Pages

Saturday, 2 August 2014

මුතු දූපතේ ලංකාණ්ඩුවෙ නිලමෙට සුවය පතා බෝධි පූජාවක්........



බුදෙයියා පන්සලේ දායක ඇත්තොයි ඇත්තියොයි එකතු වෙලා මෙහෙම පුණ්‍ය කර්මයක් ඉෂ්ඨ සිද්ධ කිරීම හරිම අගෙයි.

සිරි ලංකා ආංඩුවෙන් පත් කොරල එවපු නිලමෙ ඇත්තො අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත වෙලා ඉන්දැද්දි මෙහෙම පිං අතේ වැඩක් හරිනං මුලින්ම සංවිධානය කොරන්න ඕනෙ පස්සෙන් වැටිල හිටිය උන්දැල වුණාට පංගුපේරු නැතිව මෙහෙමවත් එකමුතු වුණ එකම මදැයි.

හැබැයි ඉතිං නිලමෙතැන මෙහෙම අකරතැබ්බකට මූණ දීල ඉන්න බව ඔටුවත් දැනකියා ගත්තෙත් බෝධි පූජාව ගැන දුන්න පොරචාරෙන් තමයි ඕං.......
නිලමෙගෙ කන්තෝරුවෙ අන්තේවාසිකයො හරි පස්සෙන් ගිය ඇම්බැට්ටයො හරි මේව හංගන් ඉන්නෙ නැතුව කලින් දැනුවත් කළා නං මීටත් කළින් සුවය පතා සෙත් සාන්තියක් කොරන්න තිබුණෙ නැතෑ....





මේ ඉන්නෙ සහභාගි වෙච්චි ඇත්තන්ගෙන් 
කොටහක් විතරයි බොලල්ලා...

හැමෝම එක්කාසු වෙලා මේ නිලමෙ ඇත්තන්ට ඉක්මන් සුවය පතමු.

 ඉක්මනටම ආයෙම සිරි ලංකාණ්ඩුවෙන් පත් කොරපු රාජකාරි වැඩට බහින්න ඉඩ ලැබෙන්න කියල 
ප්‍රාර්ථනා කොරමු.


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

සමහරු අහනවා මේ නිලමෙලා නියම සත්පුරුෂයොද කියලා...

පහත ලින්කුව බැලුවම පෙනෙයි කාගෙ කාගෙත් පැටිකිරිය.

6 comments:

  1. ඔහුට සුවය පතමි.....
    හැබැයි ලෝකෙ ලංකා තානාපති ආයතන වල ඉන්න නිලධාරින් කියන එක බල්ලෙක්/බැල්ලියෙක් ගෙන් කිසිම සේවයක් ලංකා ජනතාවට නොවේ....
    ජපානයෙ විතරක් 3000 අධික පිරිසක් ඉන්නව ගුවන් බලපත්‍රය දිගු කර ගැනීමට නොහැකිව කලක සිටම......
    කෝල් කලාම පට්ට වේසියො දෙන්නෙක් බෝල පාස් කර ගන්නව...
    උන් උන්ගෙ බිස්නොස්.... අරව හැමෝගෙම නළලෙ ....
    මුන්ට සුවය පතන එකත් අපරාදයක් කියල හිතෙනව වෙලාවකට බං ....
    මේ කමෙන්ට් එක උඹට අපුලක් නම් මකල දාපං ..අවුලක් නැහැ මචං ...

    ReplyDelete
    Replies
    1. අපුලක් නං කොහෙත්ම නෑ බං....
      එහෙත් මෙහෙත් කොහෙත් අඩු වැඩි වශයෙන් වෙනසක් නෑ...
      ඔය තානාපති කාර්යාල වල කට්ටිය ජනතාවගෙ සල්ලි වලින් පඩිනඩි ලැබුවට වරප්‍රසාද ලැබුවට කොහොමත් හිතං ඉන්නෙ වෙන ලෝක වලින් පාත් වෙච්චි කට්ටියක් කියල තමයි.
      මේව තාවකාලික බැබලීම්. කොයි වෙලාවෙ ගහල යයිද දන්නෙ නැ බොලං.
      මොන ප්‍රශ්න තිබුණත් අසක්කුවකදි සුවය ප්‍රාර්ථනා කොරන එක අපේ ගති සිරිතක් නොවැ.

      Delete
    2. http://otukatha.blogspot.com/2014/04/blog-post_18.html

      බැලුවම පෙනෙයි කාගෙ කාගෙත් පැටිකිරිය.

      Delete
  2. ඉක්මන් සුව ලැබේවා..

    ReplyDelete
  3. සුදු මාමා02:20

    සනීප වෙලා ආවට පස්සෙවත් පිළිසරණ ඉල්ලං එන උදවියට විචිකිච්චාවක් නැතිව එන්න පුලුවන් තැනක් විදිහට නිලමෙගෙ ඔපීසිය වෙනස් කොරනවනං සෙතක් සිද්ධ වෙයි.
    නැත්තං ඉතිං අන්තෝ ජටා බහි ජටා.....

    ReplyDelete
  4. Anonymous22:11

    මහ නිලමෙ තුමාට ඔය කියන හාට් ඇටෑක් එක හැදෙන්න ඇත්තෙ එදා මුතු දූපතේ චාරිකාවකට ආපු රට කොරවන මහ රජ්ජුරුවන් වහන්සේ මහ සෙනග මැද්දෙ රවල බලපු අප්‍රබංස රැවිල්ලට වෙන්න ඇති. නිලමෙ ගොත ගගහා කරපු චාටර් කතාව මැද දෙපාරක්ම රජතුමා හොඳ හැටි ඔරවල බැලුව හැටි ටීවී එකෙත් පෙන්නුව.

    අමාරුවෙන් දාගත්ත ඇම්බසි එකට එක එක අරිට්ටකීවෙන්ඩුලාගේ කේලම් අහගෙන මිනිස්සුන්ගෙන් පළිගන්න නිලමෙ කෙනෙක් එයි කියල කිසි කෙනෙක් හිතුවෙ නෑ. නිලමෙ ඇවිත් ටික දවසකින්ම තමන් ආපු තානාපති රාජකාරිය ඇරෙන්න අනිත් සේරම කෙටවිලි ටික යසටම කලා. එකට හිටපු ලංකාවෙ මිනිස්සු සේරම කෙටවෙන විදියට එක එකාට වෙන වෙනම කේලම් කිව්වා. නිලමගෙ ඇඹේණිය වගේ වට්ටි අම්මලා පංචිකාවත්තෙත් ඉන්නව. ඒ නෝනාත් ඇවිත් ලංකර ගත්ත පත්තිනි අම්මලා සෙට් එකත් මරේ මරු නල්ල මලේ බඩු සැට් එක. නිලමෙගෙ උපදේසක සෙට් එකේ මුලින්ම හිටපු බත් කන හරක් කීප දෙනෙක් නිලමෙට සෙත් පතන්න එදා හරියට මහන්සි වුනා ඊටත් වඩා මහන්සි වුනා කට්ටිය මෙහෙම වැඩක් කරනව කියල පෙන්නන්න පොටෝ ටිකක් අරගන්න.
    කෝම උනත් නිලමෙ සනීප වෙලා ආවොත් ඉදිරියේදි හරි යහතින් අසනීපයක් නැතිව ඉන්න නම් මේ වන්දි බට්ට ගොට්ටන්ගෙන් ඈත් වෙලා එක එකා කොටවන්නෙ නැතිව ආපු රාජකාරිය කොර ගෙන හිටියෝත් නම් කාට කාටත් හොඳයි. නිලමෙ වෙනුවට රාජ කාරි කටයුතු බාර ගත්ත පංචිකාවත්තෙ අම්මන්ඩි තමන්ගෙ ගෙදර දොරේ කටයුතු බලා කියා ගෙන නියම වනිතාවක් හැටියට හිටියොත් ඊටත් වඩා හොඳටම හොඳයි.

    ReplyDelete