Pages

Tuesday, 16 September 2025

ජාතික කතෝලික සිනමා පර්ෂදයේ-OCIC



මාගේ චිත්රපට පිස්සුව වැඩිදියුණු කරන්න එක් උත්ප්රේරකයක් වුණේ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ-OCIC මගින් කළ චිත්රපට දර්ශන හා සිනමා පාඨමාලාව.

කොළඹ කොටුව මල්වත්ත පාරේ ශා. පාවුලු ගොඩනැගිල්ලේ තමයි විවිධ වැඩසටහන් පැවත්වුණේ. මා OCIC පාඨමාලාවට එක් වුණේ 1990 දී.

සෝමවීර සේනානායක, සුමිත්ත අමරසිංහ, ලෙස්ලි බොතේජු වැනි ප්රවීණයින්ගේ ඇසුර චිත්රපට ඇල්ම තවත් වැඩිදියුණු කළා.

කිසිදු ආගමික නැමියාවක් හෝ බලපෑමක් නොකළ මේ වැඩසටහන් එදා මෙහෙයවූයේ එහි ජාතික අධ්යක්ෂ බෙනඩික් ජෝෂප් පියතුමා. මේ සමඟ ඇති සහතිකයේ අත්සන එතුමාගේ සහ පාඨමාලා අධ්යක්ෂ, ප්රවීණ සිනමා කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහයන්ගේ.


දිවිසැරියෙන් සමුගත් එතුමන් කළ සේවය අගයන්න මේ අවස්ථාවක් කර ගන්නවා.

බෙනඩික්ට් ජෝශප් පියතුමන්ට සුවබර නින්දක් පතමි !

-සිතන්නා-

No comments:

Post a Comment