ඉඳල ඉඳල මෙන්න ජනාධිපති මෛත්‍රී
තීන්දුවක් අරං....
දිනපතා ලංකාදීපය
දිනපතා ලංකාදීපය
මේ වෙනුවෙන් කාලයක් තිස්සේ කාලය කා ගෙන කෑ ගැසූ සෙරන්ඩිබ් ඔටුවාට සතුටේ බැරුවා.
දැන් ඔන්න මෛත්‍රීතුමා කෙලින්ම තීරණය අරං ප්‍රකාශයට පත් කරලා.
තීරණයක් ගන්න බැරි නපුංසක ආංඩුත් තියෙනවා... කිව්වට මේ තියෙන්නෙ දශක 4 තිස්සේ සිදුවූ ව්‍යසනය අවසන් කරන බවට ප්‍රතිඥා දෙන ජනාධිපති කෙනෙක්.
තලතා නෝනා 21 න් යවනව කිව්වට ඒව කොහෙද ජනාධිපති ඉන්න කල්. තීන්දුව අරං ඉවරයි. ගැසට් කරන්න විතරයි තියෙන්නේ.
යූ.එන්.පී. එකේ ගාමිණී දිසානායක ඇතුළු ඇමැත්තො විරුද්ධ වෙද්දි, ජේ.ආර්. ගෙ උවමනාවට ඒ.සී.එස්. හමීඩ් ගෙනා තුප්පහි යොජනාව හංදා අපේ රටේ කාන්තාවන් කී දෙනෙක් දුක් විඳ මැරෙන්න ඇද්ද?
සදාකාලික අබ්බගාත වෙන්න ඇද්ද?
පවුල් කීයක් අනාථ වෙන්න ඇද්ද?
දියණියන් කීයක් පියවරු අතින් ගැබ්බර වෙන්න ඇද්ද?
කී දෙනෙක් අරාබින්ට ලිංගික වහල්කම් කරද්දි තව කී දෙනෙක් බංගලි, පකිස්තාන්කාරයො එක්ක පවුල් කකා ගෙවල් පෝෂණය කරනව ඇද්ද?
දැන් ඉතිං ඒ අබග්ගෙත් අවසන්. ඉංදියාව, බංගලිදේසෙ, පකිස්තානය වගේ රටවල නායකයින්ට මේ තීන්දු ගන්න බොහොම කාලෙකට කලිං කොන්ද කෙලිං තිබුණ.
අවුරුදු 40 ට පස්සෙ මෛත්‍රී ජනාධිපතිතුමාට මේ හයිය ආව
එක රටේ වාසනාව.
මං හිතන්නෙ ලංකාදීපය ඇතුළු අනෙක් මාධ්‍ය මේ ගැන පසු විපරම් කරල තීන්දුව ක්‍රියාත්මක වෙද්දි අපට දැනුම් දෙන්නෙ නැතෑ.
එළුවගෙ බිජ්ජ වැටෙන කල් බලං ඉන්න නොවේවා.....!
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
දැන් කොහෙන්ද මොන්ටෙරෝ, අවුඩි, බෙන්ස් ගෙන්නන්න විදේශ විණිමය හොයන්නේ?
ReplyDeleteඅනික කාන්තා අයිතීන්වලට මොකද වෙන්නේ? කාන්තාවන්ට රට රැකියාවකට යන්න තීරණය දෙන්නේ පිරිමින් ද?
කාන්තාවන් රට රැකියාවට ගියාවේ. ඒත් වහල් මෙහෙකාරකමට නැතිව. ඒකෙ ආදිනව දකින්න ඒ ගින හොයන්නම ඕනැ.
Deleteකාන්තාවන් මිලියන 1.6 ක් රට ගිහින් ; දිවයින පුවත් පත වාර්තා කරයි
ReplyDeleteකාන්තාවන් මිලියන 1.6 ක් රට ගිහින්ලු
උපයා දෙනවාලු මේ පිරිස
වසරකට රුපියල් බිලියන අටක පමණ
කාන්තාවන් විසින් කඹුරා මේ එවන මුදලින්
දියවන්නාවේ අයට තීරුබදු රහිත සුපිරි කාර්
පිස්සු කෙලින්නට ගසා කන්නට මුදල්
හෙජින් වගේ නාස්ති කරන්නට මුදල්
ඒ විතරක් නොවේ
අඹුව අරාබි දේශයට යවා
දහවල් කාලයේ කුසීතව වැතිර සිටින
කඩපිල් වල ඕපාදූප කතා කරමින් කාලය කන
හවසට කසිප්පු බොන සැමියන්ට
සැප ගන්න මුදල් එවන්නෙත් මොවුන් නොවේද ?
ඇත්ත. ඊටත් වඩා බොහෝ ව්‍යසන...
Deleteඑලුවගෙ වැටෙන්න ඕනෙ පුරුස ලින්ගෙ නෙමෙයි වෘෂණ කෝෂ...හබැයි ඔය දෙකෙන් එකක්වත් උපතින්ම පිහිටල නැති අපේ ආණ්ඩුව හිතයි බයි ඩිෆෝල්ට් එලුවටත් ඒව නෑ කියල....අන්තිමට මොකුත් නෑ........
ReplyDelete//අන්තිමට මොකුත් නෑ........//
Delete++++++++++
එතුමා කියන දේ ඇත්තටම කරයිද?
ReplyDeleteඔයවගේ දේවල් කොච්චර කිවුවද?
ඒකම තමයි ඔටුවත් කියන්නෙ. කිව්ව එකක්වත් කොරේ නැති එකේ මේක කොරයිද?
Deleteත්‍රිල් කතා විතරයි. ඒත් කිව්ව එකේ අපි සැරෙන් සැරේ මතක් කොරමු හිටං..