Pages

Friday, 23 May 2014

පට්ට සිරා කියුට් වලට ඇඳ ගැනීම සහ ඇදගෙන නෑම


න්තර්ජංජාලයේ සැරිසරන ඇත්තන්ගෙන් ෆේස්බුක් ගිණුමක් පවත්වගෙන යන්නැති එකෙක් හොයා ගන්න බැරි තරම්.

ෆේස්බුක් එක ඒ තරමටම ජීවිතවලට බද්ධ වෙලා නොවෙන්නං.

කන්න ගියත්, නාන්න ගියත්, නිදාගන්න ගියත්, නිදිවදින්න ගියත් කොම්පියුටරයෙන් නැතත් ජංගම දුරකතනයෙන් ෆේස්බුක් එකත් එක්ක ගනුදෙනු කරන එක ඉට්ටැයිල් එකක් වෙලා.

දැන් දැන් ෆේස්බුක් එක හරවත් සංවාද වලට යොදාගන්නව වගේම අමුම අමු ගොංපාට් වලටත් තෝතැන්නක් වෙලා නොවැ බොලල්ලා.

තම තම නැණ පමණින් කිව්වලුනෙ. ඒ හංද මේ ගැන දොසක් කියන්න ඔටුව කැමති නෑ ඕං.

ඒ වුණාට ඔය ගොංපාට් අතරතුරේ අපුරු කොමෙන්ට්, ලයික් පේන්න ගන්නව.

සමහරු තමන්ගෙ රූපෙ දාගෙන ඒකට ලයික්, කොමෙන්ට් වැටෙන කල් බලා ඉන්න බව පේනව.

ලස්සණ හැඩරුව ෆොටෝවලට වගේම අජූව ඒවටත් නියමයි/පට්ට්/සිරා/ කියුට්/වාව් වගේ කොමෙන්ට් වැටෙද්දි අපට පුකෙනුත් හිනා යනව. නැද්ද ආයිබං....

මේවට ඇඳගන්නව මදිවට ඇදගෙන නාන එක දැක්කම පව්ව්ව්ව්.....කියලත් හිතෙනව.

ඔන්න ඔටුවගෙ ඇහැ ගැහිච්චි ඒ වගේ කොමෙන්ට් ටිකක්.


Top of Form
·         
nice pic
20 hours ago · Like · 1
·         
kalathmakai
20 hours ago · Like · 1
·         
 Soo nice .. **** cute...
20 hours ago · Like · 1
·         
Rukmani devi,,,,ape
20 hours ago · Like · 1
·         
 Nice,,,,,,,, mal waththak wagei,,,,,,,, really nice photo!!
20 hours ago · Like · 1

 Thank you all
20 hours ago · Like · 1






















·      



   
 wow lassanai
19 hours ago · Like · 1
·         
 Lassanai akkee
19 hours ago · Like · 1
·         
 harima lassanay. katada ithin adambara 
19 hours ago · Like · 1
·         
 nice one akka
18 hours ago · Like · 1
·         


·         
 Beautifull ane!!!
·         

 Wooow niliyak wage lassanayi akkooo...
3 hrs · Like

·         
 Nice one akkiyoo
2 hrs · Like · 1

·         
 woww lassanai
2 hrs · Like · 1
·         
 Thank u all
2 hrs · Like


·         
 ලස්සනයි මෙයා....
2 hrs · Like
·         
 wowwwwwwwwwwwwww kellek wage 
1 hr · Like

·         
wooowwwww.
 Cute..
·         
Looking nice
·         
appe meyage lassana.... koheda me.............. godak lassanai
















·         
 hi very beautiful

 Mmmm aththatama lassanaine.
3 hrs · Like · 1
·         

 Shaaaaaaaaaaaaa marune
3 hrs · Like · 1
·         

 Ne ne mama holen ummah dunne...lol
3 hrs · Like · 1
·         
 ලස්සනයි
2 hrs · Like · 1

 wooww akki ..lassanai.. 
























පට්ට...........
  
සිරා............

නියමයි.......

Cute..

ලස්සනයි මෙයා....

වගේ බොරු මායම් වලින් අන්දන්නෙ නැතිව
ඒවයින් ඇන්දිලා ඇදගෙන නාන්නෙ නැතිව
පෙනෙන්න තියන දේ කෙලින් කියන කොට පොන්න ලිලාවෙන් ඇඹරෙන්නෙ නැතිව
විවේචන සිහි බුද්ධියෙන් බාරගෙන
නිකං බොරුවට උඩු බුරමින් වල්ගය උස්සා සෙට් එක ලෝකෙට පෙන්නන්නෙ නැතිව
ෆේස්බුක් එක අර්ථවත් විදිහට පාවිච්චි කරමුද.....?







-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  









Friday, 16 May 2014

වාලුකා කාන්තාරෙත් වෙසඟේ සුපිරි වැඩසටහන්

බහරේන්


ඩුබායි








වෙනත් අරාබි රටවල පැවැත්වෙන වෙසක් වැඩසටහන් 
otukatha@gmail.com
විද්‍යුත් ලිපිනයට එවන්න


දෝහා කටාර්


දෝහා කටාර්


ඩුබායි

















සයිප්‍රස්





-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා  








Tuesday, 13 May 2014

අම්මිලත් එක්ක නිදි වැදීම සහ තාත්තිලයි අප්පච්චිලයි එක්ක හැමිනීම.....



මහර තාත්තලා තමන්ගෙ දියණියන් අඹු කමට ගන්න එක ඉතිහාසෙ පුරාම සිද්දවෙලා තියෙන බව ඇත්තක් නොවෙන්නං. වාලුකා කාන්තාරේ ඔටු රටවල රස්සාවලට එන සමහර  අම්මලාගේ දියණියන් තාත්තලාගේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට බිලි වෙන කතාව ඊටත් වඩාත් ප්‍රසිද්ධයි. ඇත්තත් ඒකම තමයි.

අම්මලා තමන්ගෙ පුතුන් වාහේ කමට ගන්නා බවක් නම් දැන ගන්නට නැති තරම්. එහෙම වෙන්නේ තමන්ගේ කුසෙන් වදා ලේ කිරි කර පොවා ඇතිදැඩි කළ දරුවා පිළිබඳ තමන්ගෙන් ඉවත් කළ නොහැකි බැඳීමක් අම්මලාට තියෙන නිසා වෙන්නට පුළුවං ආයිබං.

ඒ වුණාට අම්මලා පිළිබඳ උත්පත්තියේ ඉඳන්ම කිසියම් ලිංගික බැඳීමක් පුත්තුන් තුළ අවිඥානිකව පවතින බව “ ඊඩිපස් සංකීර්ණය“ වගේ සංකල්ප හරහා පිළිගැනෙන  බව ඔටුවා අහල තියෙනවා.


මේ ඔටුවන්ට නම් ඕවා තේරෙන්නෙ නැත්තේ මෙවුන්දම් සෙවීමේදී ඥාති සම්බන්ධතා සැලකීමට තිරිසනා උනන්දු වෙන්නෙ නැති හංදයි ඕං.
මිනිසා තිරිසනාගෙන් වෙන් කොට ගැනෙන එක් නිදර්ශනයක් වෙන්නෙත් මේ ශික්ෂිත බවම නොවෙන්නං.




දරුවන් දෙමාපියන්, සහෝදර සහෝදරයන් පමණක් නොවෙයි....... මාමලා, ලේලිලා, නැන්දලා, බෑනලා අතර පවා ලිංගික බැඳීම් ඇතිවීම මිනිස් සමාජය සලකන්නේ අශික්ෂිත කාරණාවක් හැටියට තමයි.


සෙරන්ඩිබ් ඔටුවාට මේ අටුවා ටීකා ටිප්පනි ලියන්නට සිද්ද වුණේ මෑත ඉතිහාසයක මිනිස් පවුල තුළ වර්ධනය වන කිසියම් ප්‍රවනතාවක් ගැන කියන්නටයි.

ලාංකික ජන සමාජයේ විශේෂයෙන් සෝබන චරියාවෙන් යුතු මැද පාංතික පවුල් වල පියා සහ මව එකිනෙකා ආමන්ත්‍රණය කර ගන්නා හැටි ඇහුවාම ඔටුවෙකුට වුණත් ඇති වන්නේ හිරිකිතයක්මයි.

සෙරන්ඩිබ් දේශයේ පදිංචි ඈයෝ වගේම එහේ ඉඳං වාලුකා කාන්තාරෙට ඇවිත් ඉන්න ජනී ජනයාගේ ගෙවල් වල පවා 

ගෙදර උන්දෑ තම මනුස්සයා අමතන්නේ තාත්ති

නැත්නම් අප්පච්චි කියලයි. ඒ වගේම ගෙදර මනුස්සයා කිසිම 

හිරිකිතයක් නැතිව තම ඇඹේනියටත් කියන්නේ අම්මි

කියලයි.
         
දරුවන් කුඩා කාලෙදි පැටවුන්ට තමන්ගෙ දෙමාපියන් ඇමතීම හුරු කොරන්නටයි කියමින් පටන් ගත් අම්මී, තාත්තී, අප්පච්චී භාෂාව දීග තලග දෙන වයසේ දරුවන් සිටින තාත්තලා, අම්මලා, අප්පච්චිලා එකිනෙකා අමතන්නට යොදා ගන්නා කොට නං විලිලැජ්ජාවේ පණ යනව බොලල්ලා.

අම්මා එක්ක නිදි වැඳීම තිරිසන් වැඩක්ය.

ඒත් මේ තාත්තිලා නම් රෑට නිදිවදින්නේ අම්මිලා එක්කය.


         


තාත්තා නැත්තං අප්පචචි එක්ක හැමිනීමද තිරිසන්

වැඩක්මය. 

ඒත් මේ අම්මිලා දවල් රෑ නැතිව හැමනෙන්නේ තාත්තිලා නැත්නං අප්පච්චිලා සමඟය.


         

අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

අදට ඔය මදැයි.


තරහා අවසර ආයිබං........!



-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා  





Thursday, 1 May 2014

කම්කරුවා කෑලිවලට ඉරාගන්නට දඟලන දේශපාලන නපුංසකයෝ




1886 මැයි මස 01 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවැති කම්කරු රැලියකට ‍පොලිස් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

1886 මැයි මස 01 දා සිට 02 දා දක්වා සිදුවූ කම්කරු විරෝධතාවලට ‍පොලීසිය වෙඩි තැබිම නිසා චිකාගෝව ලෙයින් හා දුමින් පිරුණු යුද පිටියක් බවට පත් වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙනුයි එතෙක් ඇමෙරිකාව පුරා විසිරී සිටි කම්කරු ජනතාවට දිනයකට පැය 8ක වැඩමුරයක් හිමිවුණේ. ඒ වනතුරුම ඔවුන්ට දිනකට පැය 16ක් පමණ එක දිගට වැඩ කරන්නට සිදුවී තිබුණා.

 ලෝකයේ විවිධ රටවල කම්කරු ජනතාව සමරනු ලැබූ සෑම මැයි දින රැලියක්ම රතු පැහැති ධජ පතාකවලින් සරසන්නේ චිකාගෝ හි පවත්වන ලද මැයි දින රැලියට සහභාගි වූ කම්කරුවන්ගේ සිරුරුවලින් ගලාගිය අමු ‍ලේ ධාරාවන් සිහිපත් කිරීමේ අදහසිනි. ඒ අනුව අද ලෝකයේ කුමන රටක පවත්වන ලබන මැයි දින රැලියක් වුවවද එහි ලෙලදෙන රතු පැහැති ධජ පතාකවලින් සංකේතවත් කෙරෙන්නේ මනුෂ්‍ය රුධිරය, දාඩිය හා කඳුළුය. 

එසේම ලෝකයේ සෑම රටකම පාහේ මුල් කාලයේ පැවැති මැයි දින රැලිවල ප්‍රමුඛ ස්ථානය ගන්නා ලද්දේද ඒ ඒ රටවල වැඩ කරන ජනතාවයි. එදා එවැනි දැවැන්ත මැයි රැලිවලට සහභාගි වූ කම්කරු ජනතාව ඉමහත් සටන්කාමී බවකින් යුතුව තමන් දිනාගන්නා ලද හා අතීතයේ විසූ කම්කරු නායකයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව දිනා දෙන ලද කම්කරු අයිතිවාසිකම් සැමරීමට උනන්දු වුණා.

ඒත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැයි රැලිවල ඊට ඉඳුරාම වෙනස් තත්ත්වයක් දකින්නට ලැබෙනවා.

මෙරට කම්කරු ජනතාව විවිධ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලට කැඩී බිඳී ගොස් කුඩා කණ්ඩායම් වශයෙන් මැයි රැලි පැවැත්වීමේ ප්‍රවණතාවක් ඇති වෙලා.
 
ඔවුන් තම තමන්ගේ දේශපාලන මතවාදවලට අනුව පවතින ආණ්ඩුවලට බැණ වදිමින් විවේචනය කොට විසිරී යනවා. එසේ වුවද මෙරට ප්‍රධාන ධාරාවට අයත් දේශපාලන පක්ෂ මගින් පවත්වනු ලබන මැයි දින රැලි සඳහා අති විශාල ජනකායක් සහභාගි වන බවක් දකින්නට ලැබුණත් ඒවාට සහභාගි වන වැඩි දෙනෙකු එම පක්ෂවල සාමාජිකයන් විනා වැඩ කරන පන්තියේ ජනතාව නොවන බව පැහැදලියි.
 
අනෙක් අතට එවැනි දේශපාලන පක්ෂ මගින් පවත්වනු ලබන මැයි දින රැලිවලට ජනතාව කැඳවා ගෙන එන්නේද ඔවුන්ට විවිධ ප්‍රතිලාභ සැපයීමෙනුයි. ඔවුන් ආණ්ඩුවෙන් රැකියා ලබාගත්තවුන් නැතහොත් ආණ්ඩුවෙන් අද හෙටම රැකියා ලාභයක් බලාපෙරොත්තුවෙන් සිටින තරුණ පිරිස්. ඒ අතර කෑම බීම, මත්පැන් සහ මුදල් ලබාදී එක් එක් පක්ෂවලින් පවත්වනු ලබන මැයි රැලිවලට පුද්ගලයන් කැඳවා ගන්න බව රහසක් නොවෙයි.

ඔවුන්ගේ රාජකාරිය වන්නේ තම තමන්ගේ මන්ත්‍රීවරුන් හෝ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් කල්තියා ලබාදෙන සටන්පාඨ හඬ නගා කියමින් පෙළපාලියේ ගමන් කිරීමයි. එසේත් නැතහොත් මැයි දින වේදිකාවේ සිට බෙරිහන් දෙන පක්ෂයේ ප්‍රධාන කථිකයන්ගේ උද්වේගකරවත් ප්‍රකාශ අසා හුරේ දමමින් අත්‍පොළසන් දීමයි. 

මෙකල පැවැත්වෙන මෙවැනි වැඩකරන ජනතාවගෙන් තොර දේශපාලනීයකරණය වූ ඊනියා මැයි දින රැලිවලට සහභාගිවන පිරිස් තුළ මැයි දිනය ගැන හෝ කම්කරු අයිතිවාසිකම් ගැන හෝ හැඟීමක් ඇත්තේ නැහැ. 

මෙලෙස දේශපාලනීකරණය වූ මැයි දින රැලියකින් මෙරට කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාවට ඇති වන සෙතක් ඇත්තේද නැහැ.

මෙන්න කම්කරුවාව බෙදාගන්න, රීරි මාංශ උරා බොන්න දඟලන දැඟලිල්ල....




කොළඹ නගරයේ පමණක්‌ මැයි රැලි 18 ක්‌ හා පෙළපාළි 12 ක්‌ පැවැත්වුණා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී .


මහජන එක්‌සත් පෙරමුණ හා දේශවිමුක්‌ති ජනතා පක්‍ෂය ඒකාබද්ධව පවත්වන මැයි දින පෙළපාලිය කැම්බල් පිටියේදී.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැලිය අම්පාර නගර සභා පිටියේදී.


ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි දින රැලිය කොළඹ බී. ආර්. සී. පිටියේදී.


සමාජවාදී ජනතා පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ සුපර්මාකට්‌ හි ආනන්ද සමරකෝන් රඟහලේදී.

ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය හා දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය යන පක්‍ෂ පහෙන් සැදුම්ලත් පෙළපාලිය කිරුළපන නගර සභා පිටියේදී.


ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මැයි රැලිය පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ දී.

නව සම සමාජ පක්‍ෂයේ මැයි රැලිය කොළඹ ප්‍රයිස්‌ පිටියේදී.

එක්‌සත් සමාජවාදී පක්‍ෂයේ මැයි රැලිය කොස්‌ගස්‌ හන්දියේදී.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මැයි රැලිය කොටහේන ජින්තු පිටියේදී.

 පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මැයි රැලිය ඔරුගොඩවත්ත නවගම්පුර ක්‍රීඩාංගණයේදී.

සමාජවාදී සමානතා පක්‍ෂයේ මැයි රැලිය කොළඹ නව නගර ශාලාවේදී.

ලංකා කම්කරු පක්‍ෂ මැයි රැලිය පිටකොටුව ගුණසිංහ ප්‍රතිමාව අසල දී.

ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මැයි රැලිය කොළඹ හයිඩ්‌ පිටියේදී.

 ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු සේවා කම්කරු සංගමයේ මැයි රැලිය එම සංගම් ශාලාවේදී.

නිදහස්‌ වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ මැයි රැලිය නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී.


රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ මැයි රැලිය  නාරාහේන්පිට සම්මේලන මූලස්‌ථානයේ දී.

 ජූලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානයේ මැයි රැලිය කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී.

ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැයි රැලිය  සංගම් මූලස්‌ථානයේදී.
රජයේ කළමනාකරණ සහකාර නිලධාරී සංගමයේ මැයි රැලිය ලිපිකරු සංගම් මූලස්‌ථානයේදී.

දෙමළ ජාතික සන්ධානයේ මැයි රැලිය චාවකච්ෙච්රිය නගර සභා ක්‍රීඩාංගණයේදී.

ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය බණ්‌ඩාරවෙල නගර සභා පිටියේදී.

කම්කරු ජාතික සංගමයේ මැයි රැලිය හැටන් බස්‌ නැවතුම්පල අසලදී.

දෙමළ එක්‌සත් පෙරමුණේ හා එක්‌සත් ලංකා දෙමළ කොංග්‍රසයේ ඒකාබද්ධ රැලිය යාපනය කරවෙඩ්ඩි තැපැල් කාර්යාලය අසලදී.

කඳුරට ජනතා පෙරමුණේ රැලිය තලවාකැලේදී.

සමස්‌ත ලංකා ගුරු උපදේශක වෘත්තීය සංගමයේ මැයි රැලිය මල්කඩුවාව ක්‍රීඩාංගණයේදී.


ලංකා වතු සේවා සංගමයේ මැයි දින සැමරුම මාතර සමුපකාර මන්දිර ශාලාවේදී.



ඉතිං කම්කරුවා ඉතිරි වෙලා තියෙයිද බොලල්ලා...

-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා