Pages

Monday, 19 February 2024

සෞඛ්‍ය සේවයේ ජරාජීර් ණ වෘත්තීය සමිති

 

හුගිය කාලේ කළ කී දේ නිසා රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයාට මං කොහෙත්ම කැමති නෑ. ඔහුගෙ දේශපාලන අරමුණු වලටත් එකඟ නෑ..

එත් සෞඛ්‍ය සුළු සේවකයන්ගේ අධානාග්‍රාහී වැඩවැරුම් හා පාරම්බෑම් ඉදිරියේ ඔහුගෙ පෙනී සිටීම අගයනවා.

ඔය ඇටෙන්ඩන්ට්ලා, පිරිසිදු කරන්නන් හා කම්කරුවන් රොහල්වල මාෆියාවක් ගෙනියනවා. එකාට එකා සම්බන්ධව ලෙඩ්ඩු සූරාකනවා. ඇඳක් ගන්න, බෙඩ්ෂීට් දාගන්න, රෝද පුටුවක් ගන්න, ට්‍රොලියකින් ගෙනියන්න, පිරිසිදු කිරීමක් කරගන්න පගාවක් දෙන්නම ඕනේ.
අතමිට මොලවන්නම ඕනේ.
පසුගිය වසර 5 තුළ මා හෘද සැත්කමටත්, මගේ පියා අවසන් කාලයේත් දින කිහිපය බැගින් කොළඹ මහ රෝහලේ නේවාසිකව ඉද්දී මේ අත්දැකිම් ලැබුවා. මා ඒ මාෆියාවට ගොදුරු වුණා. වැටුප් ලබන ඔවුන් හිතන්නේම තමන්ට අතයට මුදලක් ගෙවිය යුතුම බවයි. අප ඊට අනුගත වන්නේ රෝගියා ගැන හිතලයි.

වෛද්‍යවරුන්, හෙදියන් ලබන දීමනා හෝ පහසුකම් මේ කාණ්ඩවල අය ඉල්ලීම විහිළුවක්. මේ සටන් කණ්ඩායමේ සංයුතියත් කිසිම ගැලපීමක් නෑ. මට පේන්නේ වෘත්තීය සමිති නායකයින්ට සටන් උපක්‍රම තේරෙන්නෙත් නෑ.

ඔව් ඉතිං...මතකනෙ. සමන්ප්‍රිය කියන අප්‍රිය නායකයෙක් සියල්ල පාවා දීලා දවස් කිහිපයකට මංත්‍රී වෙලා කාර් පර්මිට් එකක් අරං වෘත්තීය සටන් නිමා කොට පෞද්ගලික අවශ්‍යතා ඉෂ්ඨ කරගත් හැටි.


බෙල්ලන වෛද්‍යවරයා කියන විදිහ සාහසික වගේ පෙනුණත් ඒ ඇත්ත. රෝහල්වල කම්කරු හා ඇටෙන්ඩන්ඩ් සේවා පෞද්ගලීකරණය කළොත් මීට වඩා සේවයක් සැලසේවි.

-සිතන්නා...


Thursday, 8 February 2024

බෑ කියලා බෑ එළුවෝ..CO ගෙ ඕඩර් ස්


නාවික හමුදාවේ මා ගත කළ වසර 5 ක කාලයේදී මා ලද වෙනස් ආකාරයන්ගේ අත්දැකීම් කතා කෝච්චියෙන් විටින් විට ගෙන එනවා.

තවත් එවන් අත්දැකීම් කීපයක මතක..

හරියට පීනන්නත් බැරිව ගැඹුරු මුහුදේ යටට ඇදී ගිය දවසක්..

මහ රෑ ගැඹුරු මුහුදේ හොරබඩු වල්ලමක් පස්සේ...

ඩෙල්ෆ්ට් දූපතේ එළුවන් මංකොල්ලය...


බෑ කියලා බෑ එළුවෝ..CO ගෙ ඕඩර් ස්


-සිතන්නා...

Monday, 22 January 2024

අතුරුදන් වූ සුමිතුරා...

 ඩී.ඩී. විජේසිංහ විශ්වවිද්යාලයේදී හඳුනාගන්න ලැබුණු මගේ සුමිතුරෙක්.




නිරන්තරව සිනහවෙන් මුව සරසා ගත් විජේ ගේ අතුරුදන් වීම හද කම්පා කරන්නක්. ලෙල්ලොපිටියේ උපත ලද විජේ පේරාදෙනියේ අක්බාර්-නෙල් ශාලාවේ නේවාසිකව ඉද්දී කයිය ගැහුවේ "ජෝ අබේවික්රම ඉපදුණ ලෙල්ලොපිටිය නම් වූ සුන්දර ගම්මානයෙන් ආපු කොල්ලෙක් හරිද..." කියායි.
ඒ සුන්දර "කොල්ලා" යළි දැකගන්න ලැබේවායි පතනවා හැර කුමක් කරන්නද?
================================
මේ පුවත්පත් වාර්තාවක්...

සිවිල් ඉංජිනේරුවා අතුරුදන්ව දවස් 22ක් – කිසිම තොරතුරක් තවමත් නෑ
විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
– ඉංජිනේරුවාගේ කැබ් රිය උඩුවර මංසන්ධිය අසල තිබී හමු වෙලා
– කැබ් රිය නාර්තුපාන පාලම ආසන්නයේ නවතනු දුටු පුද්ගලයකුගෙන් ප්රකාශයක්
– බළන්ගොඩ ජල විදුලි බලාගාරයක් හවුලේ කරගෙන යන දෙදෙනකු ඇතුළු 16කගෙන් ප්රශ්න කරයි

බළන්ගොඩ සිට බොරලැස්ගමුවේ නිවෙස වෙත කැබ් රියෙන් පැමිණෙමින් සිටියදී අතුරුදන් වූ සිවිල් ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යොමු කළ බව පොලිස් මූලස්ථානයේ ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

බොරලැස්ගමුව අභයරත්න මාවත පදිංචිව සිටි දූල්වල දේවගේ විජේසිංහ (66) නම් දෙදරු පියා අතුරුදන් වී අදට දින 22කි. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයෙන් එම විමර්ශන කටයුතු යොමු කර ඇති අතර, මේතාක් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කළ විමර්ශනවල උදෘත පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

සිවිල් ඉංජිනේරුවරයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විට ඔහු සමඟ බළන්ගොඩ ප්රදේශයේ ජල විදුලි බලාගාරයක් හවුලේ පවත්වාගෙන යන පුද්ගලයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 16 දෙනකුගෙන් පමණ ප්රකාශ සටහන් කර ගැනීමට පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

ප්රකාශ සටහන් කර ගත් පුද්ගලයන් අතර දෙසැම්බර් 28 වැනි දින රාත්රියේදී කැබ් රිය නාර්තුපාන පාලම ආසන්නයේ නවතනු දුටු පුද්ගලයකුද වන බව පොලිසිය කියයි. එහෙත් ඔහු කැබ් රිය පදවාගෙන පැමිණියේ කවුරුන්දැයි නොදැක්ක බව පොලිසියට දුන් ප්රකාශයේ සඳහන් වේ.

තමා 28 දින රාත්රියේ මත්පැන් බෝතලයක් ගෙන ඒමට යතුරුපැදියෙන් යමින් සිටියදී නාර්තුපාන පාලම ආසන්නයට පැමිණි කැබ්රථයක් නැවැත්වූ බවත්, තමා එය පොලිස් ජීප් රියක් යැයි සිතා ඒ දෙස ඕනෑකමින් බැලූවත් එහි ඇතුළත සිටින පුද්ගලයන් නොදැක්ක බවත් යළි එන අතර වාරයේද කැබ් රිය එම ස්ථානයේ නවතා තිබූ බවත් තමන්ට අමුත්තක් දකින්නට නොතිබූ බවත් ඔහු කළ ප්රකාශයක සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අතුරුදන් වූ ඉංජිනේරුවරයාට අයත් කැබ් රිය හොරණ මතුගම මාර්ගයේ නාර්තුපාන පාලමට ආසන්නව උඩුවර මංසන්ධිය අසල තිබියදී ඉකුත් මස 29 දින අලුයම 1.30ට පමණ රාත්රි ජංගම මුර සංචාරයේ නිරත අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන්ට හමු වී තිබිණි.

අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා කැබ් රියේ ඉදිරිපස දොරවල් දෙකම විවෘතව තිබී ඇති අතර, පොලිස් නිලධාරීන් විදුලි පන්දම දල්වා ඒ තුළ නිරීක්ෂණය කිරීමේදී ලැප්ටොප් පරිගණකයක්, ඇඳුම් පැලඳුම් අඩංගු ගමන් බෑගයක්, සෙරෙප්පු යුගළක්, කැප් තොප්පියක් හා රියැදුරු අසුනට යාබද අසුන මත මුදල් පසුම්බියක් තිබී ඇත. මුදල් පසුම්බියේ තිබූ දුරකතන අංකයකට පොලිස් නිලධාරීන් ඇමතුමක් දීමෙන් අනතුරුව බොරලැස්ගමුව අබේරත්න මාවතේ ඉංජිනේරුවරයාගේ බිරිය ඊට ප්රතිචාර දක්වා ඇති අතර, සිය සැමියාට ඊට පෙර දින රාත්රී 8.30ට පමණ දුරකතන ඇමතුමක් දීමේදී ඔහු කැස්බෑව ප්රදේශයේ තවම පැමිණෙන බව ප්රකාශ කළ බව ඇය පොලිසියට ප්රකාශ දී තිබිණි.

එහෙත් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් සිවිල් ඉංජිනේරුවරයාගේ දුරකතන අංකය මඟින් කළ පරීක්ෂාවේදී ඔහු අවසන් වරට නිවෙසට ඇමතුම් ගෙන ඇත්තේ ඉංගිරිය ඌරුගල ප්රදේශයේදී බවට අනාවරණය වී ඇත. ඔහු කිසියම් පුද්ගලයකුගේ හෝ පිරිසකගේ බලපෑමකට යටත්ව තමා සිටින්නේ කැස්බෑවේ බවට බොරුවක් බිරියට පැවසූවා දැයි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා බළන්ගොඩ ප්රදේශයේ පවත්වාගෙන යන ජල විදුලි බලාගාරයේ වැඩකටයුතු සොයා බැලීමට ඉකුත් 25 දින බොරලැස්ගමුව අබේරත්න මාවත නිවෙසින් පිටත් වී ගොස් තිබිණි.

ඔහු ඉකුත් 28 දින බළන්ගොඩින් සිය නිවෙස බලා ඒමට පිටත් වී සවස 4.41ට පමණ බළන්ගොඩ නගරයට පැමිණ පෞද්ගලික බැංකුවක ඒටීඑම් කුටියකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙන විදුලි බලාගාරයේ කළමනාකරුවකුට එයින් එක්ලක්ෂ අනූදහසක මුදලක් දී තිබෙන බවට එම කළමනාකරුගේ ප්රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
අනතුරුව බළන්ගොඩ සිට කිරිඇල්ල දක්වා පැමිණෙන අයුරු සීසීටිවී කැමරා දර්ශනවල සටහන්ව ඇති අතර, ඉංගිරියට ආසන්න ඌරුගල සිට ඉංගිරියට විනාඩි දෙක තුනක් වැනි කාලයකදී පැමිණිය හැකි මුත් ඌරුගල දෙසින් ඈගල් ඔය පාරේ ධාවනය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව විනාඩි 45ක් වැනි දීර්ඝ වේලාවකට පසු ඉංගිරිය නගරය පසු කර රෝහල ආසන්නයෙන් මතු වී හොරණ හරහා යාල හන්දියෙන් නාර්තුපාන දෙසට තමන් ගන්නා අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

එලෙස ඉංගිරිය නගරය මඟහැර මෝටර් රථය ධාවනය කර තිබුණේ ඉංගිරිය නගරය ආසන්නයේ යොදා තිබෙන පොලිස් මාර්ග බාධකය මඟහැර යෑමට දැයි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයාගේ නිවෙසට පැමිණෙන මාර්ගයට ප්රතිවිරුද්ධ මාර්ගයක මෝටර් රථය ගමන් කර, රාත්රී 9.30ට පමණ එහි ඉදිරිපස විදුලි ලාම්පු නිවාදමන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට ජංගම දුරකතන කීපයක විශ්ලේෂණ වාර්තා අදාළ සමාගම් කීපයකින් ගෙන විමර්ශන කරන අතර, තවත් දුරකතන අංක කිහිපයක විශ්විලේෂණ වාර්තා ගැනීමට අදාළ දුරකතන සමාගම් වෙත යොමු කර ඇතැයිද පොලිස් නිලධාරියා පැවසීය.

මේ දක්වා පැතිකඩක් කිහිපයක් ඔස්සේ විමර්ශන කළද අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය නොවීම පිළිබඳව විමර්ශන නිලධාරීන්ද පුදුමයට පත්ව ඇතැයි දැනගන්නට තිබේ.

අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා හෝ පවුලේ සමීපතමයන් සම්බන්ධයෙන් සැකයට භාජනය වන කිසිදු කරුණක් හෝ ඔවුන්ට එරෙහිව යම් විරුද්ධවාදියකු හෝ කණ්ඩායමක් සිටින බවට මේ තාක් සිදු කළ විමර්ශනවලදී කිසිදු තොරතුරක් හෝ සැකයක් අනාවරණය වී නැතැයිද පොලිසිය සඳහන් කරයි.

-සිතන්නා...

Tuesday, 16 January 2024

දරු තිදෙනෙකුගේ මවක් වෙනුවෙනි.


ගේ විශ්වවිද්‍යා සගයෙකු වූ වසර කිහිපයකට පෙර වියෝ වූ එන්. බී. නෙවිල් සොහොයුරාගේ බාල පුතුණුවන් එවා ඇති පණිවිඩය මෙසේ බෙදා හරිමි.

=========================
අපේ ආදරණීය අම්මා, එස්.එම්.එන්. ක්‍රිෂාන්ති සමරතුංග (අවුරුදු 53)
2015 දී Auto Immune Hepatitis රෝගයෙන් පෙළෙන බව හඳුනා ගන්නා ලදී. දැන් ඇය non-alcoholic cirrhosis රෝගී තත්ත්වයට පත්ව ඇති බැවින්, ඇයට චෙන්නායි හි රෙලා ආයතනය සහ වෛද්‍ය මධ්‍යයස්ථානයේදී අක්මා බද්ධ කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වේ. සැත්කම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 13.5 ක් පමණ වේ.



★★★★★★★★★★★★★★★★★★★★
දැනට, ඇය 2024 මැයි මාසයේදී ශල්‍යකර්මය කිරීමට බලාපොරොත්තු වේ, මන්ද ඉන්දියාවෙන් පැමිණි සැත්කම සිදු කරන වෛද්‍ය මණ්ඩලය හැකි ඉක්මනින් සැත්කම සිදු කරන ලෙස උපදෙස් දුන් බැවිනි.
★★★★★★★★★★★★★★★★★★★★
අපේ තාත්තා, සම්ප්‍ප්‍රේෂණ මාර්ග සැලසුම් ඉංජිනේරුවෙකු (Transmission line design engineer) වූ එන්.බී.නෙවිල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් (E79 කණ්ඩායම) උපාධිය ලබා ඇත. ඔහු ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකුද විය. 2010 අපේ තාත්තා නැති වුණාට පස්සේ අපිව දැන් ඉන්න තැනට එක්කගෙන ගියේ අපේ අම්මා.
අපි, ඇගේ දරුවන් තිදෙනා, අපගේ මවගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය මුදල සොයා ගැනීමට ඔබෙන් උපකාර පතමු.
වැඩිමහල් දරුවා: නෙත්මි නාඔටුන්න (වයස 26), කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂිකාවකි.
දෙවන දරුවා: ආසියානු සහ ලෝක ශූරතා තරඟ කිහිපයකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාතික චෙස් ක්‍රීඩකයෙකු වන දිනෙත් නාඔටුන්න (වයස අවුරුදු 24) දැනට චෙස් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.
බාලම දරුවා: දිනිල් නාඔටුන්න (වයස 23), මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපාධි අපේක්ෂකයෙකි.
බොහෝම ස්තූතියි.
ගිණුම් විස්තර
8200053067
කොමර්ෂල් බැංකුව
ස්විෆ්ට් කේතය: CCEYLKLX
නුගේගොඩ ශාඛාව
S.M.N.K සමරතුංග

=========================
ඉතා සුළුවෙන් හෝ උදව් කළ හැකි අය වෙත්නම් අවධානය සඳහාය.

-සිතන්නා...

Wednesday, 3 January 2024

"රහස් කියන කඳු" කියන රහස


වධකයාගේ පාර්.ශවයේ සමාජ ඛේදවාචකය ‌නොහොත් “රහස් කියන කඳු” කියන රහස් ....

ජගත් මනුවර්.ණ අධ්‍යක්ෂණ කළ “රහස් කියන කඳු” සිනමා නිර්.මාණය ගැන මගේ අදහස්.



-සිතන්නා...

Thursday, 28 December 2023

1987 ඉන්දියාවේ පරිප්පු මෙහෙයුම





1987 ජූලි 29 දා සිදුවූ ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර හා පසු සිදුවූ සිදුවීම් අළලා මගේ පෞද්ගලික අත්දැකීම් මේ කතා කෝච්චියට පාදක වෙනවා.
1. ඉන්දියාවේ නාවික බෝට්ටු උතුරට ආහාර ආධාර රැගෙන ආ විට නාවික හමුදාව පළවා හැරීම
2. ඉන්දියාව ලංකාවේ උතුරු බිමට බලහත්කාරයෙන් අහසින් විත් වියලි ආහාර හැලීම
3. නාවික හමුදා නැවියෙක් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට බයිනෙත්තු ප්‍රහාරයක් එල්ල කිරීම

වීඩියෝව මෙතැනින්....

-සිතන්නා...




Friday, 22 December 2023

මැදපෙරදිගදී බඩ උඩ මිය යෑම

මැදපෙරදිගදී බඩ උඩ මිය යෑම  




මට අවුරුදු 4ක් මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ රැකියාව කරන්නට අවස්ථාව සැලසිණි.

ඒ කාලය තුළ වෙනත්ම ආකාරයන්ගේ අත්දැකීම් විඳින්නට අවස්ථාව උදා විය. මෙි කතා තුළ හුදු හාස්‍යයෙන් එහා ගිය සමාජ ඛේදවාචකයන් ගැබ්ව ඇත. මේ කතා කිසිවෙකුත් ඉලක්ක නොකරන අතර, කිසිවෙකුට හෝ අපහාස කරන්නට කියන කතා නොවේ. මෙය පුද්ගලයින්ට අනන්‍ය නොකර පොදු අත්දැකීම් ලෙස ගන්නා මෙන් ඉල්ලමි.

-සිතන්නා...

Monday, 17 July 2023

රිළා ප්‍රශ්නය කෙසේද යත්....

 



රිළවුන් රට පැටවීමට විරුද්ධව සංවිධාන හා ආගමික නායකයින් නගන හඬට උත්තර -

 කලාවැව, ගල්නෑව සංචාරයකදී හමු වූ ගොවි මහත්වරු දෙදෙනෙක් හඬ නැගූ අයුරු...

කලාවැව ගොවි මහතෙක්-1

කලාවැව ගොවිමහතෙක්- 2


-සිතන්නා...

Wednesday, 31 May 2023

“රෙද්දෙන් වැසුණු සිනමාවේ නිරුවත”

 

විචාර සටහන
හෙන්රි වර්ණකුලසූරිය

“රෙද්දෙන් වැසුණු සිනමාවේ නිරුවත”

සුරංග හඳපාන්ගොඩගේ “වලාකුළු අතර කෙටි චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණා. එය නැරඹීමෙන් පසු ඇතිවූ අදහස් හා මතිමතාන්තර සටහන් කරන්න හිතුවා.එහෙයින් මේ        “වලාකුළු අතර” කෙටි චිත්‍රපටය ගැන කෙරෙන අදහස් දැක්වීමකින් එහා ගිය සිංහල සිනමාවේ අභාග්‍යසම්පන්න අත්දැකීමක් ගැන කතිකාවක් ගොඩ නැගෙන කතාබහකට   මුල පිරීමක්ද වෙනවා.










“වලාකුළු අතර” කෙටි චිත්‍රපටය ගැන මගේ අදහස් මෙයාකාරයි.
සුරංග හඳපාන්ගොඩ නිර්මාණශීලී නවක සිනමාවේදියෙක්. ඔහුගේ පළමු කෙටි චිත්‍රපටයට පාදක කොට ගත්තේ මගේ “නිරුවත් ජීවිත” කෙටිකතා සංග්‍රහයේ                              “එන එනමින්” වූ කෙටිකතාවයි. එය ඔහු මැනැවින් රූපගන්වා තිබුණා.
මා නොහඳුනන එකල සුරංගගේ පළමු උත්සහය ගැන මෙවන් කෙටි සටහනක් තැබුවා මතකයි.
“සුරංග…අවංකවම ඉතා හොඳ production එකක්. Script එක අපූරුවට, කෙටිකතාවේ හරය උකහාගෙන ලියලා තියෙනවා. ආධුනිකයින් වුවත් රඟපෑම් වලින් චරිතවලට සාධාරණයක් ඉටු කරලා. ස්තූතියි.”

හැබැයි සුරංග “වලාකුළු අතර” නිර්මාණය කිරීමේදී විටෙක කිසියම් ආකාරයක සමාජයීය හා මතවාදීමය සීමා පුපුරවා හරිමින්ද යළි වෙනත් සීමා තුළ හිරවෙමින් ඉන්නවා කියලයි මට හිතෙන්නේ.

චිත්‍රපටයේ ගීතා අලහකෝන් හා උමා අසෙනි යන රංගන ශිල්පිනීන් දෙදෙනාගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. විශේෂයෙන් ගීතාගේ. හැබැයි ගීතා දුම්වැටිය උරන්නේ නුහුරු විදිහටයි. ඇය මේ දර්ශනය රූගත කරන්නට පෙර මීට වඩා දුම්බීමේ පෙරහුරු තියන්න තිබුණා කියලා හිතෙනවා. මට පෙනුණේ ඈ දුම්වැටිය දෙතොල එක් කොට හපන බවයි. විය යුත්තේ ෆිල්ටරය දෙතොලේ සීරුමාරුවට රඳවා ගැනීමයි. හැබැයි ඇය දුම් ආග්‍රාණය කිරීම නිවැරැදි ලෙස කරනවා. මේ වරදේ වගකීම මා පවරන්නේ අධ්‍යක්ෂවරයාටයි. ඔහු එය නිවැරැදි කළ යුතුයි.  (සිංහල සිනමාවේ මා දුටු ස්වභාවිකම සිගරැට් ඉරීම කළේ සංගීතා වීරරත්නයි.)

 

ප්‍රධාන නළුවාගේ රංගනයෙන් ආලෝකයක් ලැබෙන්නේ නෑ. ඒ තේරීම වැරැදි බව කිව යුතුයු. උමා හා ගීතාගේ සූක්ෂම රංගනය ඉදිරියේ හෙතෙම පසුබසිනවා.
අජිත් කුමාරසිරි සහ නාමිණී පංචලාගේ සංගීතය චිත්‍රපටය එක්ක පෑහෙන්නේ නෑ. ආදරයේදී සමාජයීය සීමා මායිම් බිඳහෙලන මෙහි සංගීතය ගොරහැඩිව වෙනම ඇහෙන්න ගන්නවා.
දිල්ශාන් ලන්ත්‍රාගේ කැමරාකරණය සුවිශේෂයි. විශේෂයෙන් කැමරා කෝණ හා රූප සංරචනය සිනමාත්මක ගුණය තීව්‍ර කරනවා. අජන්ත අලහකෝන්ගේ කලා අධ්‍යක්ෂණය ඊට දායක වී ඇතිවා නිසැකයි.


අජිත් රාමනායකගේ සංස්කරණය අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රිද්මය පවත්වා ගන්නවා. සමහර දර්ශන තවත් සංස්කරණය වියයුතු යැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇතත් ඒ සුරංගට අවශ්‍ය රිද්මය විය යුතුයි. සිද්ධි දාමය හා සංස්කරණය මැනැවින් ගැලපෙනවා.

  

දැන් එළැඹෙන්නේ “වලාකුළු අතර” සමස්ථය බිඳ හෙලන දර්ශනය වෙතයි. මේ මාතෘකාව කතා කළ යුතුමයි.
ඒ චිත්‍රපටයේ අන් කිසිවෙකුත් නොමැති කාමරයක සමලිංගික, (නැතහොත් ලෙස්බියන්) තරුණියන් දෙන්නෙක් ලිංගික සුව විඳින අපූරු දර්ශනයක් තිබුණා. අපූරු කිව්වේ රූප සැකසුම මැනැවින් නිර්මාණය කොට තිබූ නිසයි. ගීතා අලහකෝන් හා උමා අසෙනි යන රංගන ශිල්පිනීන් දෙදෙනාගේ රංගනය ඉතා මැනැවින් ඉදිරිපත් කොට තිබූ නිසයි.

ඒත් මේ රංගනයේදී ඔවුන්ගේ නිරුවත් ලෙස පෙනෙන සිරුරු සුදු පිරුවටයකින් වසා තිබුණා. අපි නිදහස්, වෙනත්  කිසිවෙකුත් නැති කාමරයක ලිංගික සුව විඳින්නේ රෙදි පොරවගෙනද? මා නම් කැමැති නූල් පොටක්වත් නැත්නම් තමයි. “වලාකුළු අතර” කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂ හෝ නිළියන් දෙදෙනා යහන්ගත වෙන්නේ එහෙමදැයි මා දන්නේ නෑ. ඒත් ඒ දර්ශනය විකාරයක්. එක්කෝ එවන් දර්ශන ඉවත් කොට වෙනත් ආකාරයකින් ලිංගික ප්‍රහර්ශය දනවන්නට උත්සහ කළ යුතුයි. පෙන්නන්නම ඕනෙ නම් රෙද්ද ගැලවිය යුතුයි.

  

 මේ ගොංපාට් එක විවේචනය කරන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ගාඩි” චිත්‍රපටයත්  ඈඳා ගනිමින්. (ප්‍රසන්න වැනි දැවැන්තයෙක් එඩිතර නොවෙද්දී සුරංග වැනි නවකයෙක් කෙසේ එඩිතර වන්නද? ඒත් චිත්‍රපට කරනවා නම් ඒ එඩිතර බව තිබිය යුතුයි.) ප්‍රසන්න රජකාලේ නිරුවත්වූ ගාඩි කාන්තාවන්ගේ දෙතන “ගාඩි” චිත්‍රපටයේදී වැසූ අයුරු හාස්‍යජනකයි.

ඇත්තටම ප්‍රසන්නට එලෙස රූගත කරන්න හයියක් නැත්නම් හෝ නිළිය දෙතන පෙන්නන්න සූදානම්

නැත්තං එහෙම ෆිල්ම් හදන්න හොඳ නෑ. ඉන් හෑල්ලු වෙන්නේ අධ්‍යක්ෂවරයා.

සුරංග හඳපාන්ගොඩ තරුණ අධ්‍යක්ෂවරයාටත් කියන්න තියෙන්නේ සැබෑව පෙන්නන්න බැරි නම් මේ තේමාවන් හෝ කතාවලින් ෆිල්ම් හදන්න එපා. නිකං විකාරයක් වෙනවා.
මා එසේ කියන්නේ අපි නිර්මාණකරණයේ යෙදෙන්නේ නම් අප විසින්ම තනා ගන්නා කොටු හා ගුහාවලින් එළියට ආ යුතුයි. කොටු දාන්න වාරණය කරන උන්ට ඉතිරි කොට නිර්.මාණකරුවා චින්තනමය වශයෙන් නිදහස් විය යුතුයි.

https://moviestar.lk/ වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.

-සිතන්නා...


 -

Thursday, 2 February 2023

පරපීඩක ආශාවන් සන්තර්පනය

සන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක්.

මා හැමවිටම සරසවි සිසුවන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් දෙස බලන්නේ කිසියම් ආකාරයක මෘදු කෝණයකින්. ඒකට හේතුව වසර 40 ට එපිට මගේ සරසවි ජීවිතයේ අවසන් කාලයත් පාලකයින්ට එරෙහි අරගලයක් උණුසුමෙන් නිමා වුණ නිසා විය හැකියි. ඒ සටන නිමා වූයේ පරාජයකින් වගේම ඊට සම්බන්ධ යැයි සැක කළ සිසුන් රිමාන්ඩ් බන්ධනාගත කිරීමෙන්.

එකල ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත සරසවි සිසුන් දඩයම් කිරීමට යොදා නොගත් නිසා අත්තඩංගුවට පත් අපට  දිගු කලක් නඩුවලට පෙනීසිටින්නට සිදු වුවත් කෙටි කලකින් ඇප ලැබුණා.

එහෙත් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්තඩංගුවට ගත්තේ දිගු කලක් කූඩු කොට තැබීම සඳහාමයි. වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක් කියා මා කියන්නේ ඒ නිසාමයි.

මේ බව අධිකරණය පවා සිය තීන්දුවෙන් නොකියා කියන බවයි මගේ අදහස.

එහි ‌මෙසේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.

"මහෙස්ත්‍රාත්වරයෙකු විසින් විමර්ශකයන්ගේ හෝ නඩු පවරන්නන්ගේ පරපීඩක ආශාවන් සන්තර්පනය උදෙසා නියෝග නිකුත් නොකළ යුතුයි."

අවසානයේ අවනීතිකව දින 150 ට වඩා වැඩි කාලයක් රඳවා තබා ගත් වසන්ත මුදලිගේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

ඒ කියන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යොදා ගන්නේ විරුද්ධවාදීන් මර්ධනයටයි.

නැත්නම් මුදලිගේ කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද?

සාධාරණය වෙනුවෙන් මහමගට බැසීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නේ කෙසේද?

සැබෑ ත්‍රස්තවාදීන් කවරහුද?

-සිතන්නා...