත්නි...
    සාදු කියන්න.............
    සා....................දු..........

    ReplyDelete
    Replies
    1. සැබෑය සැබෑය පින්වතුනි.........!
      සාදු ........ සාදු............ සාදු.......

      Delete
    2. හික් හික්............. සුද් නොකිය කෝමද නේද මෙයා.........
      සා...........දු.......... සා...දු

      Delete
  7. යුරේකා යුරේකා....! දිව්‍ය ලෝකෙට යන කෙටිම මග හොයා ගත්තා...........

    අනේ අපොයි.........!

    දැන් හැම දෙයක්ම ක්ෂණික වෙලා තියෙද්දි දිව්‍ය ලෝකයට යන මගත් මෙච්චර පහසු වෙයි කියල කවුද හිතුවේ ඇත්තටම.

    අබුද්ධස්ස කාලේ.......

    තව පහු කර කර ඉන්නෙ මොකටෙයි නේද හැබෑවටම. ඔන්න මාත් දැන් මේ පිංවන්ත ආරංචිය පතුරුවන්න දායක වෙච්ච නිසා දිව්‍ය ලෝක සැප සම්පත් උදාකරගෙන හමාරයි.

    පවා නොවී එක් වන්න. මුලින්ම පැමිණෙන දහසට නඩේ ගුරා සමඟම දිව්‍ය ලෝකයේ සවාරියකට ගුවන් ටිකට් පතක් නොමිලේම..............!!

    සාදු....... සාදු........ සාදු............!

    අපේ රට වාසීන්ට ජයම වේවා............!

    ඉඩ ලද විටෙක මේ පැත්තටත් ගොඩ වෙලා යන්න ටිකක්......
    http://rukshila-wettamuni.blogspot.com/2014/03/blog-post_2364.html?spref=fb

    ReplyDelete
  8. ඉන්න සෙට් එක බැලුවම කල්ප කෙසේ වෙතත් රැයක් දෙකක් නං ඒ උත්තමය සුර සැප නොලබ ඉන්න නැතුව ඇති....!

    ශ්‍රියන්ත, ජීවන්, රන්ජන්, මාක්, රවීන්ද්‍ර වගේ කතෝලිකයන් දමා මේ චිත්‍රපටය කර උතුම් බෞද්ධයාගෙ මුදුන් මල්කඩට කල අපහාසය හෙලා දකිමු. මිතුරනි, එක්වව් මෙය වර්ජනය කරව්.....!

    ReplyDelete
  9. අපි ඉස්කෝලේ යනකාලේ නාටයක් පෙන්නුවා ඔය මනුස්සය. මෙලෝ රහක් නැහැ ..

    පිස්සු විකාර.

    ReplyDelete
    Replies
    1. Anonymous23:28

      ඇයි අප්පා “මහින්දාගමනය“ නම් වූ මොන්ටිසෝරි මළවිකාරෙ ???

      Delete
    2. ඔය සේරම එකයි. සිරි පැරකුම් එකේ සින්දු නම් ඇහුවා යු ටියුබ් එකෙන්. පොඩි එකෙක් ඉන්න හින්දා . අනික් විකාර නම් නිකන් පෙන්නුවත් එපා. ඉතිහාසය ගැන වාර්ථා වැඩසටහනක් කරා නම් කොච්චර හොඳද .

      Delete
  10. කමෙන්ට් සෙට් එකනම් සුපිරිම සුපිරි රන්සිරිමල් ගේ කතාවත් නියමයි හික්ස් අනේ ඇත්තට තව ටික දවසකින් මොනවා ගැන හදයිද දන්නෑ ෆිල්ම් ඔකේ ටිකට් එකක් ගත්තොත් අපිටත් බැරිද දිව්‍යලෝකෙ යන්න

    ReplyDelete
    Replies
    1. ටිකට් අරගෙන සුදු වතින් සැරසී වරෙල්ලා. හෝල් එකට ඇතුල් වෙනකොට පාවහන් ගලවනු. කොටට ඇඳගෙන ඒම තහනම්.

      Delete
    2. හිරිඔතප් බිඳිල නිවන් යන්න බැරි වෙන නිසා ගැහැනු පිරිමි වෙනවෙනම ඉන්දමුද බොලේ....

      Delete
  11. Anonymous21:50

    නොදොකින් නොදොකින් නොදෝමකින් කිව්වා මුලින්ම ඕන්.

    ඕකේ නිශ්පාදකයෙක් සාධු කෙනෙක්. ඕකේ මුලින්ම ප්‍රධාන චරිතය හේමමාල කුමාරිට තෝරගත්ත චිච්චියව අයින්කරා ඩ්‍රග්ස් ද හෙළුවැලිද කතාවක් කියලා. මුන් අපිට අකේ පුරින්නේ හන්දිගානේ ධාතු පෙන්නලා. දැන් ධාතු ගෙන්නනවා පෙන්නලා.

    නොදකින් ශුක්‍ර සුනඛයෝ.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට මේකෙ ඉන්න උන්දැල නෙළුම් මලෙන් උපන් සුපිරිසිදු මානවිකාවොද ?

      Delete
    2. Anonymous23:43

      කාට කියන්නද බන්.....හෙට අනිද්දා බොදු බලේ එවුන් ඇවිත් කියයි..මේක පෙන්නලා ඉවරවෙනකම් හෝල් වල තියෙන බාර් වහන්න කියලා...දවස් තුනක් මස් මාළු නොකා ෆිල්ම් එක බලන්න එන්න කියලා .අපේ හැත්තත් පේවිලා යයි.

      Delete
  12. අපේ රටේ මෙච්චර නූගතුන්ද ඉන්නේ කියලයි හිතුනේ...මෙවැනි කතා කියන අය හමුවෙලා තියෙනවා මානසික රෝග වාට්ටු වලදී නම්..

    ReplyDelete
  13. අපේ කට්ටිය මල් වට්ටිත් අරන් යාවිද දන්නෑ ඕක බලන්න මේ කියල තියෙන විදියට...

    ReplyDelete
    Replies
    1. බයිස්කෝප් මඩු ඉස්සරහ මල් වට්ටි විකිණීම/ කොට ගවුම් ඇඳගෙන එන නැටිච්චියන්ට යටට ඇඳගන්න චීත්ත කෑලි කුලියට දීම/ සෙරෙප්පු, සපත්තු පොඩි ගානක් අරං ආරස්සා කොරල දීම වගේ අමතර මාකටිං වැඩ කරල බයිස්කෝප්කාරයන්ට ගතමනාවක් හොයාගන්න වෙයි බොලල්ලා...ඕවැයි ඇතුළෙ තියෙන බාර් එහෙම වහන්න වෙන හිංද....(ඇයි හිනා වෙන්නෙ.....දළදාවහන්සෙ වඩම්මද්දි බයිස්කෝප් මඩු ඇතුළෙ තියෙන බාර් වහන්නැද්ද...හික්ස්...හිකිස්....)

      Delete
  14. චිත්තරපටිය හදන්න යන්න වුණු ජාතිත් film එකක් කරලාම පෙන්නන්න වටිනවා. ඒ තරම සිනමාත්කම කතාවක්නේ :D

    ReplyDelete
  15. අද්යක්ෂවරයා “සිළුමිණ“ පත්තරේ මිහිඳුකුල ගොයියට දී ඇති පිලිතුර---

    මේ ගමනේ දී ඔබ ‘ආගම විකුණනවා’ යැයි කවුරුන් හෝ චෝදනා කළොත්?

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ දැහැමින් සෙමින් දියුණුව කරා යන්න කියලයි. උන්වහන්සේ වදාළ නොකළ යුතු කර්මාන්ත වන සත්ත්ව ඝාතන, මත්ද්‍රව්‍ය විකිණීම වැනි කර්මාන්ත මම කරන්නේ නෑනේ. මම කරන්නේ වෙළෙදාමක් තමයි. නමුත් එයත් මිනිස් සිත් පීඩාවට පත් කරන්නේ නෑ. ඒ මඟින් මිනිසුන් අගාධයට යොමු කරන්නේ නෑ. මිනිස් සිත් ශ්‍රද්ධාවෙන් පුරවලා ආනන්දයෙන් ප්‍රඥාවට පත් කිරිමක් තමයි මෙයින් වෙන්නේ. මේකෙන් අසීමිතව මුදල් හොයනවා තමයි. නමුත් ඒක බුදු දහමේ වැරැදියි කියලා නෑ.

    ReplyDelete