දින 100 පස්සෙ ඡන්දෙ එනවනෙ.
ඊටත් පස්සෙත් බඩු මිල වැඩි නොවේවා....!
සහන එලෙසම පවතීවා...!!
යහ පාලනය දිනේවා....!!!
රජයේ පඩි 10000 කින් නගී
* විශ්‍රාම වැටුපට 1000 ක් එක්වේ * පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත අරමුදල රුපියල් කෝටිය
දක්වා ඉහළට * සමෘද්ධියට රු. 2000ක් * රු. 4000/- ක මංගල තෑග්ගක්
* මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000ක්
* පාන් ගෙඩියක මිල රුපියල් හයකින් අඩු වේ.
* ජංගම දුරකතන සඳහා රීලෝඩ් කිරීමේදී අයකළ 25%
බද්ද ඉවත්කෙරේ * අනේවාසික විදේශ ගිණුම් වල පොලිය 5% ඉහලට * සිමෙන්ති මිල රුපියල් 90 න් පහළට.. * සීසී ධාරිතාව 1000ට අඩුවාහන සඳහා 15%ක බදු
අඩුකිරීමක්. ගෙන්වන වාහන සඳහා ක්ෂයවීමේ
බද්ද ඉවත් කරයි. * මෝටර් වාහන එක්ලස් කරන සමාගම් මෙතෙක්
නොගෙවූ බඳු අයකිරිමට යෝජනා.
මිලියන 12000ක ආදායමක් අපෙක්ෂිතය. -* විදේශ සේවකයන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව
5000 දක්වා අඩු කෙරේ * Credit Card මගින් ගන්නා ණය මුදල් සඳහා
උපරිම පොළී අනුපාතය 8% දක්වා අඩු කෙරේ * ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා බස්ගාස්තු 50%කින්
අඩුකෙරේ. * ධීවරයින්ට රුපියල් මිලියනයක ජීවන රක්ෂණ
ක්‍රමයක්. * ආබාධිත රණවිරුවන්ට විරු දිරිය නමින් ලක්ෂ පහක
උපරිමයකට අයත් ණයක් * විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000
දක්වා අඩු කෙරේ
* ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක්
* වී සඳහා රු. 50ක සහතික මිලක් -* නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී
රු. 10කින් ඉහළ දැමේ
රජයේ සේවකයන්ට පෙබරවාරි මස සිට
රුපියල් පන්දහසකින් සහ ජුනි මස සිට තවත්
රුපියල් පන්දහසකින් ලෙස
රුපියල් දස දහසක වැටුප් වැඩි කෙරේ.
පුද්ගලික අංශයේ සේවක වැටුප ද මාසිකව
රුපියල් 2500 කින් ඉහළ දමන ලෙසට
හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටී.
පසුගිය අයවැයේදී ඉහළ දැමූ දීමනාවට අමතරව
විශ්‍රාමිකයනට තවත් රුපියල් දහසක
මාසික වැඩිවීමක් ලබා දේ.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් ද,
කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් හැට එකකින්ද,
රෝගීන් සඳහා ලබා දෙන සස්ටජන් කිරිපිටි
ග්‍රෑම් 400 ක් රුපියල් 100 කින් ද අඩු කෙරේ.
තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 12.50 කින්
අඩු කරන අතර
ඒ අනුව පාන් රාත්තලක් රුපියල් හයකින් අඩු කිරීමට
යෝජනා කෙරේ.
සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් දහයකින් ද
මුං ඇට කිලෝවක් රුපියල් 10 කින්,
හාල්මැස්සන් කිලෝවක් රුපියල් 15 කින් සහ
භූමිතෙල් ලීටරයක් රුපියල් හයකින් ද,
ටින් මාළු රුපියල් 60 කින්ද උම්බලකඩ කිලෝවක්
රුපියල් 200 කින් ද,
මිරිස් කුඩු කිලෝවක් රුපියල් 25 කින් ද
අඩු කිරීම ඉමහත් සහනයකි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂ දහයක් වූ
බැංකු තැන්පතුවලට සියයට 15 ක පොලියක් සහ
ගැබිනි මවුවරුන්ට රුපියල් 20,000 ක
දීමනාවක් ද ලබා දීමට යෝජනා කෙරිණි.
ගොවීන් විසින් බැංකුවට ගෙවීමට ඇති
රුපියල් ලක්ෂයක ණය මුදල සියයට 50 කින්
කපා දමන බවද, ගොවීන්ට අඩු මිලට අත් ට්‍රැක්ටර්
ලබාදී පොහොර සහනාධාරය ද අඛණ්ඩව
ලබා දෙන බවද,
දැයට කිරුළ ප්‍රදර්ශනය නතර කර
විමධ්‍යගත අරමුදල් යටතේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබා දෙන මුදල
රුපියල් ලක්ෂ 50 සිට රුපියල් කෝටිය දක්වා
ඉහළ දමන බවද ප්රකාශිතය.
යහ පාලනය දිනේවා....!!!
කොහොමත් බඩ කට පිරෙව්වම
රටට හෙණ ගැහුවත් ගණන් ගන්නෙ නැති ජාතියෙ
මිනිස්සුනෙ ඡන්ද කොරමෙට පාලකයො
පත් කොර ගන්න පටන් ගත්ත දවසෙ ඉඳන්ම
සිරිලංකාවෙ ඉන්නෙ......
අනෙක් ඒව අඩු කළා වගේ
මිලත් වහා පහත හෙළනු.....!!!
|
- සෙරන්ඩිබ් ඔටුවා |
|
//කොහොමත් බඩ කට පිරෙව්වම
ReplyDeleteරටට හෙණ ගැහුවත් ගණන් ගන්නෙ නැති ජාතියෙ//
පාලකයිනි, අකුණු සන්නායක මිල අඩු කරනු!
මීට හෙනහුරා
ඇයි පුන්නක්කු මිල ........එකේ බද්දත් අයින් කරානම් ..........
ReplyDeleteජාතික අහරේ මිල පහත හෙලනු ......
ඇයි පුන්නක්කු මිල ........එකේ බද්දත් අයින් කරානම් ..........
ReplyDeleteජාතික අහරේ මිල පහත හෙලනු ......