Pages

Thursday, 20 February 2014

ඔටු රටවල් වලත් රෙදි නොවැ ඔය ගැලවෙන්නේ.....

(http://www.boondi.lk වෙබ් අඩවියෙන් උදුරා ගත්තේ  
ඔටුරටවලට දුක් විඳින අපේම සහෝදරියන්ගේ 
ඛේදවාචකයක් ගැන ලියැවුණ අර්ථවත් පබැඳුමක් හින්දයි ඕං.......)


සවුදිවල (මිය)ගිය බිරිඳගෙන් සැමියාට


මහත්තයො හවසට හැමදාම බොනවාද

ලොකු දුවගෙ තනියට අම්මාවත් එනවාද


මද්දුමී දඟ ඇති ඉස්කෝලේ යනවාද


මගේ ගැනත් ඉඳහිට නිකන් හරි ඇහුවාද




වහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවද


මැටි ගඩොල් බිත්තිය පෙඳ පාසි කනවාද


අරගත්තු ණයවල වැල් පොලිය ආවාද


අනේ මට බැරි වෙයි සමාවක් දෙනවාද




තුන්වේල නැතිවත් හිනැහිච්ච හවසට


රණ්ඩුවක් තිබුනත් එක රැයයි දවසට


නගිනකොට පොල් ගස් බලාගෙන හෙමිහිට


මම ඉතිං මැරුණත් ආදරෙයි හරියට




සවුදියේ අහසට පෝය හඳ පෙනුනට


බුදුපිලිමේ හංගන් හොරෙන් මං වැන්දාට


දන්නේ නැහැ දෙයියොත් නැතිවදෝ මේ රට


එන්නේ නැහැ පිහිටට අනේ මගේ කරුමෙට




පොලු වලින් ගැහුවත් හිතුවේ මං අපි ගැන


පුච්චද්දි අත පය හිතුවේ මම ණය ගැන


සමහරක් දවසට ගහනකොට ලොකු ඇණ


මං දන්නේ නැතුවම යන්න ඇති මගේ පණ


ජනිත් විතාරණගේ ලියපු කවියක් 

සෙස්ස පස්සට ෴ 
- සෙරන්ඩිබ් ඔටුවා  







පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න 
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නෑමයි ...ඕං.....



Friday, 14 February 2014

තන පුක දැක නිළියන්නේ.....අනේ අපොයි නළියන්නේ.....

දේශපාලනය හා ඊට සම්බන්ධ රංගධරයන්ගේ ආගමනය කියන මාතෘකාව ඇත්තටම හරිම සීරියස්නෙ. එහෙමනෙ වෙන්න ඕනෙ. ඒත් අද අමුම අමු ගොංපාට් එකක් වෙලා තියෙන්නෙත් ඔය මාතෘකාවමනෙ.

රංගධරයන් කිව්වම ටිකක් සීරියස් ගතිය වැඩි නිසා “තරු“ කියල දාන්න ඕනෙ කියල ඔටුවා හිතුවෙ ඔටුකතාව ඒ තරම්ම සීරියස් කරන්න ඕනේ නැති නිසයි.

තිරයේ පායන තරු සිරිලංකාවේ දේශපානයට සම්බන්ධ වෙන්න පටන් අරං බොහොම කල්.

ලංකාව වගේ දුප්පත් කොදෙව් මානසිකත්වයක් තියෙන රටක විතරක් නොවෙයි, දියුණුවේ හිනිපෙත්තටම ගියාය කියන අමෙරිකාවේ  වගේම ලංකාවේ ලොකු අයියාගේ භූමිකාව රඟ දක්වන අසල්වැසි ඉන්දියාව වගේ ලෝක පූජිත රටවල පවා ඡන්ද ව්‍යාපාර වලට තරු කඩා හැලෙනවා.

ආර්නෝල්ඩ්ලා, රේගන්ලාගෙන් පටන් ගත්තාම එම්. ජී. ආර්. ලා, ජයලලිතලාගෙන් විතරක් නොවෙයි ගාමිණිලා, විජේලා පවා දේශපාලන පොරපිටියට ආව බව ඉතිහාසය මතක තියෙන අයට අමතක වෙන්න තරම් කාරණයක් නෙමෙයි ඕං.

අපේ සිරිලංකාව ගැන කෙලින්ම කතා කළොත් මාලනී, ගීතා, රවීන්ද්‍ර, සනත්, රංජන් වගේ සුපිරි තරු පාර්ලිමේන්තුවට, පළාත්සභාවලට ආවා ගියා නොවෙන්නං.

දැන් ඔය ජීවන්, රොජර්, රෝසි, උපේක්ෂා, රොඩ්නි, අනර්කලී වගේ අය යස අගේට වැජඹෙන්නේ තවමත්. මේ ගොල්ලෝ ඡන්ද හිඟමනේ ආවත් ජාතික ලැයිස්තුවෙන් පත් වුණත් මෙච්චර කාලයකට කවුරුවත් හා හූ ගෑවේ නැහැනේ.

ඒත් බලන්න එපැයි මේ ඊයේ පෙරේදා අන්තර් ජංජාලයේ විතරක් නොවෙයි පත්තර කඩමාලුවල පවා ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ දේශපාලනයට තරු පායන එක ගැනනේ.

තරු කිව්වට ඉතිං නිළියන් දේශපාලන පොර පිටියට එන එක තැන තමයි කට්ටියට වැඩියෙන්ම ඇම්ම හැදිලා තියෙන්නෙ.

රංජන්, ජීවන්, රෝජර්, ලාල් වගේ අය පිණුම් ගහන තැනට එන්න දඟලන යසස්, බෙනරගම, නලින් ප්‍රදීප් වගේ තරු ආගමනය ගැන වචනයක්වත් නොදොඩන සෙට් එක මාලනි, ගීතා, රෝසි, අනර්කලී, උපේක්ෂා අඟර දඟර දාන තැනට එන්න දඟලන නදීශා, රුවන්ති, ගයේෂා වාගේ තාරුකා වලට එරෙහිව හරිම අසික්ෂිත මඩ ප්‍රහාර පටන් ගත්ත එක ගැන ඔටුවට තියෙන්නෙ වස ලැජ්ජාවක්.

පිරිමි පාර්ශවය විතරක් නොවෙයි කාන්තා පාර්ශවය පවා මේ නිළියන්ව හඳුන්වන්න තිරිසනුන්ගේ නම් ගාව ගත්ත එක නම් හරම පහත් වැඩක්.

ගොනා කියන වචනෙ කීප ආකාරයට අර්ථ ගැන්වෙනවා. එකක් තමයි තිරිසන් සතෙක් වන හරකට කියන තව නමක් විදියට. ඒ වගේම මරි මෝඩ, තකතීරු වැඩ කරන එකත් ගොං වැඩ විදියටයි හඳුන්වන්නේ. ගොංකතා, ගොං හැසිරීම, ගොං වැඩ වගේ වර නගන්න පුළුවන් වන්නේ ඒ නිසයි.

අනෙක් ගොනා තමයි ගණිකාව. ලෝකයේ ඉපැරිණිම රස්සාව කියල කියන ගණිකා වෘත්තිය දිහාවේ ඔටුවා බලන්නේ වෙනම ඇහැකින්. ඔටු ඇහැකින්.

ඔය පත්තිනි අම්මල වගේ මහ ලොකුවට සදාචාරය, සභ්‍යත්වය, පතිදම් රැකීම ගැන කෑගහන කාන්තාවෝ තම තමන්ගෙ හිත් ඇතුළට කිඳා බැහැලා හොයා බැලුවොත් හොඳයි තමන්ටත් නොදැනීම පුංචි ඊරිසියාවක් මතු වෙන්නේ නැද්ද කියල.

ඔටුවට තියෙන ප්‍රශ්නේ මේ අලුත් පරම්පරාවේ නිළියන්ට ගොනාය කියල වේසිකමේ ගිය බවට සහතික දෙන පතිනියෝ ඒ වැඩේ කොරොන කොට පාන අල්ලන් හිටියද කියන එකයි.

මාලනීට, ගීතාට, රෝසිට, උපේක්ෂාට නොදුන් අවලම් නම්බු නාමයක් මේ අලුත් කට්ටියට දෙන්න ඉක්මන් වෙන්නෙ ඇයි?

මේකට හේතුව විදියට ඔටුවට දැනෙන්නෙ තම තමන්ගේ හිත් ඇතුළේ තියෙන ජාගර හැඟීම් විදියටයි. 

මෙතන කිසිම ආකාරයක යහපත් දේශපාලනයක් ගැන උවමනාවක් තියෙනවා කියල කොහොමද හිතන්නද ආයුබොං.

එහෙම උවමනාවක් තියේ නං කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, මංකොල්ලකාරයෝ, පගා මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, පිංපියෝ  ඡන්දේ ඉල්ලද්දි ඇහැ කන පියාගෙන ඉන්නව විතරක් නොවෙයි මල්මාලා දාලා කරේ තියාගෙන යන්නේ මොටද බොලං.

අන්තර්ජංජාලෙට පැනල කෑ ගහපල්ලකෝ මුං අපිට එපා.... මුං තිරිසන්නු, වසලයෝ, පිංපියෝ, දූෂකයෝ කියල.

ඒවට කටපුක වහගෙන ඉඳල මේ සරුව පිත්තල සරුවාංග දැක්කම කට්ටියගේ අවයව නලියන්න ගන්නවද මන්දා.

 කාන්තා පාර්ශවය යටි හිතින් හිතනවා ඇති ‘අපොයි මේ සුකුරුත්තන් ටික තනෙයි පුකයි බාගෙට පෙන්නගෙන ඉන්න කොට අපේ ගෙදර එකාලා වහ වැටිල පස්සෙන් ගිහින් ඡන්දෙ දෙයි‘ කියල. අඩුම තරමින් පෝස්ටර් දිහාවේ බලාගෙන හිතින්වත් රමණයෙ යෙදෙයි කියල.

පුරුස පාර්ශවයට හිතෙනව ඇත්තෙ මුංට ඡන්දෙ දීලා මක්කොරන්නද. අපිට නං  නිය පොත්තෙ ගෑවෙන්න ළංවෙන්නවත් පුළුවන්ද මේ ශරීර කූඩුවලට කියල.

ඉතිං දෙගොල්ලොම එක්කාසු වෙලා මේ අංගනාවෝ තමන් රංගනයේ යෙදෙද්දී පෙන්නපු ශරීර අවයව කොටස් අන්තර්ජංජාලයේ ප්‍රදර්ශනය කරමින් ගොන්නු කිය කියා කෑ ගහනවා.

ඔටුවට නම් කිසිම උවමනාවක් නැහැ ඕං..... මේ තරු පෙරහැර පාර්තුමේන්තුවට පළාත් සභා වලට යවන්න. 

මේ ගොල්ලො ගිහිල්ලත් කොරොන මඟුලක් නැති බවට මෙන්න කැට!

ඔවා තමන්ගේ ජනප්‍රියත්වෙ යොදාගෙන සිවිල් බලයක් හදා ගන්න නටන නරි නාටක විතරයි.

හැබැයි පුතෝ ඔය සමාජ විරෝධි වැඩ කොරොන දූෂිතයෝ පළාත් සභා වලට එවනවට වඩා මේ තාරුකා ටික දින්නොත් සමාජයට ඇතිවන හානිය අඩුයි කියලයි ඔටු මොළයට වැටහෙන්නේ.

එහෙම වුණොත් අඩුම තරමින් ඔය සමාජ විරෝධි වැඩ කරන අමනයෝ ටික වත් හැලිලා නොයාවියැ.

කොහොමත් මොකා ඔතෙන්ට ගියත් කොරංඩ පුළුවන් කෙංගෙඩියක් ඇතෑ. 

ලක්ෂ කෝටි ගණන් ප්‍රචාරයට වියදම් කළාම බලයට ආවට පස්සේ ඡන්දෙට වියදම් කරපු එවුන්ට ක්‍රොන්තරාත් අරං දීලා ගාණක් යටි මඩි ගහගන්න උදව් කරන එකනෙ ඉතිං කොරන්න වෙන්නෙ.

ඔය එකෙක්වත් එන්නේ රටට ආදරයට නෙමෙයි වගේම ඡන්දදායකයෝ ඡන්දය දෙන්නෙත් රටට ආදරයට නොවෙයි බොලල්ලා.


ඉතිං එහෙම එකේ මේ නිළියන්ට කුණුහරුප කතා කියන එකාලගෙ ඔලු ගෙඩි ඊට වඩා කුණුහරුප වලින් පිරිල කියල කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද ඕං. 




සෙස්ස පස්සට ෴ 
- සෙරන්ඩිබ් ඔටුවා  







පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න හිතන ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන එළිදරව් කරන්නෙ නෑමයි ඕං




Tuesday, 11 February 2014

අනාගත ඔටුකතාවකට ඌනපූර්ණයක්






සහන සංගීත සංධ්වනිය

ආදර්ශවත් සමාජ සත්කාරයක්

ඩුබායිහිදී................






මේ ගමන්ම නන්දාක්කාවත් වික්ටර් අයියාවත් වාලුකා කාන්තාරෙ 

අනෙක් ඔටු රටවලටත් ගෙන්න ගෙන ගති ෂෝ එකක් කරල ...... 

චොකා බයිලකාරයන්ට චූ යන්න ටොක්කක්...........

අනින්න තිබුණ නං ඉතිං.. සෙරන්ඩිබ් ඔටුවට ඊට වඩා දෙයක් නෑ 

ඕං..........





සෙස්ස පස්සට ෴ 
- සෙරන්ඩිබ් ඔටුවා  











Friday, 7 February 2014

ඇස් ගෙඩි දෙකට හෙන ගහලද රට්ටුන්නේ......(නිදහස ගැන තවදුරටත්)



මෙවර ඔටු කතාව නං ඕං වාලුකා කාන්තාරයෙන් ඔබ්බටයි. සෙරන්ඩිබ් ඔටුවා උපන් දේශය වෙතටයි.

ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියල උජාරුවෙන් ඔජදාන “ශ්‍රී ලංකාව“ ට ග්‍රීකයන් දුන්නු නම “තැප්‍රොබේන්“.

‘මැණික් පවතින දේශය‘ කියන තේරුම තියෙන “සෙරන්ඩිබ්“ නාමයෙන් මේ දේශය හැඳින්නුවේ ඔටු රටකින් ආ ඉබන් බතූතලා.

කාලෙන් කාලෙට “ තම්බපණ්ණි දේශය“, “ඉලන්කෛ“, “සෙලාන්“, “සිලෝන්“ කියලා මේ දේශය නම් කෙරුණා. 

යටත් විජිත යුගයේ මේ දේශය හැඳින්වුණේ “සිලෝන්“ කියලයි .

පරසතුරු උවදුරු වලට විටින් විට ලක් වූණ ලංකා දේශය සැබෑ නිදහස ලැබුවේ කවදාදැයි කියන එක නම් විවාදාත්මත කරුණක්. ඒ ගැනයි ඔටුවා අද කතා කොරන්න හදන්නෙ.

ශ්‍රී ලාංකිකයින් 1948 පෙබරවාරි 4 වෙනිදා බ්‍රිතාන්‍යයන්ගෙන් ලබපු ඩොමීනියන් නිදහස සැබෑ නිදහසක් විදියට අර්ථ නිරූපණය කරනවනෙ. 66 වන නිදහස් සමරුව වෙනුවෙන් දේශයේ මෙන්ම විදේශයේත් සමරු උත්සව පැවැත්වුණා. ඔටු රටවල පවා...........

මෙතෙක් කලක් රට කරවපු හැම නායක නායිකාවක්ම පෙබරවාරි හතර නිදහස් දිනය විදියට සලකන්න වග බලා ගත්තා. කොටින්ම “ලංකාව“ වෙනුවට “ශ්‍රී ලංකාව“ කියල  බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වෙලා ස්වාධීන ස්වෛරී ජන රජයක් බවට මේ රට 1972 මැයි 22 දා පත් කරගත්තු හැත්තෑවේ ආණ්ඩුව පවා පෙබරවාරි හතරෙන් නිදහස් වුණේ නම් නැහැ.

ඒ වෙනකම්ම ලංකාවේ නායකයා විදියට සැලකුවේ බ්‍රිතාන්‍යයේ මහ රජ්ජුරුවෝ නැත්නං මහ රැජන. ඒ කාලේ භාවිතා කොරපු සල්ලි වලත් දකින්ට තිබුණේ රැජනගේ ඔටුන්නේ ලාංඡනය තමයි. ලංකාවේ හමුදා ධජවල සටහන් වුණෙත් රැජනගේ ඔටුන්නයි. උසාවිවල දිවුරුම් දුන්නෙත් රැජනට පක්ෂපාත බවටයි ඕං.

1948 දී කූප්‍රකට නිදහස ලැබුණට පස්සෙ ලංකා ආණ්ඩුකාරවරයා පත් කොරෙත් බ්‍රිතාන්‍ය මහ රැජනමයි. ඒ විදියට පත් කෙරුණු මුල්ම ආණ්ඩුකාරවරයා වුණෙත් සුදු ජාතිකයෙක්.

1948 දී ලංකාවට ලැබුණේ ඩොමීනියන් තත්ත්වයක්.

ඇත්තටම ඒක නිදහස ලබා ගැනීමකට වඩා යටත්ව හිදිමින් රට පාලනය කිරීමට අවසර ලබා ගැනීමක්. අර්ධ නිදහස් තත්ත්වයක්.

පෙබරවාරි 4 දා ඊනියා නාමික නිදහස දෙන්න තෝරගත්ත කාරණාව ගැනත් මේ ඹටුවට කණින් කොනින් ඇහිල තියෙනව. ඩී.එස්. ලොක්ක මේ දිනේ යෝජනා කළේ අයිවර් ජෙනිංග්ස් සුදු උත්තමයගෙ ඇඹේනියගෙ උපන් දිනේ එදාට යෙදිල තිබුණ හංදලු ඹ්ං.....මදැයි කොලා.....

ඉන්දියාව වගේ සමහර රටවල් තමන්ගේ නිදහස වෙනුවෙන් දුෂ්කර තත්ත්වයන් එක්ක සටන් කළා. බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වීමේ උවමනාව මත්තේ දිවි හිමියෙන් සටන් වැදුණා. නායකයෝ හිරේ විලංගුවේ වැටිලා නිදහස් සටන පණ ගැන්නුවා.

ඒ වගේම කැන්ගරුවන්ගේ දේශය වගේ රටවල් සාකච්ඡා මාර්ගයෙන් බලය හුවමාරු කොරගත්තා.

ලංකාව නම් ඉතිං තෝරා ගත්තේ මේ සුදු ඩොමීනියන් රාජ්‍යවල ආදර්ශය තමයි.

විශේෂයෙන්ම සේනානායකලා ප්‍රමුඛ ටොප් හැට්,ටේල්කෝට්, සූට්බූට් අඳින සිතින් වගේම ගතින්  අනුකාරකවාදී කළු සුද්දන් වූ කොම්ප්‍රදෝරු ධනපති පැලැන්තිය බන්දේසියක තියලා දෙන සාමකාමී ඊනියා නාමික නිදහසකින් බලය හුවමාරු කරගන්න එකඟ වුණා.

ඒ හංදා තමයි “ලාංකිකයා“ නමින් “ශ්‍රී ලාංකිකයා“ වුණාට තාමත් යටත් විජිත මානසිකත්වයෙන් ගැලවෙන්න බැරි.

අඬබෙර ගහලා දිනා ගත්තු නිදහසක තරම..............!

රටේ ජාතික කොඩියටත් කම්මැලි ඒත් රෞද්‍ර තිරිසන් සතෙක් දා ගත්තු එකෙන්ම පේනවනෙ කට්ටියගෙ මානසිකත්වයෙ තරම. වනචාරි යුගයෙන් පස්සේ කිසිම රටක ජාතික කොඩියක තිරිසන් සතෙක් වැඩ වසනවද කියල මේ ඔටුවා නං දන්නෙ නෑ. අඩුම තරමේ ඔටුවන්ගෙන් පිරිච්ච වාලුකා කාන්තාරේ ඔටු රටකවත් ජාතික කොඩියට ඹටු රූපයක් දාල නැති එකනෙ වැඩේ.

ජාතික ගීයෙන් තියෙන්නෙත් පට්ටපල් බොරුණෙ. ‘ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය, අප හට සිරිසැප සෙත සදනා ජීවනයේ මාතා ‘ කියල කිව්වට  ඉතිං කවුරුත් දන්නවනෙ ඇත්ත නැත්ත.

අද දවසේත් රාජ්‍යයේ විතරක්  නොවෙයි පෞද්ගලික අංශයේ පවා විධායක රැකියාව කරන්නවුන්ට ටයි පටිය පැළඳීමට බල කෙරෙන්නේ මේ වහල් දීන මානසිකත්වය හිංදමයි.

සමහරු බල නොකලත් පැනලාම ටයි පොල්ල බෙල්ලේ හිරකර ගන්න කැමතියි.  

ඝර්මකලාපීය රටක  ජීවත් වුණත් බෙල්ලේ ටයිගැටය හිරකරගෙන කෝට්බෑය ඇන්ඳෙ නැත්නම් තාමත් මොකක්ද මොකද්ද වගේ.

මඟුලට, අවමඟුලට, උසාවියට, රාජ්‍යය උත්සවයට යනාදි මෙකී නොකි හැම මඟුලකටම ටයි කෝට් සුට් බූට් ඇන්ඳෙ නැත්තං නිකං ගොඩයෙක් ගානටයි වැටෙන්නෙ.
සෙරන්ඩිබ් ඔටුවා ඔය කොයිකට ගියත් මේ අලකලංචි ඇඳුම දවට ගන්නේ නෑ ඕං. ඔටුවා ඉතිං ඔටුවාමනෙ.

ඒත් ඉතිං මේවා ගැන එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ ආයිබං. 

සිරිලංකාවේ ඇත්තෝ තාමත් ගමන් බිමන් යන්නේ සුද්දා හදපු කෝචිචි පාරෙ.
සුද්දගෙ නීති පොත තමයි ඕං තාමත් පෙරලන්නෙ.
මේ ළඟක් වෙනකල්ම ජාතික ආදායම ලැබුණෙත් සුද්දා වවපු තේ, රබර් වලින්.

දැන්නං ඉතිං ඒ අතිං නං නිදහස් කිව්වැහැකි. තේ, රබර් වවන්න මහන්සි නොවී ජාතික ආදායම හොයා ගන්න කෙරේමකුත් හොයාගෙන නෙ බොලං.

වාලුකා කාන්තාරෙ, ඔටු රටවල්වල අරාබි ඔටුවන්ට කඹුරල, දහදුක් විඳල, රීරි මාංසෙ පුදල හම්බු කරන කහවණුය කියනවනේ දැන් සසිරිබර මෙසිරිලක ප්‍රධාන ජාතික ආදායම.

ඒ ගැන නං වෙන දවසක කතා කරන්න වෙනවමයි. එදාට කාගෙ කාගෙත් තෝම්බු ලෙහෙයි බොලං.



සෙස්ස පස්සට ෴ 

- සෙරන්ඩිබ් ඔටුවා  






Wednesday, 5 February 2014

නිදහස සහ එය උජාරුවට සැමරීම ගැන ඔටුකතාවට “පෙර කතා“

ති අන්තයට පෙර ලැබුණ තොරතුරක් මත විශේෂ “පෙර කතා“වක් සටහන් කරන්නට සෙරන්ඩිබ් ඔටුවා හිතුවා....හුදී ජන පහන් සංවේගය පිණිස.......

වාලුකා කාන්තාරයේ ඔටු දූපතක මහ නිලමෙලා “නිදහස“ සැමරූ හැටි ගැන ඔටුවට ලැබුණු වාර්තාවක්.



  • උත්සවේට එන්න කියල එවපු ආරාධනා පත්‍රයේ වෙලාව උදේ 8.30 කියල තිබුණට මහ නිලමෙ ඇවිත් තියෙන්නෙ මිනිත්තු 45 ට පස්සෙලු...............
  • උත්සවේට කලියෙං අහන්න ලැබුණ එකම සිංදුව නන්දා කෙලීගෙ “තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්“ ලු. “රත්න දීප ජන්ම භූමි....“ වගේ සිංදුවක් දැම්ම නම් අගේ නැද්ද... මේ ජාතිවාදී ගීත දානවට වඩා. ඇරත් රාජ්‍ය උත්සවයක.....?
  • ටයි කෝට් සූට් බූට් ගහපු ඔටුවො රැළක් උජාරුවට එහෙ මෙහෙ ගියාලු. අන්තිමේදි ඉඩ කඩ ප්‍රශ්නයක් විසඳන්න කීප දෙනෙක් ටයි කෝට් පිටින්ම ගේට්ටු පලුවක් ගලවන්න වලි කෑවලු....
  • ආගමික වතාවත් සිහි කරද්දි ඉංග්‍රිසියෙන් ගිහි බණක් කියන්න ගිය බුදුහාමුදුරුවන්ටත් බණ කියන ජාතියෙ නමට විතරක් උපාසක තැන හොඳටම ඇද ගෙන නෑවලු....

    අනේ අම්මපා මෙහෙමත් රාජ්‍ය උත්සව.....හික්.......


සෙස්ස පස්සට ෴ 

- සෙරන්ඩිබ් ඔටුවා