සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික
කාන්තාවගේ දඬුවම ලිහිල් කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් දක්වා ලිහිල්
කිරීමටද එරට අධිකරණය තීරණය කර ඇති බව විදේශ කටයුතු
අමාත්‍යංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්
සලකා බලා සෞදි බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බවද
නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත
සඳහන් කළේය.
මෙම ශ්‍රී ලාංකික කාන්තාව මරණ දඬුවමින් ගලවා ගැනීම සඳහා ශ්‍රී
ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
දිගින් දිගටම සෞදි බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින්
නිරන්තර ප්‍රයත්නයක නිරත වූ බවත් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා
මෙහිදී සඳහන් කළේය.
මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට ලැබි ඇති ජීවිතාන්තය
දක්වා වූ සිරදඬුවමද තවදුරටත් ලිහිල් කර ගැනීමට උත්සාහ කරන බව ද
විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
අනියම් සබඳතාවක් පැවැත්වීම යන චෝදනාව යටතේ වරදකරුවූ මෙම
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට පසුගියදා සෞදි අධිකරණය විසින් ගල් ගසා
මරා දැමීමේ දඬුවම නියම කරන ලදී.
+++++++++++++++++++++++++++++++
මෑතකදි ලැබුණ හිත පිනා යන ආරංචිය බොලල්ලා...
වැඩේ අවතක්සේරු කරනව හෙම නොවෙයි ඕං....
තැන් තැන් වලින් මෙරු මතු වෙන්නැහෙ ආව ජනතා
ජනතා විරෝධතා නොවෙන්නට නෝනල ඇහැ කන
පිහං ඉන්නවට මෙන්න කැට.
යම් තරමකින් හරි බ්ලොග්කාරයො ටිකත් අත
ඇරියෙම නෑ....
ඒකත් පුංචි හරි තල්ලුවක් දෙන්න ඇති.
+++++++++++++++++++++++++++++
හැබැයි ඉතිං අඩුම තරමින් සෞදිය වගේ මිනීමරු
රටතටවත් අපේ කාන්තාවන් වහල් සේවෙට යවන
එක, යවල උන්දැලාගෙ සල්ලි වලින් හිරිකිතයක්
ලැජ්ජාවක් නැතිව ජෝගි නටන එක නවත්තන්න
තලතා නෝනට කොන්ද පණ තිබුණොත් නෝනත්
ගොඩ...අහිංසකයොත් ගොඩ...
-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා
අැත්තට ම සතුටක් දැනෙන පණිවුඩයක් ඔටුවෝ.......... ස්තූතිය උන්ට ලැබිය යුතුයි...... කුහකකං නැතුව දීලා දාමු.... ජයවේවා
ReplyDeleteදීලා දාමු කුරුටු....අතිං පයිං යනව කියලයැ.
Deleteදඩුවම ලිහිල් උන එක හොදයි, ඒත් මේ වැරදි නොකර ඉන්නවනම් ගොඩක් හොදයි.
ReplyDeleteතමන් කැමති අනෙක් ලිංගික පාර්ශවය එක්ක දොයිය ගන්න එක මරන්න වැරැද්දක්ද අප්පා. කොහොම වෙතත සත්‍රියට විතරක් ගල් ගහල මරණ එක ගැන මොකද හිතෙන්නෙ.
Deleteගෑනුට තියෙන පස්නයක් නෑ,.ඔය යවන එක අර ඉන්සුවරන්ස් වගේ ජොබ් එකක් දැන් සමහර පැතිවල..මිනිස්සු මවල කතාන්දර කියල ගෘහ පාලිකාවො කියලයි යවන්නෙ..එක කෑල්ලට ලක්ෂයක් ලැබෙනවාලු යැව්වාම...
ReplyDeleteඉස්සෙල්ල ඕ ඒජන්සි කාරයින්ට ලැබෙන ගාන මට්ටුකරන්න සහ උන්ට රිදෙන්න මොකක් හරි ටැක්ස් එකක් ගහන්න ඕනි යන කෑල්ලකට..ඒ ටැක්ස් එක සෞදිය වගේජරා රටවල් වෙනුවෙන් වැඩි කලානම හරි ..
ඇයි සෞදිය වගේ ජරා රටකට යන එක නවත්තන්න බැරි කියලයි ඔටුව අහන්නෙ...දැන දැනම.
Delete