දේශපාලනය හා ඊට සම්බන්ධ රංගධරයන්ගේ ආගමනය කියන මාතෘකාව ඇත්තටම හරිම
සීරියස්නෙ. එහෙමනෙ වෙන්න ඕනෙ. ඒත් අද අමුම අමු ගොංපාට් එකක් වෙලා තියෙන්නෙත් ඔය
මාතෘකාවමනෙ.
රංගධරයන් කිව්වම ටිකක්
සීරියස් ගතිය වැඩි නිසා “තරු“ කියල දාන්න ඕනෙ කියල ඔටුවා හිතුවෙ ඔටුකතාව ඒ තරම්ම
සීරියස් කරන්න ඕනේ නැති නිසයි.
තිරයේ පායන තරු
සිරිලංකාවේ දේශපානයට සම්බන්ධ වෙන්න පටන් අරං බොහොම කල්.
ලංකාව වගේ දුප්පත් කොදෙව්
මානසිකත්වයක් තියෙන රටක විතරක් නොවෙයි, දියුණුවේ හිනිපෙත්තටම ගියාය කියන අමෙරිකාවේ
වගේම ලංකාවේ ලොකු අයියාගේ භූමිකාව රඟ දක්වන
අසල්වැසි ඉන්දියාව වගේ ලෝක පූජිත රටවල පවා ඡන්ද ව්‍යාපාර වලට තරු කඩා හැලෙනවා.
ආර්නෝල්ඩ්ලා, රේගන්ලාගෙන්
පටන් ගත්තාම එම්. ජී. ආර්. ලා, ජයලලිතලාගෙන් විතරක් නොවෙයි ගාමිණිලා, විජේලා පවා
දේශපාලන පොරපිටියට ආව බව ඉතිහාසය මතක තියෙන අයට අමතක වෙන්න තරම් කාරණයක් නෙමෙයි ඕං.
අපේ සිරිලංකාව ගැන
කෙලින්ම කතා කළොත් මාලනී, ගීතා, රවීන්ද්‍ර, සනත්, රංජන් වගේ සුපිරි තරු පාර්ලිමේන්තුවට,
පළාත්සභාවලට ආවා ගියා නොවෙන්නං.
දැන් ඔය ජීවන්, රොජර්,
රෝසි, උපේක්ෂා, රොඩ්නි, අනර්කලී වගේ අය යස අගේට වැජඹෙන්නේ තවමත්. මේ ගොල්ලෝ ඡන්ද
හිඟමනේ ආවත් ජාතික ලැයිස්තුවෙන් පත් වුණත් මෙච්චර කාලයකට කවුරුවත් හා හූ ගෑවේ
නැහැනේ.
ඒත් බලන්න එපැයි මේ ඊයේ
පෙරේදා අන්තර් ජංජාලයේ විතරක් නොවෙයි පත්තර කඩමාලුවල පවා ප්‍රධාන මාතෘකාව වෙලා
තියෙන්නේ දේශපාලනයට තරු පායන එක ගැනනේ.
තරු කිව්වට ඉතිං නිළියන්
දේශපාලන පොර පිටියට එන එක තැන තමයි කට්ටියට වැඩියෙන්ම ඇම්ම හැදිලා තියෙන්නෙ.
රංජන්, ජීවන්, රෝජර්,
ලාල් වගේ අය පිණුම් ගහන තැනට එන්න දඟලන යසස්, බෙනරගම, නලින් ප්‍රදීප් වගේ තරු
ආගමනය ගැන වචනයක්වත් නොදොඩන සෙට් එක මාලනි, ගීතා, රෝසි, අනර්කලී, උපේක්ෂා අඟර දඟර
දාන තැනට එන්න දඟලන නදීශා, රුවන්ති, ගයේෂා වාගේ තාරුකා වලට එරෙහිව හරිම අසික්ෂිත
මඩ ප්‍රහාර පටන් ගත්ත එක ගැන ඔටුවට තියෙන්නෙ වස ලැජ්ජාවක්.
පිරිමි පාර්ශවය විතරක්
නොවෙයි කාන්තා පාර්ශවය පවා මේ නිළියන්ව හඳුන්වන්න තිරිසනුන්ගේ නම් ගාව ගත්ත එක නම්
හරම පහත් වැඩක්.
ගොනා කියන වචනෙ කීප
ආකාරයට අර්ථ ගැන්වෙනවා. එකක් තමයි තිරිසන් සතෙක් වන හරකට කියන තව නමක් විදියට. ඒ
වගේම මරි මෝඩ, තකතීරු වැඩ කරන එකත් ගොං වැඩ විදියටයි හඳුන්වන්නේ. ගොංකතා, ගොං
හැසිරීම, ගොං වැඩ වගේ වර නගන්න පුළුවන් වන්නේ ඒ නිසයි.
අනෙක් ගොනා තමයි ගණිකාව.
ලෝකයේ ඉපැරිණිම රස්සාව කියල කියන ගණිකා වෘත්තිය දිහාවේ ඔටුවා බලන්නේ වෙනම ඇහැකින්.
ඔටු ඇහැකින්.
ඔය පත්තිනි අම්මල වගේ මහ
ලොකුවට සදාචාරය, සභ්‍යත්වය, පතිදම් රැකීම ගැන කෑගහන කාන්තාවෝ තම තමන්ගෙ හිත් ඇතුළට
කිඳා බැහැලා හොයා බැලුවොත් හොඳයි තමන්ටත් නොදැනීම පුංචි ඊරිසියාවක් මතු වෙන්නේ
නැද්ද කියල.
ඔටුවට තියෙන ප්‍රශ්නේ මේ
අලුත් පරම්පරාවේ නිළියන්ට ගොනාය කියල වේසිකමේ ගිය බවට සහතික දෙන පතිනියෝ ඒ වැඩේ
කොරොන කොට පාන අල්ලන් හිටියද කියන එකයි.
මාලනීට, ගීතාට, රෝසිට, උපේක්ෂාට නොදුන්
අවලම් නම්බු නාමයක් මේ අලුත් කට්ටියට දෙන්න ඉක්මන් වෙන්නෙ ඇයි?
මේකට හේතුව විදියට ඔටුවට
දැනෙන්නෙ තම තමන්ගේ හිත් ඇතුළේ තියෙන ජාගර හැඟීම් විදියටයි.
මෙතන කිසිම ආකාරයක යහපත්
දේශපාලනයක් ගැන උවමනාවක් තියෙනවා කියල කොහොමද හිතන්නද ආයුබොං.
එහෙම උවමනාවක් තියේ නං
කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, මංකොල්ලකාරයෝ, පගා මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, පිංපියෝ ඡන්දේ ඉල්ලද්දි ඇහැ කන පියාගෙන ඉන්නව විතරක්
නොවෙයි මල්මාලා දාලා කරේ තියාගෙන යන්නේ මොටද බොලං.
අන්තර්ජංජාලෙට පැනල කෑ
ගහපල්ලකෝ මුං අපිට එපා.... මුං තිරිසන්නු, වසලයෝ, පිංපියෝ, දූෂකයෝ කියල.
ඒවට කටපුක වහගෙන ඉඳල මේ
සරුව පිත්තල සරුවාංග දැක්කම කට්ටියගේ අවයව නලියන්න ගන්නවද මන්දා.
කාන්තා පාර්ශවය
යටි හිතින් හිතනවා ඇති ‘අපොයි මේ සුකුරුත්තන් ටික තනෙයි පුකයි බාගෙට පෙන්නගෙන
ඉන්න කොට අපේ ගෙදර එකාලා වහ වැටිල පස්සෙන් ගිහින් ඡන්දෙ දෙයි‘ කියල. අඩුම තරමින්
පෝස්ටර් දිහාවේ බලාගෙන හිතින්වත් රමණයෙ යෙදෙයි කියල.
පුරුස පාර්ශවයට හිතෙනව ඇත්තෙ
මුංට ඡන්දෙ දීලා මක්කොරන්නද. අපිට නං නිය
පොත්තෙ ගෑවෙන්න ළංවෙන්නවත් පුළුවන්ද මේ ශරීර කූඩුවලට කියල.
ඉතිං දෙගොල්ලොම එක්කාසු
වෙලා මේ අංගනාවෝ තමන් රංගනයේ යෙදෙද්දී පෙන්නපු ශරීර අවයව කොටස් අන්තර්ජංජාලයේ ප්‍රදර්ශනය
කරමින් ගොන්නු කිය කියා කෑ ගහනවා.
ඔටුවට නම් කිසිම
උවමනාවක් නැහැ ඕං..... මේ තරු පෙරහැර පාර්තුමේන්තුවට පළාත් සභා වලට යවන්න.
මේ
ගොල්ලො ගිහිල්ලත් කොරොන මඟුලක් නැති බවට මෙන්න කැට!
ඔවා තමන්ගේ ජනප්‍රියත්වෙ
යොදාගෙන සිවිල් බලයක් හදා ගන්න නටන නරි නාටක විතරයි.
හැබැයි පුතෝ ඔය
සමාජ විරෝධි වැඩ කොරොන දූෂිතයෝ පළාත් සභා වලට එවනවට වඩා මේ තාරුකා ටික දින්නොත්
සමාජයට ඇතිවන හානිය අඩුයි කියලයි ඔටු මොළයට වැටහෙන්නේ.
එහෙම වුණොත් අඩුම
තරමින් ඔය සමාජ විරෝධි වැඩ කරන අමනයෝ ටික වත් හැලිලා නොයාවියැ.
කොහොමත් මොකා
ඔතෙන්ට ගියත් කොරංඩ පුළුවන් කෙංගෙඩියක් ඇතෑ.
ලක්ෂ කෝටි ගණන් ප්රචාරයට වියදම් කළාම
බලයට ආවට පස්සේ ඡන්දෙට වියදම් කරපු එවුන්ට ක්රොන්තරාත් අරං දීලා ගාණක් යටි මඩි ගහගන්න
උදව් කරන එකනෙ ඉතිං කොරන්න වෙන්නෙ.
ඔය එකෙක්වත්
එන්නේ රටට ආදරයට නෙමෙයි වගේම ඡන්දදායකයෝ ඡන්දය දෙන්නෙත් රටට ආදරයට නොවෙයි බොලල්ලා.
ඉතිං එහෙම එකේ මේ
නිළියන්ට කුණුහරුප කතා කියන එකාලගෙ ඔලු ගෙඩි ඊට වඩා කුණුහරුප වලින් පිරිල කියල
කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද ඕං.
සෙස්ස පස්සට ෴
 |
- සෙරන්ඩිබ් ඔටුවා
|
පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න හිතන ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව තොරතුරු එවන අය ගැන එළිදරව් කරන්නෙ නෑමයි ඕං