Pages

Wednesday, 28 August 2024

රටේ සල්ලි කන ජනාධිපති උපදේශකයෝ , විශේෂ සහායකයෝ හා අධ්‍යක්ෂ ජනරාල්ලා

 



ජනාධිපති කාර්ය මණ්ඩලයේ විවිධ උපදේශක, අධ්‍යක්ෂ ආදී පත්වීම් ලබා දී මහජනතාවගෙන් වැටුප් ලබන්නන් 92 කගේ ලේඛනය

ජනාධිපති උපදේශකයෝ සහ විශේෂ සහායකයෝ
1. අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක - විමධ්‍යගත පරිපාලන,
2. රුවන් විජේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස,
3. ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක - ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය.
4. ආචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක - මාධ්
5. මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීම.
6. ප්‍රියානි විජේසේකර මිය. ජනාධිපති උපදේශක - පාර්ලිමේන්තු කටයුතු,
7. දිනේෂ් වීරක්කොඩි, ජනාධිපති උපදේශක භාණ්ඩාගාර කටයුතු,
8. බී.එම්.එස්. බටගොඩ, ජනාධිපති උපදේශක ආහාර සුරක්ෂිතතාව.
9. ජනාධිපති නීතීඥ එම්. කේ.බී.ඒ. ජේ. තිලකරත්න මිය. ජනාධිපති උපදේශක නීති කටයුතු
10. අනුර සොලමන්ස්, ජනාධිපති උපදේශක මාධ්‍ය හා සන්නිවේදන.
11. ආර්. පාස්කරලිංගම්, ජනාධිපති උපදේශක - ආර්ථික ප්‍රතිපත්ති ක්‍රීයාත්මක කිරීම.
12. ආචාර්ය සරත් රාජපතිරණ, ජනාධිපති උපදේශක - ආර්ථික ප්‍රතිසංස්කරණ.
13. නිරංජන් ජෝශප් ද සිල්වා දෙවා ආදිත්‍ය, ජනාධිපති උපදේශක - යුරෝපා, ආසියානු, අප්රිකානු කැරිබියන් සහ පැසිෆික් රටවල් සහ බ්‍රිතාන්‍ය කටයුතු.
14. චන්ද්‍රා ෂාෆ්ටර්, ජනාධිපති උපදේශක - උඩරට සම්බන්ධිකරණ කටයුතු.
15. සමන් අතාවුදහෙට්ටි. ජනාධිපති උපදේශත - සන්නිවේදන.
16. ආනන්ද මල්ලවතන්ත්‍රි ජනාධිපති උපදේශක - පරිසර, දේශගුණ විපර්යාස හා හරිත ආර්ථික,
17. ආශු මාරසිංහ. ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු කටයුතු,
18. තුෂාර වජිර පෙරේරා, ජනාධිපති උපදේශක - විද්‍යාත්මක කටයුතු.
19. ආර්. එස්. වීරසිංහ, ජනාධිපති උපදේශක - ජාත්‍යන්තර කටයුතු.
20. රෝසි සේනානායක, ජනාධිපති උපදේශක - පළාත් සභා කටයුතු.
21. ආචාර්ය ජී. විග්නරාජා, ජනාධිපති උපදේශක උපායමාර්ගික වෙළෙඳ ප්‍රතිපත්ති සහ පර්යේෂණ.
22. සංජීව ගාඩිනර්, ජනාධිපති උපදේශක - ව්‍යවසාය සංවර්ධන,
23. සී. පාලියද්ද, ජනාධිපති උපදේශක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
24. ජෝන් අමරතුංග, ජනාධිපති විශේෂ සහයක.
25. ආතන්ද කුලරත්න, ජනාධිපති විශේෂ සහයක.
26. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, ජනාධිපති විශේෂ සහායක.
27. චම්පිකා ප්‍රේමදාස, ජනාධිපති විශේෂ සහායක,
අධ්‍යක්ෂ ජනරාල්ලා
1. ධනුෂ්ක රාමනායක, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති මාධ්‍ය අංශය,
2. ජේ. එම්. එස්. එල්. බණ්ඩාර, අධ්‍යක්ෂ ජනරාල් - විශේෂ ව්‍යාපෘති.
3. තුසිත හල්ලොලුව, අධ්‍යක්ෂ ජනරාල් - මහජන සම්බන්ධතා.
4. එස්.ඒ.බී. හේරත්, අධ්‍යක්ෂ ජනරාල් - කාර්යාල මණ්ඩල ප්‍රධානී කාර්යාලය
5. සමල් සෙනරත්, අධ්‍යක්ෂ ජනරාල් - දේශපාලන කටයුතු.
7. රජිත් කීර්ති තෙන්නකෝන්, අධ්‍යක්ෂ ජනරාල් - ප්‍රජා කටයුතු.
6. සමන් රත්නප්‍රිය. අධ්‍යක්ෂ ජනරාල් - වෘත්තීය සමිති.
8. ඩබ්ලිව්. එච්. එස්. එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති මන්දිර, කොළඹින් බැහැර,
9. වඩිවෙල් ක්‍රිෂ්ණ මූර්ති, අධ්‍යක්ෂ ජනරාල් - විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය,
10. පාලිත ලිහිණිය කුමාර, අධ්‍යක්ෂ ජනරාල් - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
11. විශ්‍රාමික මේජර් ජෙනරාල එත් ඵලකේ. සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් - සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණ
12. බ්‍රිගේඩියර් යූ.එල්.ජේ.එස්. අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාල මණ්ඩල ප්‍රධානී කාර්යාලය,
13. ආචාර්ය අසංක ගුණවංශ, අධ්‍යක්ෂ ජෙනරාල් සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍ත්‍රය සඳහා වූ අතුරු ලේකම් කාර්යාලය
සාගල රත්නායකගේ කාර්යාලය, මාධ්‍ය, ජන සභා හා අනෙකුත් තනතුරුලාභියෝ
1. රවීන්ද්‍ද්‍රහේවාවිතාරණ, ලේකම්, ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
2. කේ. ඩී. ඒ. ජී. වික්‍රමසිංහ, නීති උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.
3. ඒ. එස්. විඩේසිංහ, ආර්ථික උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලය.
4. එස්.එස්. ගනගම ආරච්චි, උපදේශක - විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය.
5. කේ.ඩබ්ලිව්. ඒ. එම්. කෝකිල, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
6. ටී. එම්. ජී. එන්.කේ. මඩුගල්ල, අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
7. ඩී. එම්. පියසේන, අධ්‍යක්ෂ (මුද්‍රිත මාධ්‍ය) ජනාධිපති මා අංශය.
8. ශානුක කරුණාරත්න, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්ය අංශය.
9. ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.
10. අනෝමා මාතරගේ, අධ්‍යක්ෂ (සංවර්ධන සන්නිවේදනය) ජනාධිපති මාධ්‍ය අංශය.
11. ඩබ්ලිව්. එල්. ප්‍රදීප් සුරංග, අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
12. වරුණ දීප්ත රාජපක්ෂ, අධ්‍යක්ෂ (සංවර්ධන සන්නිවේදන) ජනාධිපති මාධ්‍ය අංශය.
13. කේෂාල් ජයසිංහ, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
14. කේ. ජී. එස්. මධුසංක, අධ්‍යක්ෂ (දේශපාලන කටයුතු සම්බන්ධීකරණය) කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.
15. වයි. ආර්. එච්.වී. බණ්ඩාර, අධ්‍යක්ෂ (විද්‍යූත් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති අංශය.
16. බී.කේ. සුගත් කුමාර, අධ්‍යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය අංශය.
17. එම්. එම්. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (පහසුකම්) ජනාධිපති මාධ්‍ය අංශය.
18. සී. එස්. ගුණවර්ධන, අධ්‍යක්ෂ (ඡායාරූපකරණය හා නිර්මාණාත්මක ඡායාරූපකරණය),
19. ඩී.එස්. හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (ඉංජිනේරු) ජනාධිපති මාධ්‍ය අංශය.
20. වී.එස්. ආර්. කොඩිතුවක්කු, අධ්‍යක්ෂ (ඉලෙක්ට්‍රෝනික හා මෙහෙයුම්).
21. එච්. එම්. ෂේන්, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.
22. මංගල සමරසිංහ දිසානායක, අධ්‍යක්ෂ - (නව මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
23. අකංලක හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
24. සී. ඩබ්ලිව්.එස්. ෆොන්සේකා අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
25. වී.ඩී. කේ. ගුණවර්ධන, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
26. පී.ඩී. චමින්ද කුමාර, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
27. වයි. එන්. සුදසිංහ, අධ්‍යක්ෂ - (නිර්මාණාත්මක) ජනාධිපති මාධ්‍ය අංශය.
28. ඒ. ඩබ්ලිව්.ඩී. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති අංශය.
29. අශෝක ලාල් සිගේරා, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.
30. එම්. ජී. ජයතිස්ස, අධ්‍යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය අංශය.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු සහ අධ්‍යක්ෂවරු
1. සුනිල් රම්‍යවංශ ජාගම්මන, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්,
2. සුජිත් ක්‍රිෂාන්ත අක්කරවත්ත, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් (බෞද්ධ කටයුතු).
3. කේ. ඒ. ජී. මංජුයි, ජනාධිපති සම්බන්ධකරණ. ලේකම් - බෞද්ධ කටයුතු (විශේෂ ව්‍යාපෘති)
4. ජේ. ඒ. සුනිල් ප්‍රේමසිරි. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්,
5. කේ.ඒ.ඩී .එස්, සෙබස්තියන්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්.
6. සමන් කබ්‍රාල් විජේතුංග, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංගය.
7. සජන සූරියආරච්චි, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍යය.
8. ඩබලිව්.ඩී. පැතුම් පතිරණ, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.
9. පී.එස්. ලක්මාල්, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජනාධිපති පෞද්ගලික ලේකයි කාර්යාලය.
10. එම්. ඒ. එල්. මහින්ද මානෙලුව, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.
11. පී.ආර්.වී.සී. ප්‍රනාන්දු, ව්‍යාපෘති කළමනාකරු උපදේශක - ජාතික ජන සභා ලේකම් කාර්යාලය,
12. දීප්ති ප්‍රමිතා අධිකාරී, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා - ජනාධිපති මාධ්‍ය අංශය.
13. සුභාෂ් වීරතුංග ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.
14. සී. සම්පත් කොඩිකාර, නියෝජ්‍ය අධ්‍යක් - ජනාධිපති මාධ්‍ය අංශය,
15. ඩී. එම්. එස්. චතුරංග අල්විස්, නියෝජ්‍ය අධ්‍යක් (විද්‍යුත් මාධ්‍ය) ජනාධිපති මාධ්‍යඅංශය,
16. කේ. හරේන්ද්‍ර නියෝජ්‍ය අධ්‍යක් (කර්තෘ මණ්ඩල - දෙමළ) ජනාධිපති මාධ්‍ය අංශය.
17. සඳුන් අරෝෂ ප්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක් (කර්තෘ මණ්ඩල ඉංග්‍රීසි) ජනාධිපති මාධ්‍ය අංශය.
18. ඒ.අයි.එස්. බී. මුණසිංහ, නියෝජ්‍ය අධ්‍යක් - ජනාධිපති මාධ්‍ය අංශය.
19.පී.එච්.පි.ටී. පුංචිහේවා, නියෝජ්‍ය අධ්‍යක් (මාධ්‍ය සම්බන්ධීකරණ) ජනාධිපති මාධ්‍ය අංශය.
20. එස්.ජේ.එම්, ලියනගේ, නියෝජ්‍ය අධ්‍යක් - ජනාධිපති මාධ්‍ය අංශය
21. ජේ.පී. සමන්තිලක බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංගය.
22. ටී. ශානිකා නිලංගනී ප්‍රනාන්දු, සහකාර අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය.

-සිතන්නා-


Thursday, 8 August 2024

නොකළ යුතු දේවල් වුණා. කණගාටුයි.!


 "88/89 කාලයේ නොකළ යුතු දේවල් වුණා. කණගාටුයි."

රෙස්පෙක්ට්.
පමා වී හෝ අපට අපේ ජීවිත කණපිට ගහලා බලන්න අවස්ථාවක්.

Thursday, 1 August 2024

සිරි ලංකාවේ පගාව නීතිගත කරනු...!


රියැදුරු බලපත්‍ර අලුත් කරගත්ත වේරහැර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී ලද අත්දැකීමක්.

ප්‍රසිද්ධියේ පගාව ඉල්ලීම, ප්‍රසිද්ධියේ පගාව ගැනීම හා අප වැනි දුරබැහැරින් පැමිණි රියැදුරන්ට කිසිදු රස්තියාදුවක් නැතිව පැය 2 1/2 ක් ඇතුළත නව රියැදුරු බලපත්‍ර කාඩ් ලබා දීම පිළිබඳ අංක 10 කවුන්ටරයේ සේවය කළ පගාලාභී නිලධාරිතුමාට ප්‍රසිද්ධියේ ස්තූති කිරීමට සවිස්තරාත්මකව ලියමි.

අප වැන්නන්ට මේ ක්‍රමවේදය පිළිපැදීමෙන් කිසිදු පෙර කාල වෙන් කිරීමකින් තොරව, පෝලිම් වල නොසිට, අඩුම තරමේ මුදල් කවුන්ටරයට හෝ නොගොස් රියැදුරු බලපත්‍ර කාඩ් එක ලබා ගැනීම ටොයිස් වැඩකි.
අපි දෙන්නාගේම රියැදුරු බලපත්‍ර එක්ස්පයර් වන්න තව ඇත්තේ දින කිහිපයක් නිසා online වේලාවක් වෙන් කොටගෙන නුගේගොඩ ආයතනයට ගොස් වෛද්‍ය සහතික ලබා ගන්නා විට වෙලාව උදෑසන 10 ට පමණ ඇත. එතැන අතරින් පතර පෝලිමෙන් පිට කීපදෙනෙක් ප්‍රසිද්ධියේ වෛද්‍ය පරීක්ෂණයට යොමු කළත් ඉන් අපට බාධාවක් නොවීය. ඒවා අහිංසක පෝලිම් පැනීම්ය. හැරත් ලංකාවේ පෝලිම් පනින්නෙ නැත්තේ කොහිද?
වේරහැර ගොස් බලපත්‍රය අලුත් කරගැනීමට online වේලාවක් වෙන් කරගැනීමේ දුරකථන අංකයක් සඳහන් පුවරුවක් දැක ඇමතුමක් ගත්තෙමි. එය මගින් වේලාවක් වෙන් කරගත හැක්කේ ඇමතුමෙන් එන උපදෙස් අනුව දුරකථනයේ බොත්තම් එබීමෙනි.

එසේ ඉල්ලුම් කිරීමේදී අප දෙදෙනාට ලැබුණේ පසු දින දහවල් 11.30 වේලාවයි.
දැන් කුමක් කරන්නද? ආපසු ගමේ ගොස් තවත් දවසක් නිවාඩු දමා පසුදා එනවාද? බිරිඳට පසුදා නිවාඩු ගත නොහැක. අකුරට වැඩ නිසා අනිවාර්යයෙන් පාසලේ සිටිය යුතුය.

අපි ඇවිදගෙන හයිලෙවල් පාරට ආවේ දෙගිඩියාවෙනි. "කෝකටත් ආපු එකේ වේරහැර ගිහිං බලමුදැ"යි ඇය ඇසුවාය.
එවිටම ත්‍රීවීලර් රියැදුරෙකු අප ඉදිරියේ සිට ගත්තේය.
"සර්...වේරහැරට යනව නං එන්න..."
"අපිට අද ඇපොයින්ට්මන්ට් එකක් නෑ.."
"මොන ඇපොයින්ට්මන්ට්ද සර්...මාත් එක්ක එන්න. පැය තුනෙන් අරං දෙන්නම්
කාඩ් එකම අරං දෙන්නං...යං..."
"ෂුවර්ද...අද ගන්න පුළුවන් ද.."
අයියෝ සර්..ටොයිස් වැඩක්. පොඩි ගාණක් යයි."
වේරහැර ලර්නර්ස් එකකට ඔහු අප රැගෙන ගියේය.
"නංගී..මේ දෙන්නට අදම ලැයිසන් ගන්නෝනෑ.."
ඇය අපට හිඳගන්නැයි කීවාය.
"කීයක් ඕනෙද?"
"එතෙන්ට එකකට 5000/= විතර වෙනවා. දෙකටම විස්සක් දෙන්න...දවල් 3 ට කලිං කාඩ් එක දෙන්නම්. "
"ඔන් ලයින් තියෙන්නෙ 2200/= කියලනෙ.."
මා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවෙන් දැක තිබුණේ 2200 ලෙසය.
"අයියෝ සර්..දැන් ගාන වැඩි වෙලා. තාම වෙබ් එක update කරල නෑ.."
අපි ත්‍රීවීලර් ගාස්තුව ගෙවා ලර්නර්ස් කඩෙන් පිටතට පැමිණ සාකච්ඡා කළෙමු.
"අපි කෝකටත් කෙලින්ම යන්න පුළුවන් ද බලමුද..මේ ගොල්ලන්ට පගාව 10000/= ක් දෙන්නෙ මොකටද? බැරි වුණොත් වෙන දවසක එමු.
"ඔයාගෙ ලයිසන් එක තව දවස් දෙකයි නේද වලංගු?"
ප්‍රධාන ගේට්ටුව අසල මිනිස් පොදියකි. ඒ අතරින් රිංගා ගෙන ආරක්ෂක දොරටුව වෙත ළඟා වීමු.
"කොහෙද යන්නෙ?" ආරක්ෂක බලධරයා විමසීය.
"ලයිසන් අලුත් කරගන්න..."
"කෝ..ඇපොයින්මන්ට් මෙසේජ් එක ?"
""අද ඇපොයින්ට්මන්ට් නෑ..ඇපොයින්ට්මන්ට් නැති පෝළිමක් නැද්ද"
"ඇපොයින්ට්මන්ට් නැතිව කිසි කෙනෙකුට යන්න බෑ..ගියත් වැඩකුත් නෑ. ලැයිසන් දෙන්නෑ..හා..හා..පස්සට..
පස්සට.."
"ඔයාටනෙ එන්න අමාරු ...ඒ හංදා 5000/= පගාව දීලා ලර්නර්ස් එකෙන් ගනිමු. මං හෙට ඇවිත් කට්ට කාලා මගෙ එක ගන්නම්. "
අපි දෙන්නා දෙස බලා සිටි මහතෙකුට මේ දෙබස ඇසිණි.
"ලර්නර්ස් යන්නෝනැ නෑ..ඊට අඩුවෙන් පුළුවන් ..මගෙ දුවත් ඇතුළට ගියා. එනකල් මං ඉන්නෙ. අර පෙට්ටි කඩේ අම්මට කියන්න..වැඩේ කරල දෙයි."
අපි අහිංසක අම්මා කෙනෙක් වෙත ගියෙමු.
"අපි දුරබැහැර ඉඳං ආවේ..."
"දැන් දහයමාරත් වෙලා නේද..කෝ..එන්නකෝ බලමු..තව කෝට එක ඉතිරිද කියලා.."
ඇය අප හෙල්මට් බාරගන්නා බයික් පාක් එකේ මල්ලී වෙත කැඳවාගෙන ගියාය.
"අනේ...මේක කරල දෙන්න බලන්න. දුරින් ආපු දෙන්නෙක්.."
හෙල්මට් කඩේ මල්ලී ලැයිසන් දෙක පරීක්ෂා කළේය.
"හරි..වැඩේ කරල දෙන්නම්. දෙක්ක නිසා දාහතක් දෙන්න..."
ලර්නර්ස්ට වඩා තුන් දාහක් ලාබය. එක්කෙනෙකුට පගාව 3500/= කි. හෙට එන්න ගියොත් මග වියදම් හා කෑමබීමට යන ගාන එක්ක 3500/= ලාබය. එය අපට වාසියකි. හැරත් දෙන්නාටම නිවාඩු දාන්න වෙයි.

මං තෙපරබාද්දී "හරි කරල දෙන්න.." පවනී කිව්වාය.
"කාඩ් ලැබෙනව නේද..කොළේ නොවෙයිනෙ.." විමසීමි.
"කාඩ්..කාඩ්..ඇපොයින්ට්මන්ට් දාල ගියත් මේ වෙලාවට කාඩ් දෙන්නෑ. දවසට කාඩ් 150 යි දෙන්නෙ. ඒකට පාන්දර එන්නෝනෑ..කිසිදේකට බය වෙන්නෙපා. මං මෙතන ඉන්නවනේ..දැන් 11 ට කිට්ටුයිනෙ. දවල් දෙකට කලිං අරන් දෙන්නම්.."

මම සල්ලි අදින්නට වීමි.
"නෑ..මට එපා..මහත්තය 070..........නොම්මරේට කෝල් එකක් අරං දෙන්න.."
ඉන් පසු සියල්ල සිදු වුණේ දැඩි කාර්යක්ෂමතාවකිනි.
මගේ දුරකථනයෙන් කතා කළ හෙල්මට් මල්ලී නෝනයි, මහත්තයයි දෙන්නෙක් එවනව. කැන්ටිම ගාවට කීවේය.
කැන්ටිමට ගොස් යළි ඇමතුමක් ගන්නැයි උපදෙස් දුන් හේ "ගේට්ටුවට කියන්න හෙල්මල් කඩේ මල්ලි එව්වෙ කියලා. යන්න දෙයි" පැවසීය.
"හා..හා..කොහෙද යන්නෙ..කෝ ඇපොයින්ට්මන්ට් .."
"හෙල්මට් කඩේ..." කියන විටන "හරි මහත්තයලා..යන්න.."
කැන්ටිම අසලට ගොස් කෝල් කළෙමි. කැන්ටිම ඇතුළට එන්නැයි උපදෙස් ලැබිණ. ටිකකින් මට ඇමතුමක් ආවේය. "කෝ..කොතනද...?"
මම වටපිට බැලීමි. දුරකථනය කනේ තබාගෙන සිටි කෙසඟ, නූස්, කාල වර්ණ.......මහතා අප වෙත ආවේය.
"හෙල්මට් කඩෙන්ද එව්වෙ?"
"ඔව්.."
"සල්ලි දෙන්න.."
ප්‍රසිද්ධියේ ඔහු මුදල් ගත්තේය.
"දැන් මං පස්සෙන් එන්න. මහත්තය ගාවට ගෙනියන්නම්. ආයෙ කාටවත් සල්ලි දෙන්න අවශ්‍ය නෑ..වැඩේ කෙරෙයි.."
ඔහු පසු පස අභ්‍යන්තර ගේට්ටුවෙන් යද්දී ආරක්ෂක නිලධාරීන් සිටියේ අහක බලා ගෙනය.
අප අංක 10 කුටිය ඉදිරියේ වාඩි කළ ඔහු මාස්ක් එකක් පැළඳ සිටි ඒ මහතා වෙත ගොස් මුදල් දුන්නේය. අපව පෙන්වූයේය.
"කතා කළාම යන්න. කතා නොකළොත් ටිකකින් ගිහිං ............මහත්තයා එව්ව කියන්න.."
ටිකකින් අංක 10 කුටියේ පගාලාභී මහතා මා දෙස බලා හිස සන් කළේය.
ඉන් පසු මිනිත්තු 15 ඇතුළත සියල්ල සිදු විය. අත්සන් ගැනිණ. ස්කෑන් කෙරිණ. ෆොටෝ ගැනිණ. අප වාඩිලා සිටියදී කාකාස මහතෙක් ලියකියවිලි වැඩ නිමා කළේය.
මම අංක 10 කිටියේ පගාලාභී මහතාගේ පැහැදිලි ෆොටෝ එකක් ෆෝන් කැමරාව සූම් කොට ගතිමි.
අවසානයේ පගාලාභී නිලධාරි මහතා අප කැඳවීය.
"සේරම හරි. පැය 2 1/2 කින් ඉස්සරහ කවුන්ටරෙන් කාඩ් දෙක ගන්න.."
හරියටම 2.30 වෙද්දී අපි අදාළ කවුන්ටරයට ගියෙමු. කාඩ් දෙක බැබලි බැබලී අප එන තුරු කවරයක බහා රඳවා තිබිණ.
.................හිස්තැන් දුරකථන අංකය, මහතාගේ නම හා සේයාරුව මා ප්‍රසිද්ධ කරන්නේ නැත. මේ එක් පගාලාභී මහතෙකි. එක් ජාලයකි. ඒ නිසා එක් පුද්ගලයෙක් දඬුකඳේ නොගසමි. පැමිණිළි නොකරමි. අපට රු. 3000/- ලාබ වීමේ සතුට භුක්ති විඳිමි.
එන ගමන් පෙට්ටි කඩේ අම්මාට ස්තූති කළෙමි.
"වැඩේ කරගත්ත නේ...හොඳයි..ගිහිං එන්න"
"අම්මට ඒගොල්ලො ගානක් දෙනව ඇතිනේ.."
"අනේ නෑ මහත්තයෝ...එහෙම ගානක් කියල ලැබෙන්නෙ නෑ..කීයක් හරි දුන්නොත් ගන්නවා."
මම ඇයට රු. 500/= ක් අත මිට මෙළවූයෙමි.
"මං බත් එකක් අරං කනවා..අයිස්ක්‍ක්‍රී එකක් එක්ක" ඇය අහිංසකව සිනාසුණාය.
මගේ යෝජනාව පගාව නීතිගත කරන ලෙසය. එවිට කාර්යක්ෂම සේවයක් සැලසේ. පාරිභෝගිකයා රස්තියාදු නොවේ. පගාව නීතිගත කොට ඊට "පගා බද්දක්" අය කිරීමෙන් රජයට ආදායමක්ද ලැබේ.
පගාව නීතිගත කරනු..!
ඒ වගත් මෙසේම..
හෙන්රි වර්ණකුලසූරිය

Thursday, 25 July 2024

බාහු සර්....බාහු සහෝදරයා...!! සුබ රාත්‍රියක්.....!!!

 සහෝදරයා කියා ඇමතූ මගේ එකම ගුරුවරයා....

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කාලවකවානු තුනකදී මට මුණ ගැසී ඇති අයුරු සිහිපත් වුණා.
පළමුව ආචාර්යවරයෙකු ලෙස පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී.
දෙවනුව වාර්තා විචිත්‍රාංගයක් සඳහා එතුමන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට නිවහනට ගිය විට.
තෙවනුව කොළඹ මහවැලි කේන්ද්‍ද්‍ර පැවැති පොතක් එළිදැක්වීමේ අවස්ථාවකදී.

අප විශ්වවිද්‍යාලයට යන විට එතුමන්ගේ වැඩ තහනම් කොට තිබුණා. ඒ එවකට ජනාධිපති ජේ.ආර්. බලහත්කාරයෙන් ජනාධිපති ලෙස පත්වීමට විරුද්ධව විශ්වවිද්‍යාලයේ හා ඉන් පිටත කළු කොඩි දැමීමට මූලික වීම නිසා. ඒත් සති කිහිපයකට තහනම ඉවත් කළ බැවින් අපට එතුමන්ගේ දේශන කීපයකට සහභාගි වෙන්න ලැබුණා. ප්‍රතාපවත්, හැන්ඩ්සම් ගුරුවරයා අපේ සිත් ගත්තා. ඇරත් ඔහු දුෂ්ඨ පාලකයෙකුට අභියෝග කළ වීරයෙක්.
වික්‍රමබාහු කරුණාරත්න පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලබා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍බ්‍රි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් අයෙක්. එතුමන් පූර්ණකාලීන දේශපාලනයේ නොයෙදී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළේ නම් වඩාත් ඉහළ සේවයක් ඉටු වන්නට තිබුණා නොවේදැයි මා ප්‍රශ්න කළොත්, ඒ ප්‍රශ්නය විවාදසම්පන්න විය හැකියි.
පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ කීර්තිමත් මහාචාර්ය මුණිදාස පී. රණවීර ගුරුතුමා පිළිබඳ 2009 වසරේදී මා අධ්‍යක්ෂණය කළ වාර්තා විචිත්‍රාංගයකට, එතුමන් සමඟ එකට අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය වික්‍්‍රමබාහු කරුණාරත්නගේ සම්මුඛ සාකච්ඡාවක් රූ ගත කිරීමට මා "බාහු" ගේ නිවහනට,"වලව්වට" ගිය අවස්ථාවේදී තමයි මට එතුමන් හා සමීපව බොහෝ දේ කතාබහ කරන්නට ඉඩ ලැබුණේ.
බාහු හරිම නිරහංකාරයි. ඒ වගේම දැඩි මතධාරියෙක්. ඒ එතුමන්ගේ හැටි. බාහුගේ දේශපාලනය හා මගේ එකඟතා, නො එකඟතා වෙතත් එතුමන් වෙත මා තුළ කවදත් ගෞරවයක් තියෙනවා.
අපි එතුමන් හැඳිවූයේ බාහු කියා නිසා මාත් බාහුම කියන්නම්. බාහු අපට සහෝදරයා කියා අමතද්දී සාමාන්‍යයෙන් "සර්" යනුවෙන් අමතන සරසවි ඇදුරාට මාත් සහෝදරයා කිව්වා. ඒ තමයි "සහෝදරයා" වූ මගේ එකම ගුරුතුමා.
මට බාහු අවසන් වරට සම්මුඛ වූයේ දැනට වසර කීපයකට පෙර ජවිපෙ හිටපු ලේකම් ලයනල් බෝපගේ සහෝදරයාගේ පොතක් එළිදක්වන අවස්ථාවේදී.
මේ සමඟ පළවන ලාල්කාන්ත, පුබුදු ජයගොඩ සහෝදරයින් එක්ක බාහු සහෝදරයා පෙනී ඉන්න සේයාරුවත් ඓතිහාසිකයි. ඒ දේශපාලනිකව වෙනස් මඟ යන තුන්දෙනා එකට පෙනී සිටින නිසයි.
වික්‍රමබාහු කරුණාරත්න "සර්..",
බාහු "සහෝදරයා"
ඔබතුමන්ට මගේ ආචාරය...!
මේ වීඩියෝව වාර්තා විචිත්‍රාංගයෙන් උපුටා ගත්තක්.

-සිතන්නා-

Wednesday, 17 July 2024

කොටි ප්‍රහාරවලට මැදිව

 

පිට පළමු පුහුණුව සඳහා යන්නට සිදු වූයේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය නුදුරේ පිහිටි කැලෑ දූපතකටයි. දවසක් කැලේ ගත කරන්නට සිදුවන හෙයින් අවශ්‍ය වතුර සහ කෑම අප රැගෙන ගියා. අපිට ලැබුණේ වතුර බෝතලයක් සහ බිස්කට් පැකට් එකක් පමණයි. කැ හමුදා ක්‍රියාන්විතයකට අවශ්‍ය හමුදා ඇඳුම් ඇඟලාගෙන, හැවර්සැක් (haversack) එකේ උණ්ඩ පිරවූ මැගසින් (magazine) රඳවාගෙන, ටී-56 ස්වයංක්‍රිය ගිනි අවියක් කරේ එල්ලා ගෙන තටාකාංගනයේ ජැටියකින් අපි බෝට්ටු වලට නැංගා. කණ්ඩායම් කිහිපයක් ලෙස බෝට්ටු කිහිපයකින් රැගෙන ගිය අපව එම කැලෑ දූපත අද්දර නොගැඹුරු මුහුදේ තැන් තැන් වල අත හරිනු ලැබුවා. මාලිමා යන්ත්‍රය මගින් නිශ්චිත ස්ථානයක් සොයාගෙන පැමිණීම අපගේ ඉලක්කය වුණා. | +++++++++++++++++++++++++++++++ 
අපි සියලු දෙනාම පටවාගත් නාවික හමුදා ට්‍රක් රථ ත්‍රිකුණාමලය හබරණ පාරේ තඹලගමුව ආසන්නයේදී නැවැත්තුවා. කැලෑ පුහුණුවට අවශ්‍ය වන පරිදි බොඩි ආමර් යෙදූ හමුදා ඇඳුම් ඇඟලාගෙන, හැවර්සැක් (haversack) එකේ උණ්ඩ පිරවූ මැගසින් (magazine) දෙක බැගින් රඳවාගෙන, ටී-56 ස්වයංක්‍රිය ගිනි අවිය කරේ එල්ලාගෙන, බිස්කට් වැනි කෑම බීම වතුර බෝතල් රඳවා ගත් පැසක් එල්ලාගෙන තඹලගමුවෙන් උතුරු ප්‍රදේශයේ කැලෑවක් බලා අප පිටත් වුණේ සැබෑ මෙහෙයුමක යෙදෙන සෙබළුන් ආකාරයටයි. මේ ප්‍රදේශයේ විටින් විට කොටි සංවිධානය සහ හමුදාව අතර ගැටුම් ඇති වූ නිසා අපට තරමක් දුරට කල්පනාකාරීව ගමන් ගන්නට සිදු වුණා. ලුතිනන් කොමාන්ඩර් අබේසේන නිතරම අපට පැවසුවේ 
be vigilant කියායි. එකිනෙකා පසුපස එකිනෙකා වන්නට අප කැලෑව මැදින්‍ ගමන් කරද්දී පුහුණු වන සෙබළියන් පසුපසින් ඇදුණා. නියෝගයක් නොමැතිව ටී 56 ස්වයංක්‍රීය අවිය භාවිතා කිරීමට අවසර නැති වුවත්, ඒ වන විට අපට වෙඩි තැබීමේ පුහුණුව ලබාදී අවසන්. මැගසින් (magazine) එක ලෝඩ් කර, ඉලක්කය ගෙන ට්‍රිගරයට ඇඟිල්ල තබා උණ්ඩ වර්ෂාවක් නිකුත් කරන ආකාරය අපට පුහුණු කොට තිබුණා. මේ පුහුණුවේ විශේෂම අංගය වූයේ ප්‍රහාර එල්ල කිරීම නොව කැලෑව හරහා ගමන් කිරීමේදී ඇතිවන දුෂ්කරතා ජය ගනිමින් කෑම්ප් ගැසීමට පුරුදු කිරීමයි. ටෙන්ට් අටවාගෙන, ගිනිමැල ගසා ගෙන, නිදි වර්ජිතව මුර සේවා පවත්වා ගෙන යමින් ආරක්ෂාකාරී වෙමින් රාත්‍රිය ගත කිරීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වුණා. ඒ සඳහා රාත්‍රිය වන විට ලුතිනන් කොමාණ්ඩර් බහා(ර්)ද පැමිණ සිටියා. +++++++++++++++++++++++++++++++++++++++ 
වෙඩි වරුසා මැද නිවාඩුවට ගමේ ආ අවස්ථා බොහොමයක් වුණත් එකිනෙකට වෙනස් අවස්ථා තුනක් ගැන පමණක් සඳහන් කරන්න හිතුවා. මුහුදු ආවේක්ෂණ කලාපයේ නැව් වලට අනුයුක්ත වී සිටිද්දී නාවික හමුදා නිලධාරියෙකුට නිවාඩු ලබා ගම රට බලා ඒමේ ක්‍රම කිහිපයක් තිබුණා. නිලධාරියෙකුට කියා මා විශේෂයෙන් සඳහන් කළේ නාවික සෙබළෙකුට නැතහොත් නැවියෙකුට සාමාන්‍යයෙන් නිවාඩු එන්නට සිද්ධ වුණේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගයන බලා එන යාත්‍රාවකින් පැමිණ එහි සිට ගොඩබිමින් කොළඹට එන Convoy එකකින් පැමිණීම මගින් නිසයි. කොන්වෝයි එකක ආයුධ සන්නද්ධ ආරක්ෂක සෙබළුන් රැගත් ට්‍රක් හා ජීප් රථ වලින් සමන්විත බස් රථ කිහිපයක් වූවා. නිලධාරීන් වැඩි වශයෙන් කොළඹ බලා පැමිණියේ ගුවන් මගින්. ඒ පලාලි හෝ ත්‍රිකුණාමලය චයින බේ ගුවන් කඳවුරු වල පිහිටි ගුවන් පථ හරහායි. ගුවන් යානයක ආසනයක් වෙන් කර ගන්නට ඉඩක් නොලැබුණු හදිසි අවශ්‍යතා වලදී නිලධාරීන්ටද කොන්වෝයි එකකින් කොළඹට එන්නට සිදු වුණා. කො‍‍හොමත් අප එවකට කණිෂ්ට නිලධාරීන් වූ බැවින් කල් තබා වෙන් කොටගෙන නොතිබුණේ නම් ගුවන් යානයක ඉඩ ලබා ගැනීම පහසු වුණේ නැහැ. ඊට හේතුව යුධ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් පෞද්ගලික මෙන්ම රාජකාරි අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් කොළඹ බලා පියාසර කළ නිසයි.

තවත් අත්දැකීම් මෙවර කතා කෝච්චියෙන් අහන්න...


- සිතන්නා

Tuesday, 25 June 2024

සුපිරි හොල්මන් කතාවක්....

නවගමුව රනාල තරුණයන් පිරිසක් විසින් පොසොන් පොහොය නිමිත්තෙන් හොල්මන් මන්දිරයක් ඉදිකර තිබූ අතර එය නැරඹීම සඳහා වයස 21ක කාන්තාවක් ඇයගේ පෙම්වතා සහ තවත් තරුණයන් පිරිසක් සමග පැමිණ ඇත.
එම පිරිස හොල්මන් මන්දිරය නරඹමින් ඒ තුළට යන අවස්ථාවේදී මිනී පෙට්ටියක් මත වැතිර සිටි පුද්ගලයා තම විවාහක සැමියා බව ඇය හඳුනාගෙන ගෙන ඇත. මළ මිනියක් ලෙස සිටි පුද්ගලයාද අදාළ කාන්තාව හඳුනාගෙන ඇති බවත් එම අවස්ථාවේදී මෘත දේහය ලෙස සිටි පුද්ගලයා වහා නැගිට කාන්තාවගේ හිස් කෙටියෙන් අල්ලා පහර දීමට තැත් කිරීම නිසා ගැටුමක් ආරම්භ වී ඇත.
එම කාන්තාවට පහරදීමට තැත් කිරීමත් සමඟ ඇය සමග සිටි අනෙක් තරුණ පිරිස ද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයන්ට පහර දීම සමග හොල්මන් මන්දිරයේ හොල්මන් ලෙස සිටි තරුණයන් ද එම පිරිසට පහරදීම ඇත. -සිතන්නා