Pages

Tuesday, 21 January 2025

සිංහල සිනමාවේ සංවත්සර දිනය වෙනස් වෙන්න තිබුණා....

 වැරැදි මගක නොගියා නම් සිංහල සිනමාවේ සංවත්සර දිනය වෙනස් වෙන්න තිබුණා....

ප්‍රථම සිංහල කතානාද වෘතාන්ත චිත්‍රපටය 1947 ජනවාරි 21 වැනිදා තිරගත වීම ඇරැඹුණද සිංහල සිනමාවේ ආරම්භය ඉන් එහාට දිවෙනවා. ඒ නිසා ජනවාරි 21 සංවත්සර දිනය වීම අහම්බයකටත් වඩා තරඟයක යෙදීමේ හා ජයග්‍රහණය කිරීමේ මෙන්ම තරඟයකදී එකිනෙකා පරයා යන්නට විවිධ අලකලංචි සිදුවීම ගැන ඉඟි කරනවා.


පළමු සිංහල චිත්‍රපටය (එකල හැඳින්වූයේ බයිස්කෝප් ලෙසිනි.) නිෂ්පාදනය ආරම්භ වූයේ 1923 දී. එනම් පළමු සිංහල කතානාද චිත්‍රපටය ලෙස සම්භාවනාවට පාත්‍ර වන "කඩවුණු පොරොන්දුව" තිරගත වීමට වසර 24 කට පෙරදී.


ඒ "රාජකීය වික්‍රමය"යි. මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ එවකට සුරූපී තරුණයා තේරීමේ තරගයකින් පළමු තැන දිනාගත් එන්.එම්. පෙරේරා සහ සිබිල් ජිම් නම් තරුණියයි. ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, එන්.පී.ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් මෙහි රඟපෑවා. ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මාස හයකදී අවසන් වුණා. නූර්බායි නමැත්තෙකු නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ දකුණු ඉන්දීය කැමරාශිල්පී ගුප්ත යි.

"රාජකීය වික්‍රමය " චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක වරයා ලෙස ප්‍රසිද්ධ සිතුවම් ශිල්පියෙකු වූ සාර්ලිස් මාස්ටර් කටයුතු කර ඇති අතර සහය කලා අධ්‍යක්ෂක ලෙස ජී . ඇස් ප්‍රනාන්දු කටයුතු කර තිබෙනවා . කෙසේ වුවත් ප්‍රථම නිහඬ සිංහල චිත්‍රපටය ලංකාවේ ජනතාවට නැරඹීමට ලැබුණේ නැහැ.

ප්‍රථමවරට නිෂ්පාදනය කළ සිංහල චිත්‍රපටය වූ "රාජකීය වික්‍රමය" බොම්බාය අවට නගරවලදීත්, සිංගප්පූරුවේත් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ලංකාවට ගෙන ඒමට පෙර ඇතිවූ හදිසි ගින්නකින් දැවී පිලිස්සී ගියේ කුමන්ත්‍රණයකින් බවයි ලේඛන වල සඳහන් වන්නේ. කෙසේ වෙතත් මෙය ලංකාවේ ජනතාවට දැක බලා ගැනීමට නොහැකි වීම ලංකාවේ සිනමා ඉතිහාස් සිදු වූ අවාසනාවන්තම සිදුවීමක්.


එසේ නොවන්නට සිංහල සිනමාවේ සංවත්සර දිනය වෙනස් වෙන්නට තිබුණා වගේම ඒ ඉතිහාසය 1924-25 වසර දක්වා දිව යන්නටත් ඉඩ තිබුණා.

ඒ ලෝක සිනමාවේ චාලි චැප්ලින්ගේ "The Gold Rush", සර්ජි අයිසන්සටයින් ගේ "Battleship Potemkin", ආන්ස්ට් ලූබිච් ගේ "The Marriage Circle", හෙන්රි කිංග් ගේ "Stella Dallas", ෆ්‍රිට්ස් ලෑන්ග් ගේ "Die Nibelungen" වැනි චිත්‍රපට තිරගත වූ කාලයයි.

ඉන් පසුව ෂන්මුගම් චිත්‍රපට නිෂ්පාදන සමාගම 1946 දී එන්. තුරෙයිසිංහම්ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ‘දිව්‍ය ප්‍රේමය’ නමැති චිත්‍රපටය නිපදවීමට පටන් ගත්තා. . එහි රඟපාන්නට. සී. බී. විජේසිංහ, ඕගන් රුද්‍රිගු, ටී.එල්. සිමියොන් ද සිල්වා, විමලා කාන්ති, කමලා කාන්ති තෝරාගෙන ඉංදියාවට ගියත් නිෂ්පාදන කටයුතු සිදු වුණේ ඉතා හෙමින්.


ඒ වන විට දර්ශන වාර අටසීයක් වේදිකා ගත කර තිබූ මීගමු, මිනර්වා නාට්‍ය කණ්ඩායමේ ‘කඩවුණු පොරොන්දුව’ නාට්‍යය සිනමාවට නැගීමට එස්.එම්. නායගම් උනන්දු වුණේ නාට්‍යයේ ජනප්‍රියත්වය ගැන සලකායි. ඒ අනුව ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටගත කිරීම 1946 දී දකුණු ඉන්දියාවේ මදුර නගරයේදී ආරම්භ කළා. රුක්මනී දේවි, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී. ජයමාන්න ඇතුළු ශිල්පීහු රඟපෑ ජොතිශ් සිංහගේ අධ්‍යක්ෂණයක් වූ "කඩවුණු පොරොන්දුව" එස්.එම්. නායගම්ගේ නිෂ්පාදනයක්.


කෙසේ වෙතත් ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය සඳහා වූ තියුණු තරගයෙන් ජයගන්නේ "කඩවුණු පොරොන්දුව"යි. 1947 ජනවාරි 21 වැනිදා කොළඹ කිංස්ලි සිනමාහලේදී "කඩවුණු පොරොන්දුව" මංගල දර්ශනය පවත්වනු ලැබුවා.

එහෙයින්ම ප්‍රදර්ශනය වූ ප්‍රථම සිංහල චිත්‍රපටය නාඩගම්, නාට්‍ය ලක්ෂණ පිළිබිඹු කළා. මා දකින්නේ සිංහල සිනමාව වැරැදි මගක ගමන් කරන්නට පටන් ගත්තේ එදා සිටම බවයි.


මේ කාලයේදීම ගාඩිනර් ඉන්දියාවේ කොයිම්බතුර්හි සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ "අශෝකමාලා" රූගත කිරීම කළත් ‘අශෝකමාලා’ දෙවැනි සිංහල චිත්‍රපටය ලෙස තිරගත කළේ 1947 අප්‍රේල් 09 වැනිදා. ‘සාලිය හා අශෝකමාලා’ කතා පුවත ඇසුරින් "අසෝකමාලා" තිරනාටකය ලිව්වේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නයි. අශෝකමාලා ලෙස එමලින් දිඹුලානත්, සාලිය කුමරු ලෙස ශාන්ති කුමාර් සෙනෙවිරත්නත් රඟපෑ ගී තනු ඇතුළත් වූ "අශෝකමාලා" චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ මොහොමඩ් ගවුස්.

ශ්‍රී ලාංකිකයකු වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ "අශෝකමාලා" චිත්‍රපටය ප්‍රථම ඓතිහාසික කතානාද චිත්‍රපටය ලෙස සිංහල සිනමා වංශකතාවේ සටහන් වූයේ නම් සිංහල සිනමා සංවත්සරය සමරන්න වෙන්නේ වෙනත් දිනයකයි.

එසේම එලෙස සිදු වූවා නම් ප්‍රථම සිංහල චිත්‍රපටය ඉංදීය මොඩලයේ බයිස්කෝප් එකක් වන්නේත් නැහැ.

-සිතන්නා-

Friday, 10 January 2025

කෝච්චි කතා දෙකක්...

 

කාලෙකට පස්සෙ කෝච්චියේ කොළඹ එද්දි කෝච්චි අත්දකීම්.

මං නගිද්දි එහෙන් මෙහෙන් සෙනඟ හිටගෙන උන්නා. තුන් දෙනා යන මුහුණට මුහුණ පිහිටි සීට් දෙකක මුසල්මානු කාන්තාවො 3 දෙනෙක්. දරුවො ඔඩොක්කුවේ තියාගෙන. බෑග් සීට් උඩ තියන්. බෑග් තියන උඩින් ඇති රාක්ක හිස්.


බෑග් අයින් කරල කාටවත් ඉඩ නොදී කයිය ගහගෙන යනවා. කවුරුත් සීට් එක දෙන්න කියන්නෑ. කාන්තාවොනෙ. අනෙක මුසල්මානුනෙ.

මට කොළඹ යනකල් හිටගෙන යන්න උවමනාවක් නැති නිසා එක සීට් එකක් ළඟ හිටගෙන බෑග් දිහා එබීගෙන රවාගෙන උන්නා.
බෑග් අයින් කරලා ඉඩ දුන්නේ බෑග් උඩින් දාල දෙන්නද කියල අහන්න හිතද්දිමයි.

අනෙක් සීට් එක තමයි ෆොටෝවෙ තියෙන්නේ. හිටන් ඉන්න අය බලනවා. ඉඩ දෙන්නෙම නෑ. එන්න එන්න සෙනඟ වැඩි වෙනවා. ටිකක් දුර යද්දි එක්කෙනෙක් ඇහුවා ඔය බෑග් තියන සීට් එකටත් ටිකට් අරං ද කියලා. ඔන්න බෑග් බිමිං තියලා ඉඩ දුන්නා.

++++++++++++++++++++++++++++++++++

අනෙක් ෆොටෝවෙ පේන්නෙ කෝච්චිවලට නැගල මියුසික් බෆල් දාගෙන ඔලුවට වද දෙන සංගීත හිඟන්නෝ. අපි සිංදු අහන්න ඕනෙ නම් අපිට ඕනෙ ඒව අහගන්නම්. උදේ පාන්දර ඝෝෂාවෙන් ඔළු අවුල් කරන්න එපා කියන්න කවුරුත් නෑ.



අඩුම තරමින් මේව උස්සන් නගිද්දි ස්ටේෂන් වලින්වත් නවත්තන්න බැරි ඇයි? මං දන්න තරමින් කෝච්චියේ හිඟා කෑම තහනම්.
මේවත් ක්ලීන් වෙන්න ඔළු හැදෙන්නෝනෑ.

-සිතන්නා-

Thursday, 2 January 2025

මේ ආණ්ඩුවේ හොඳම දේ දරුවන්ටද?


ස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසල්වල ළමුන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය යටතේ ඇති බස්නාහිර පළාත් අධ්‍යාපන කලාප අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් පසුගියදා නිකුත් කරනු ලැබුවා.

වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඉක්බිතිව මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ රජය අමාරුවේ දැමීමට නිලධාරීන් හිතාමතා ගත් තීරණය ආපසු හැරවීමට තමන් මැදිහත් වූ බවයි.

"අපි වගේ අයට අධ්‍යාපන කියන්නේ දරුවන්ට පියාපත් දෙනවා වගේ. තටු තිබුණොත් කොහාට ඉගිලෙන්න බැරිද?"

දැන් පාරාවළල්ලක් වී තියෙන්නේ මේ ආණ්ඩුවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියයි. ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට පියාපත් ලැබෙන පරිදි නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය විය.

ටියුෂන් සීමාවන් පැනවීමට අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරියගේ අමාත්‍යාංශය ගත් තීරණය මේ රටේ කිසිම රජයකට ගත නොහැකි වූ ඍජු තීරණයකි. එය ආපසු හැරවීම යනු දරුවන්ට පියාපත් ලබාදීම නොව අසරණ දරුවන්ගේ පියාපත් කැපීමයි. අනෙක් අතට මහින්දට අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හරිනිගේ හිතුමතේට හොර රහසේ මෙම තීරණය ගෙන ඇතැයි කිව හැකිද?

අපේ රටේ නිදහස් අධ්‍යාපනය කළු ලෑල්ලක් පමණයි. මේ රටේ ආර්ථිකය විසින් පාසල්වල සිටින ගුරුවරුන් බහුතරයක් කළු කඩ මුදලාලිලා බවට පත් කර ඇති බව අපි දනිමු. ඉස්කෝලේ මිස්ගේ හවස පන්තියට යන්න බැරි ළමයාගේ ඉරණම මේ රටට නොරහසකි.

අභ්‍යාස පොතක් ඉවර වූ විට තවත් පොතක් ගන්න දඟලපු අම්මලා තාත්තලාගේ දරුවෝ ඔය ටියුෂන් ගුරුවරු නිසා විඳින දුක කවදාවත් ඉස්කෝලෙක ඉගැන්වූ නැති මහින්ද ජයසිංහ නොදන්නවා ඇති.

පාසලේදී සම්පූර්ණ කළ යුතු විෂය නිර්දේශය බොහෝ ගුරුවරුන් දරුවන්ට උගන්වන්නේ ටියුෂන් පංතියේදීය. ටියුෂන් ගත නොහැකි රටේ දරුවෝ අදක්ෂයෝ යැයි කියති.

වත්මන් ආර්ථිකය තුළ ගුරුවරුන්ට උපකාරක පන්ති සහනයක් වී ඇති බව සැබෑය. ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩිවීමක් කළ යුතු බව ඇත්ත. නමුත් රජයට ගෙවිය යුතු ණයක් වෙනුවෙන් ළමයින්ට බැන වැදීම අපරාධයකි.

මේ රටේ පාසල් යනු තනිකරම දූෂිත පද්ධතියකි. එක පැත්තකින් විදුහල්පති භීෂණයයි. දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මෙන්ම පළමු වසර හැර අතරතුර වසරක කාලයක් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම, පාසල් මාරුවීම්වලදී ඔවුන් මෙහෙයවන විදුහල්පතිවරුන් වෙනම මාතෘකාවකි. පාසලක අතරමැදි පුරප්පාඩු සඳහා ළමයකු ඇතුළත් කරගැනීමට රුපියල් ලක්ෂ දෙක, තුන, හතර නොඉල්ලන විදුහල්පතිවරයකු සිටින පාසලකින් අබ ටිකක් සොයා ගත හැකිද යන්න සොයා බැලීමට වෙනම කමිටු පත් කළ යුතුය.

මෙවැනි මාෆියාවක් පාසල් තුළ ක්‍රියාත්මක වන වටපිටාවක බටහිර පාසල්වල ගුරුවරුන් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම් කිරීමට ගත් තීරණය ප්‍රගතිශීලී පියවරක් විය. එය බස්නාහිර පළාතේ ආදර්ශයක් ලෙස අත්හදා බලා මුළු රටටම යෙදිය හැකිව තිබූ තීරණයකි.

තමන්ගේම පාසලේ දරුවන්ට ටියුෂන් නොදී දක්ෂ ගුරුවරයෙකුට පාඩුවක් නැත. කලාපයේ තවත් බොහෝ පාසල් තිබේ. වෙනත් පාසල්වල දරුවන්ට දක්ෂ ගුරුවරයකුගේ දැනුම ලබාගැනීම සඳහා ටියුෂන් අවශ්‍ය වේ.
එහෙම නැතුව ආණ්ඩුවෙන් පඩියක් අරගෙන තමන්ගේ පාසලේ දරුවන්ට ටියුෂන් පවත්වන්නට ගුරුවරු අයිතියක් ඉල්ලනවා නම් ඒක අමු වංචාවකි. නිරුවතින් පාරේ යෑම ඊට වඩා යහපත්ය.
(උපුටා ගැනීමකි.)

-සිතන්නා-

Monday, 16 December 2024

වෙඩි නොතබා පළවා හරිමු..!

 


රිළවුන්, වඳුරන් ගහණය වැඩි වී සකල ශ්‍රීලංකාවාසීන්ගේ ජන ජීවිතය විනාශ කරද්දී, යුරෝපයේ මෙන් සමතුලිතතාව රැකීම සඳහා උං වෙඩි තබා මරා නොදමා ලංකාව වටා ඇති දූපත් වලට ගෙන ගොස් මුදාහැරීම හොඳ තීන්දුවක්.

ලංකා දූපත වටා ඇති මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකළපුව, පුත්තලම වැනි කළපු ආශ්‍රිතව දූපත් විශාල ප්‍රමාණයක් තියෙනවා. පෙරියතිව්, මාන්තිව්, කකරෙයිතිව්, පුලියන්තිව් හා පිජන්, බෆලෝ, සෝබර් වැනි දූපත් රාශියක් ඒ සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

මීට විරුද්ධ වන සංවිධාන වෙත්නම් ඔවුන්වත් එහි පදිංචි කරමු. එසේම සතුන්ට ආහාර පාන දීමට උනන්දු අයට පළතුරු, එළවළු ආදිය රැගෙන දූපත් වෙත යන්න බෝට්ටු සේවා සංවිධානය කළ හැකියි.

ඒ වගේම වල් අලි මිනිස් ජනාවාස වලින් කැළේට පළවා හැරීමේ තීන්දුවට එරෙහි සංවිධානවලට නිකරුණේ කොළඹ අව්වේ වේලෙන්නේ නැතිව වල් අලි ගැවසෙන අනාරක්ෂිත ගම්මාන අද්දරට ගොස් පිකටින් කරන්නට අවස්ථාව සැලසිය යුතුයි.

-සිතන්නා-

Wednesday, 27 November 2024

කපුගේ ගැයූ 'කම්පන'හි ගීතය 'පන්සල් වැලපිල්ල'

                                      පන්සල් වැලපිල්ල


ගුණදාස කපුගේ විසින් සංගීතවත් කරන ලද 'පන්සල් වැලපිල්ල' ගීතය ඔහුගේ 'කම්පන' සංගීත ප්‍රසංගයේදී ගායනා කරන ලද ගීතයකි. මෙම ගීතය රත්න ශ්‍රී විජේසිංහ විසින් රචනා කරන ලද්දකි.

1988 ඔක්තෝම්බර් 22 වැනිදා පැහැර ගනු ලැබූ වෛද්‍ය ශිෂ්‍ය ත්‍රිමා විතාණ ඝාතනය පදනම් කර ගත් 'පන්සල් වැල්පිල්ල' - ගීතය ඉතා සංවේදී එකක් වන්නේ සැබැවින්ම ත්‍රිමාගේ ඝාතනය එවකට බොහෝ තරුණ ජීවිත ඝාතනය කෙරුණු ආකාරය පෙන්වන ඉතා සාහසික ඝාතනයක් වීම හේතුවෙනි.
වැල්ලවාය, කොස්ලන්ද මාර්ගය අසලදී ත්‍රිමා විතානට වධ හිංසා කොට, ඔහුගේ සිරුර සිගරට්වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් ගැලවී, ඇස් උගුල්ලා දමා, පරාල ඇණ හිසට ගසා කඹයක් බැඳ ජීප් රථයකින් පාර දිගේ ඇදගෙන ගොස් පුළුස්සා දමා ඇති බවට අනාවරණය වූවකි.
(මෙම සටහන මිරර් ආට්ස් වෙබ් අඩවියෙන් උපුටාගත් කොටසකි.)
පසුව ලියමි: ත්‍රිමා විතාන ඝාතනය කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී සුසන්ත පුංචි නිලමේ ගේ අනුදැනුම හා මෙහෙයවීම යටතේ බව ප්‍රකටය.

-සිතන්නා-

Wednesday, 30 October 2024

රනිල් ! දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉඳහං...

 

රනිල් වික්‍රමසිංහ ජනතාව අමතා කළ ප්‍රකාශය ගැන මගේ විවේචනය මෙවර කතා කෝච්චියෙන්.

පරාජිත රනිල් ජනතාව ඇමතීමට සිතනවා යනු නුදුරේ යළි ජනාධිපති වෙන්න ලැබෙනවා යන සිහිනයේ සිටීමයි.


-සිතන්නා-



Wednesday, 23 October 2024

ධම්මික මහත්තයා අව්‍යාජ සටන්කාමියේ

"ආනන්ද අව්‍යාජ සටන්කාමියෙකු ලෙස සමාජගත වීමට පුරෝගාමී වූ" යනුවෙන් සඳහන් කොට මගේ සේයාරුවක් එක්ක ලිපියක් පත්තරේක පළ වුණේ අවුරුදු 10 ට කලින්.
ආනන්ද ඉඩමේගම සරසවි සගයා මා ජවිපෙ අන්තරේට නොව ජවිපෙ යන්තරේට සම්බන්ධ කළ මගේ දේශපාලන ගමන් සගයා තමයි. ඒත් ඔහු සමාජගත කරන්නට මං එහෙමට දෙයක් කරලා නෑ. ලිපියක් දෙකක් ලියලා තියෙනවා. මේ සමඟ පළවෙන්නෙ විදේශයේ සිට බෙදාහැරිය රහස් ප්‍රකාශන වල ආනන්ද ගැන නොනමින් පළ වූ ලිපි දෙකක්.


ඉඩමේ නොහොත් ධම්මික මහත්තයා අව්‍යාජ සටන්කාමියෙකු ලෙස සමාජගත වෙන්නේ ඔහු සමාජය එක්ක ගනුදෙනු කළ ආකාරයෙනුයි. විශ්වවිද්‍යාලයේ පමණක් නොව බාහිර සමාජයේද ඔහු ප්‍රසිද්ධ සටන්කාමියෙක්. අතිශය දරුණු මිනීමරු යුගයක රුක්මන් සේනානායකගේ කපුකමින් ප්‍රේදාස ජනාධිපති එක්ක සාකඡාවට ගිය කණ්ඩායම මෙහෙය වූයේත් ධම්මික මහත්තයා තමයි.


ඔවුන් සිය අනන්යතාව සුරැකෙනු පිණිස මුහුණු ආවරණය කරගෙනයි මිනීමරු ප්‍රේමදාස හමුවට ගියේ. මේ සමඟ පළවන සේයාරුවත් එහෙම වෙනත් සාකච්ඡාවකට පිරිසක් ගිය අවස්ථාවක ගත් එකක්. එහෙමයි එදා ජවිපෙ ශිෂ්‍ය නායකයින් හා දේශපාලන මණ්ඩල සභිකයින් අවදානම් ගත්තේ.. 

-සිතන්නා-


Friday, 27 September 2024

සිහිනයෙන් අවදි වෙමු.

යග්‍රහණය භුක්ති වින්දා ඇතිය.
ජයපැන් බිව්වා ඇතිය.
යාළු මිත්‍රයින් එක්ක සතුට බෙදාගත්තා ඇතිය.
මදි වගේ නම් ඒ ගමන්ම සිහිනයෙන් අවදි වෙමු.


අලුත් ඉරක් පායා ඇත. එහි නැවුම් ආලෝකය දසත පැතිරේ. ඒ නිසා වේලාසනින් අවදි වී වැඩ පටන් ගත යුතුයි. අප සිහින දකින නිමේශයේ සතුරා වැඩට බැස ඇත.
ඔවුන් තුෂ්ණිම්භූත වූ වේගයෙන්ම ප්‍රහාරයට බර අවි සකසමින් සිටී. එහෙයින් ජාජබ බලයට ගෙනෙන්නට කැප වූ මුළුමහත් පුරවැසි සමූහයට ඇත්තේ විශාල වගකීමකි. දැවැන්ත ඉලක්කයකි. මෙය තේරුම් නොගෙන සිඟිති ආතල් ගැනීම නතර කළ යුතුය.

වරදවා වටහා නොගන්න. මා අමතන්නේ පාලකයින් නොවේ. වර්තමාන පාලකයින් පුරවැසියාට ඉදිරියෙන් සිටී. දැන් පුරවැසියා ඔවුන් පසුකොට යන්නට වෙර දැරිය යුතුය.
ඉදිරි මහ මැතිවරණය අතිශයින් තීරණාත්මකය. ලද ජයග්‍රහණයේ ඵල භුක්ති විඳිය හැක්කේ විශිෂ්ට ජජයග්‍රහණයක් මතිනි. සියලු විරුද්ධවාදීන් බලමුළු ඒකරාශී කිරීමට දහංගැට ගහද්දී අපි එකිනෙකාට විශාල වගකීමක් ඇත.
අනුර කුමාර දිසානායකට රට ගොඩ නැගීමේ පැහැදිලි දැක්මක් ඇත. ඔහු වටා සිටින නායකයින්ද ඊටම සරිලන සේ උර දෙමින් සිටී. අප කළ යුත්තේ මුළු මහත් සමාජය ඊට අලගු තබන්නට එක් ඉලක්කයකට මෙහෙයවීමය. එසේ නොමැතිව අනුරට කකතිරය ගැසූ මෙන්ම නොගැසූ බකපණ්ඩිතයින්ගේ හිස්ප්‍රලාප වලින් සෙතක් නැත.
විවේචන, යෝජනා, චෝදනා මදක් පසෙකට කර ඉදිරි මහමැතිවරණයේදී වැඩි නියෝජිතයින් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුතුය. කෝටියේ ඉලක්කය අවශ්‍ය වන්නේ දැන්ය.
ජාජබ වෙත පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් නොදී මේ සිස්ටම් එක චේන්ජ් කළ නොහැක. විනාශකාරී, ප්‍රෝඩාකාරී, ත්‍රාඩ පාලනයක් ඇති කළේ 5/6 ක, 2/3 ක පාර්ලිමේන්තු බලයකින් බැවින් වළේ වැටුණු එකා වළ කටෙන්ම ගොඩ ඒමේ න්‍යාය අනුව එවන් බලයක් ලබා දිය යුතුය.
ඉන් මෙහා ජාජබ නායකයා ජනාධිපති කිරීමෙන් පමණක් සිස්ටම් චේන්ජ් කළ නොහැකි බව අප තේරුම් ගත යුතුය.
සිහිනයෙන් අවදි වී අති ප්‍රබල ජාජබ ආණ්ඩුවක් බිහි කරමු.

-සිතන්නා-

Thursday, 19 September 2024

2024 ජනාධිපතිවරණය පිළිබඳ මගේ අවසන් පුරෝකථනය...


සැලකිල්ලට ගත් දත්ත..

1. මෙතෙක් පැවැති ජනාධිපතිවරණයන්හිදී ලබා දුන් ඡන්ද ප්‍රතිශත-
1982 ජේ.ආර්. -52.91%
1988 ප්රේමදාස -50.43%
1994 චන්ද්රිකා - 62.28%
1999 චන්ද්රිකා - 51.12%
2005 මහින්ද - 50.29%
2010 මහින්ද - 57.88%
2015 සිරිසේන -51.2%
2019 ගෝඨාභය -52.25%
ඉහත සෑම අවස්ථාවකදීම ඡන්ද සටන පැවැතියේ දෙදෙනෙකු සමඟය.
==============
සැලකිල්ලට ගත් දත්ත..
2. 2015 හා 2019 ලැබුණු ප්‍රකාශිත ඡන්ද පිළිවෙළින් 81.52% හා 83.72% වේ.
3. 2015 හා 2019 ලැබුණු අවලංගු ඡන්ද පිළිවෙළින් 1.15% (140,925) හා 0.85%(135,452) වේ.
4. 2015 හා 2019 ලැබුණු මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව පිළිවෙළින්
80.5%[12,123,452],
82.87%[13,252,499]
වේ.
===================
ඇතිවෙමින් පවතින උනන්දුව මත මෙවර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වන 17,140,354 න් 84% ක් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි අනුමාන කරමු. එය 85% වන්නටද ඉඩ ඇත. එනම් ඡන්ද 14,569,300 කි.
එසේම අවලංගු ඡන්ද සංඛ්‍යාව 171,403, එනම් 1% වන්නේ නම් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 14,397,897 ක් වේ.
වෙනත් ආකාරයකින් කියන්නේ නම් 2024 ජනාධිපතිවරණයේදී මුළු වලංගු ඡන්ද ප්‍රමාණය එක් කෝටි හතළිස් තුන් ලක්ෂ අනූහත් දහස් අටසිය අනූහතකි.
==================
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන සජිත් හා අනුර අතරත්, ඊළඟ පෙළේ සිටින රනිල් හා අනුර අතරත්, අවශේෂ පිරිස අතරත් බෙදී යනු ඇත්තේ ඡන්ද 14,397,897 කි. දළ වශයෙන් 14,400,000 කි
මෙයින් 50% ඡන්ද හැත්තෑ දෙලක්ෂයකි{7,200,000}.
=================
අලුත් ඡන්ද 876,796 න් ප්‍රකාශිත ඡන්ද 85% හා අවලංගු 1% අඩු කළ විට වලංගු ඡන්ද සංඛ්‍යාව 737,824 කි.
මෙයින් ලක්ෂ 5 ක් අනුරටද, 70,000 ක් සජිත්ටද, ලක්ෂයක් රනිල්ටද, ඉතිරි 17824 අනෙක් අපේක්ෂකයින් අතරද බෙදා දෙමි.
අවසන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය ලබාගත් ඡන්ද 6,924,255 න් විශාල පංගුවක් අනුරටද, ඊළඟට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් නාමල්ට හා රනිල්ටද ලබා දී ඉතිරිය අනෙක් අපේක්ෂකයින් අතර බෙදා දෙමි. කලකිරීමට පත්ව ඡන්දය නොදෙන පිරිසක්ද ඇත.
ඉන් පසුව ඒ ඒ ඡන්දාපේක්ෂකයින්ගේ පදනම් ඡන්දද සැලකිල්ලට ගෙන, සහයෝගය ලබා දෙන දෙමළ, මුස්ලිම්, වතුකරයේ හා වෙනත් ඡන්දද උපකල්පනය කිරීමෙන් පහත නිගමන වලට පැමිණ ඇත.
================
වලංගු මුළු ඡන්ද සංඛ්යාව වන 14,400,000 න්
අනුර - 6,480,000 [45%]
සජිත් - 5,040,000 [35%]
රනිල් - 1,460,000 [10.2%]
නාමල් - 950,000 [6.6%]
වෙනත් - 460,000 [3.2%]
ලෙස දළ වශයෙන් ඡන්ද ලබා ගනු ඇතැයි පුරෝකථනය කරමි.

පළමු වටයේ ඡන්ද වලින් අනුර බොහෝ ඉදිරියෙන් සිටින බැවින් 50% ඉක්මවා නොගියද දෙවන වටයේ මනාප වලින් සජිත්ට අනුර අබිබවා යා නොහැකිය.

-සිතන්නා-

Wednesday, 28 August 2024

රටේ සල්ලි කන ජනාධිපති උපදේශකයෝ , විශේෂ සහායකයෝ හා අධ්‍යක්ෂ ජනරාල්ලා

 



ජනාධිපති කාර්ය මණ්ඩලයේ විවිධ උපදේශක, අධ්‍යක්ෂ ආදී පත්වීම් ලබා දී මහජනතාවගෙන් වැටුප් ලබන්නන් 92 කගේ ලේඛනය

ජනාධිපති උපදේශකයෝ සහ විශේෂ සහායකයෝ
1. අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක - විමධ්‍යගත පරිපාලන,
2. රුවන් විජේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස,
3. ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක - ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය.
4. ආචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක - මාධ්
5. මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීම.
6. ප්‍රියානි විජේසේකර මිය. ජනාධිපති උපදේශක - පාර්ලිමේන්තු කටයුතු,
7. දිනේෂ් වීරක්කොඩි, ජනාධිපති උපදේශක භාණ්ඩාගාර කටයුතු,
8. බී.එම්.එස්. බටගොඩ, ජනාධිපති උපදේශක ආහාර සුරක්ෂිතතාව.
9. ජනාධිපති නීතීඥ එම්. කේ.බී.ඒ. ජේ. තිලකරත්න මිය. ජනාධිපති උපදේශක නීති කටයුතු
10. අනුර සොලමන්ස්, ජනාධිපති උපදේශක මාධ්‍ය හා සන්නිවේදන.
11. ආර්. පාස්කරලිංගම්, ජනාධිපති උපදේශක - ආර්ථික ප්‍රතිපත්ති ක්‍රීයාත්මක කිරීම.
12. ආචාර්ය සරත් රාජපතිරණ, ජනාධිපති උපදේශක - ආර්ථික ප්‍රතිසංස්කරණ.
13. නිරංජන් ජෝශප් ද සිල්වා දෙවා ආදිත්‍ය, ජනාධිපති උපදේශක - යුරෝපා, ආසියානු, අප්රිකානු කැරිබියන් සහ පැසිෆික් රටවල් සහ බ්‍රිතාන්‍ය කටයුතු.
14. චන්ද්‍රා ෂාෆ්ටර්, ජනාධිපති උපදේශක - උඩරට සම්බන්ධිකරණ කටයුතු.
15. සමන් අතාවුදහෙට්ටි. ජනාධිපති උපදේශත - සන්නිවේදන.
16. ආනන්ද මල්ලවතන්ත්‍රි ජනාධිපති උපදේශක - පරිසර, දේශගුණ විපර්යාස හා හරිත ආර්ථික,
17. ආශු මාරසිංහ. ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු කටයුතු,
18. තුෂාර වජිර පෙරේරා, ජනාධිපති උපදේශක - විද්‍යාත්මක කටයුතු.
19. ආර්. එස්. වීරසිංහ, ජනාධිපති උපදේශක - ජාත්‍යන්තර කටයුතු.
20. රෝසි සේනානායක, ජනාධිපති උපදේශක - පළාත් සභා කටයුතු.
21. ආචාර්ය ජී. විග්නරාජා, ජනාධිපති උපදේශක උපායමාර්ගික වෙළෙඳ ප්‍රතිපත්ති සහ පර්යේෂණ.
22. සංජීව ගාඩිනර්, ජනාධිපති උපදේශක - ව්‍යවසාය සංවර්ධන,
23. සී. පාලියද්ද, ජනාධිපති උපදේශක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
24. ජෝන් අමරතුංග, ජනාධිපති විශේෂ සහයක.
25. ආතන්ද කුලරත්න, ජනාධිපති විශේෂ සහයක.
26. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, ජනාධිපති විශේෂ සහායක.
27. චම්පිකා ප්‍රේමදාස, ජනාධිපති විශේෂ සහායක,
අධ්‍යක්ෂ ජනරාල්ලා
1. ධනුෂ්ක රාමනායක, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති මාධ්‍ය අංශය,
2. ජේ. එම්. එස්. එල්. බණ්ඩාර, අධ්‍යක්ෂ ජනරාල් - විශේෂ ව්‍යාපෘති.
3. තුසිත හල්ලොලුව, අධ්‍යක්ෂ ජනරාල් - මහජන සම්බන්ධතා.
4. එස්.ඒ.බී. හේරත්, අධ්‍යක්ෂ ජනරාල් - කාර්යාල මණ්ඩල ප්‍රධානී කාර්යාලය
5. සමල් සෙනරත්, අධ්‍යක්ෂ ජනරාල් - දේශපාලන කටයුතු.
7. රජිත් කීර්ති තෙන්නකෝන්, අධ්‍යක්ෂ ජනරාල් - ප්‍රජා කටයුතු.
6. සමන් රත්නප්‍රිය. අධ්‍යක්ෂ ජනරාල් - වෘත්තීය සමිති.
8. ඩබ්ලිව්. එච්. එස්. එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති මන්දිර, කොළඹින් බැහැර,
9. වඩිවෙල් ක්‍රිෂ්ණ මූර්ති, අධ්‍යක්ෂ ජනරාල් - විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය,
10. පාලිත ලිහිණිය කුමාර, අධ්‍යක්ෂ ජනරාල් - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
11. විශ්‍රාමික මේජර් ජෙනරාල එත් ඵලකේ. සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් - සංවර්ධන ව්‍යාපෘති අධික්ෂණ
12. බ්‍රිගේඩියර් යූ.එල්.ජේ.එස්. අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාල මණ්ඩල ප්‍රධානී කාර්යාලය,
13. ආචාර්ය අසංක ගුණවංශ, අධ්‍යක්ෂ ජෙනරාල් සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍ත්‍රය සඳහා වූ අතුරු ලේකම් කාර්යාලය
සාගල රත්නායකගේ කාර්යාලය, මාධ්‍ය, ජන සභා හා අනෙකුත් තනතුරුලාභියෝ
1. රවීන්ද්‍ද්‍රහේවාවිතාරණ, ලේකම්, ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
2. කේ. ඩී. ඒ. ජී. වික්‍රමසිංහ, නීති උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.
3. ඒ. එස්. විඩේසිංහ, ආර්ථික උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලය.
4. එස්.එස්. ගනගම ආරච්චි, උපදේශක - විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය.
5. කේ.ඩබ්ලිව්. ඒ. එම්. කෝකිල, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
6. ටී. එම්. ජී. එන්.කේ. මඩුගල්ල, අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
7. ඩී. එම්. පියසේන, අධ්‍යක්ෂ (මුද්‍රිත මාධ්‍ය) ජනාධිපති මා අංශය.
8. ශානුක කරුණාරත්න, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්ය අංශය.
9. ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.
10. අනෝමා මාතරගේ, අධ්‍යක්ෂ (සංවර්ධන සන්නිවේදනය) ජනාධිපති මාධ්‍ය අංශය.
11. ඩබ්ලිව්. එල්. ප්‍රදීප් සුරංග, අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
12. වරුණ දීප්ත රාජපක්ෂ, අධ්‍යක්ෂ (සංවර්ධන සන්නිවේදන) ජනාධිපති මාධ්‍ය අංශය.
13. කේෂාල් ජයසිංහ, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
14. කේ. ජී. එස්. මධුසංක, අධ්‍යක්ෂ (දේශපාලන කටයුතු සම්බන්ධීකරණය) කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.
15. වයි. ආර්. එච්.වී. බණ්ඩාර, අධ්‍යක්ෂ (විද්‍යූත් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති අංශය.
16. බී.කේ. සුගත් කුමාර, අධ්‍යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය අංශය.
17. එම්. එම්. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (පහසුකම්) ජනාධිපති මාධ්‍ය අංශය.
18. සී. එස්. ගුණවර්ධන, අධ්‍යක්ෂ (ඡායාරූපකරණය හා නිර්මාණාත්මක ඡායාරූපකරණය),
19. ඩී.එස්. හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (ඉංජිනේරු) ජනාධිපති මාධ්‍ය අංශය.
20. වී.එස්. ආර්. කොඩිතුවක්කු, අධ්‍යක්ෂ (ඉලෙක්ට්‍රෝනික හා මෙහෙයුම්).
21. එච්. එම්. ෂේන්, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.
22. මංගල සමරසිංහ දිසානායක, අධ්‍යක්ෂ - (නව මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.
23. අකංලක හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
24. සී. ඩබ්ලිව්.එස්. ෆොන්සේකා අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
25. වී.ඩී. කේ. ගුණවර්ධන, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
26. පී.ඩී. චමින්ද කුමාර, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.
27. වයි. එන්. සුදසිංහ, අධ්‍යක්ෂ - (නිර්මාණාත්මක) ජනාධිපති මාධ්‍ය අංශය.
28. ඒ. ඩබ්ලිව්.ඩී. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති අංශය.
29. අශෝක ලාල් සිගේරා, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.
30. එම්. ජී. ජයතිස්ස, අධ්‍යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය අංශය.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු සහ අධ්‍යක්ෂවරු
1. සුනිල් රම්‍යවංශ ජාගම්මන, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්,
2. සුජිත් ක්‍රිෂාන්ත අක්කරවත්ත, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් (බෞද්ධ කටයුතු).
3. කේ. ඒ. ජී. මංජුයි, ජනාධිපති සම්බන්ධකරණ. ලේකම් - බෞද්ධ කටයුතු (විශේෂ ව්‍යාපෘති)
4. ජේ. ඒ. සුනිල් ප්‍රේමසිරි. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්,
5. කේ.ඒ.ඩී .එස්, සෙබස්තියන්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්.
6. සමන් කබ්‍රාල් විජේතුංග, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංගය.
7. සජන සූරියආරච්චි, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍යය.
8. ඩබලිව්.ඩී. පැතුම් පතිරණ, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.
9. පී.එස්. ලක්මාල්, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජනාධිපති පෞද්ගලික ලේකයි කාර්යාලය.
10. එම්. ඒ. එල්. මහින්ද මානෙලුව, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.
11. පී.ආර්.වී.සී. ප්‍රනාන්දු, ව්‍යාපෘති කළමනාකරු උපදේශක - ජාතික ජන සභා ලේකම් කාර්යාලය,
12. දීප්ති ප්‍රමිතා අධිකාරී, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා - ජනාධිපති මාධ්‍ය අංශය.
13. සුභාෂ් වීරතුංග ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.
14. සී. සම්පත් කොඩිකාර, නියෝජ්‍ය අධ්‍යක් - ජනාධිපති මාධ්‍ය අංශය,
15. ඩී. එම්. එස්. චතුරංග අල්විස්, නියෝජ්‍ය අධ්‍යක් (විද්‍යුත් මාධ්‍ය) ජනාධිපති මාධ්‍යඅංශය,
16. කේ. හරේන්ද්‍ර නියෝජ්‍ය අධ්‍යක් (කර්තෘ මණ්ඩල - දෙමළ) ජනාධිපති මාධ්‍ය අංශය.
17. සඳුන් අරෝෂ ප්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක් (කර්තෘ මණ්ඩල ඉංග්‍රීසි) ජනාධිපති මාධ්‍ය අංශය.
18. ඒ.අයි.එස්. බී. මුණසිංහ, නියෝජ්‍ය අධ්‍යක් - ජනාධිපති මාධ්‍ය අංශය.
19.පී.එච්.පි.ටී. පුංචිහේවා, නියෝජ්‍ය අධ්‍යක් (මාධ්‍ය සම්බන්ධීකරණ) ජනාධිපති මාධ්‍ය අංශය.
20. එස්.ජේ.එම්, ලියනගේ, නියෝජ්‍ය අධ්‍යක් - ජනාධිපති මාධ්‍ය අංශය
21. ජේ.පී. සමන්තිලක බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංගය.
22. ටී. ශානිකා නිලංගනී ප්‍රනාන්දු, සහකාර අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය.

-සිතන්නා-