Pages

Tuesday, 19 August 2014

"නාමල්ගේ ලියුමට කැම්පස් යන්නත් පුළුවන්" නොහොත් ක්ෂණයෙන් රෙද්ද කඩාගත් ක්ෂණිකා නෝනා....



විශ්වවිද්‍යාලවලට ප‍්‍රථම උපාධිය සඳහා සිසුන් තේරීමේ වගකීම මෙන්ම එහි ස්වාධීනත්වය ඇත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවටය. එම වගකීම ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරුණේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේය. ඒ අනුව උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබන සිසු සිසුවියන්ට සාධාරණ ක‍්‍රමවේදයකින් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය හිමිකරදීම එම ආයතනයට පැවරී ඇති වගකීමයි. කොමිෂන් සභාව නිල සාමාජිකයන් සත්දෙනකුගෙන් සමන්විතය. ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති තනතුරට මෙන්ම කොමිෂන් සභාවට නිල සාමාජිකයන් පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය ලෙස කටයුතු කළ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස පත්කර තිබේ.



 කතා නායිකාව

ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය කියන පරිදි, ‘මානුෂික හේතු මතමෙම කතා නායිකාව විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගෙන ඇතිවා සේ ම මානුෂික හේතු මත ඇයගේ නම අපි මේ ලිපියට ඇතුළත් නොකරමු. කරන්දෙණිය, යක්කඩුව පදිංචි ඇය 2010 වසරේ උසස් පෙළට පෙනී සිටින මුත් විශ්වවිද්‍යාලයට ඒමට තරම් සුදුසුකම් නොලබන්නීය. එබැවින් විශ්වවිද්‍යාලයට ඒමේ අරමුණින්ම ඇය දෙවන වර එනම් 2011දීද උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. 2011 වසරේ පැවති අපොස සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ එක් ලක්ෂ දෙදහස් පන්සියයක් පමණ පෙනී සිටියහ. ඉන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව අසූ දහසකට ආසන්නය. අපේ කතා නායිකාවද එහිදී කලා ධාරාව යටතේ පෙනීසිටිමින් සිංහල සහ බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයයන් සඳහා A සාමාර්ථයන්ද, තර්ක ශාස්ත‍්‍රය සහ විද්‍යාත්මක ක‍්‍රමය සඳහා ක්‍ සාමාර්ථයද ලබා ගත්තාය. ඇයගේ ඉසෙඞ් ලකුණු වූයේ 1.4012ය. එය විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා ප‍්‍රමාණවත් අගයකි. එහෙත් මොනයම් හේතුවක් මත හෝ සිසුවිය විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට අයදුම් නොකළාය.

විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අයදුම් පත‍්‍රය මුද්‍රණය කරන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවය. රුපියල් 500ක් ගෙවා එම අයදුම්පත‍්‍රය මිලදී ගැනීම අයදුම්කරුවන්ගේ වගකීමකි. පළමුවර විශ්වවිද්‍යාල සුදුසුකම් නොලබද්දී ඇය දෙවන වර ලියනුයේ විශ්වවිද්‍යාලයට යෑමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඊට සුදුසුකම් ලැබුවද ඇය ඊට ඉල්ලූම් නොකරන්නීය. ඉන් දෙවසරක්ම ඉක්ම ගිය තැන 2013 වසරේ අගෝස්තු මස 27දාතමින් යුතුව ඇය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අතිරේක ලේකම්වරයකුට අභියාචනයක් යොමු කළාය.

එලෙස අභියාචනයක් ඉදිරිපත් කරන ඇය 2011දී තමාට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට අයදුම් කිරීමට නොහැකිවීමේ හේතු ඉදිරිපත් කළාය. ඒ තම පියා වරින්වර අසනීපවීම නිසායැයි ද පොත් කඩවලින් සොයනු ලැබූවත් අලෙවි වී තිබූ නිසාඅයදුම්පත‍්‍රය මිලට ගැනීමට නොහැකි වූයේයැයිද කියන ඇය අතපසුවීම ගැන අනුකම්පා කර සාධාරණයක් ඉටුකර දෙන ලෙසද සිය අභියාචනයෙන් ඉල්ලා තිබුණි.

නාමල්ගේ මැදිහත්වීම












සිසුවිය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට මාස දෙකකට පෙර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට මෙම සිසුවියගේ ඉල්ලීමට අදාළව ලිපියක් ලැබී තිබිණ.



එකී ලිපිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේය. ඊට අත්සන යොදා ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සරත් අමරවීරය. 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, පෞද්ගලික ලේකම් නො. 20, වෝර්ඞ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට ලැබෙන මෙම ලිපිය කියවා බලා ඊට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා යොදන සටහන කියවීම වටී. එහිදී ඔහු රැවුළත් කැඳත් දෙකම බේරාගනු ලබන්නේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා බෙල්ල මැදටම හිරකරමිනි. 

කී සටහන මෙසේය. මේ ගැන නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා මට කිහිපවිටක් දුරකතනයෙන් කතා කළා. මේ ළමයා ගෙන්වා බලන්න. කළ හැකි උපකාරයක් කරන්න

මෙම සිසුවිය අවශ්‍ය කඩඉම් ලකුණුවලට වඩා වැඩි ලකුණු ලබාගෙන තිබුණා. ඒ අනුව ඇයගේ අභියාචනය සලකා බලා මානුෂීය හේතූන් මත අවස්ථාව සලසා දුන්නායැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය මාධ්‍යවලට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළද සිසුවියගේ අභියාචනය ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමටත් පෙර මෙම අභියාචනය දේශපාලනඥයකුට ඉදිරිපත්වීම ගැටලූවක් වන්නේය. සභාපතිනිය මානුෂික හේතු ගැන කතා කළද මෙය මානුෂික මුහුණුවරක් ගන්නේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ ඉල්ලීමකට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සටහනක්ද ඇතිව කොමිෂන් සභාවේ අතිරේක ලේකම් ආචාර්ය ප‍්‍රියන්ත පේ‍්‍රමකුමාර මහතාගේ නමට සටහනක් දමන නිසා බව පැහැදිලිය.

මෙම කොමිෂන් සභාවේ නියෝජිතයන් පත්කරනු ලබන්නේ ජනාධිපති නම් එකී නියෝජිතයන්ට ලිපිය එනුයේ උසස් අධ්‍යාපන ඇමතිගේ සටහනකින් නම් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට එම ලිපිය එනුයේ ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් නම් මානුෂික නොවීකෙසේද? ඒ අනුව කඩිමුඩියේ එනම් සැප්තැම්බර් 5 වැනිදා දාතමින් සිසුවියගේ අභියාචනයට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් සකස් කර ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. අතිරේක ලේකම් ආචාර්ය ප‍්‍රියන්ත පේ‍්‍රමකුමාර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ති පළඟසිංහ යන දෙදෙනා එම විස්තරාත්මක ලිපියට අත්සන් තබා ඇත.

ඒ අනුව 2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට අයැදුම් නොකර ඉන් දෙවසරකට පසු ඉදිරිපත් කළ අභියාචනය මත ඇය 2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම කොමිෂන් සභාව අනුමත කර ඇත.

මානුෂිකවීමට ඇති ඉඩ

මෙහි ඇති අපූර්වත්වය නම් නියමිත දිනට පෙර විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ සිසු සිසුවියන් 22ක්ද ඒ වනවිට ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කර තිබීමය. ඒ අතරින් කිහිපදෙනකුම ඉහත සිසුවිය ඉදිරිපත් කර තිබූ කරුණුම සඳහන් කර තිබීමය. එහෙත් ඔවුන් ඇතුළු ඉහත 22ගෙන් කිසිවකු සම්බන්ධයෙන් මානුෂික නොවූඅභියාචනා කමිටුව නාමල් මන්ත‍්‍රීවරයාගේ ලියුම බලා කරන්දෙණිය සිසුවියට පමණක් මානුෂිකවූයේකෙසේද

සිසුවියගේ අයදුම් පත‍්‍රය ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ලබා ගන්නේ 2013 වසරේ ඔක්තෝබර් මස 07 වැනිදාය.  

එම අයදුම්පතට අදාළව කොමිෂන් සභාව තීරණය කරන්නේ 2011/12 අධ්‍යයන වර්ෂය සඳහා ඇය විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමටය. මේ නම් ආශ්චර්යයක් නොවේද?

ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඇය එම අධ්‍යයන වර්ෂයට ඇතුළත් කිරීමට තීරණය කිරීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ති පළඟසිංහ මහත්මිය 2014 ජනවාරි මස 07 වැනිදා සිසුවියට යවන ලිපියද අපූරුය.

‘880 වන විශ්වවිද්‍යාල කොමිෂන් සභා රැුස්වීමේදී තීරණය කර ඇති පරිදි 2011/12 අධ්‍යයන වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කලා පාඨමාලාවෙන් 2012/2013 අධ්‍යයන වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කලා පාඨමාලාව හැදෑරීමට අවස්ථාවක් ලබාදීමට තීරණය කරන ලදි.

එබැවින් ඔබගේ ලියාපදිංචි කටයුතු සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වෙත 2014.01.16 දින වාර්තා කරන මෙන් දන්වා සිටිමි.යනුවෙන් එම අපූරු ලිපියෙහි සඳහන්ය.

 



අපබ‍්‍රංස 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය කටයුතු කර ඇත්තේ ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ තීරණවලට අනුවද? එකී තීරණවලට අනුව කටයුතු කළේ නම් කොමිෂන් සභාවේ තීරණයට අනුව 2011/12 අධ්‍යයන වර්ෂය වෙනුවට 2012/13 අධ්‍යයන වර්ෂයට සිසුවිය ඇතුළත් කළේ කෙසේද යන්න ගැටලූවකි.

කොමිෂන් සභාව කුමක් කීවද ඔවුහු මෙම සිසුවිය ගත්තේ නාමල් රාජපක්ෂගේ ලිපිය නිසාය. ඊට උසස් අධ්‍යාපන ඇමතිවරයාද ඇඟ බේරාගත් සටහනද ඔවුහු උපයෝගී කොට ගත්තෝය. ගුරුන් හිටගෙන කරන දේ මේ අනුව ගෝලයෝ දුව දුව කර ඇති සැටියකි. සිසුවිය මෙම සිද්ධියේදී අහිංසකයැයි නොපෙනෙන්නේ ඇයද අවශ්‍යතාව සඳහා අල්ලා ගතයුතු ඉහළම අත්ත අල්ලාගෙන ඇති බැවිනි. නුවර මෝටර් රථ රේස් පැවැත්වීමට මේ අවස්ථාවේ පමණක් ඉඩ දුන් මහා නායක හිමි මෙන්ම කොමිෂන් සභාවේ සභාපතිනිය මෙවර පමණක් මානුෂික වූවායැයි කාට කිව නොහැකිද? පෙනෙන්නට ඇත්තේද එයමය. මේ ආශ්චර්යයට යන රාජපක්ෂලාගේ ගමනය. හෙට දවසේ විශ්වවිද්‍යාල සුදුසුකම් නැති ළමයකු වුව විශ්වවිද්‍යාලයට රාජපක්ෂලාගේ ලියුමකට ඇතුළත් කර ගත්තද මානුෂික හේතු මත කරබාගෙන සිටිය යුතුය. ඒ තත්ත්වයට ඉඩදිය යුතුද?

ඔව්ද නැද්ද කියන්න  



- ආචාර්ය ර්මාල් රංජිත් දේවසිරි  
(විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදියට අපිට හරිම සරල ප‍්‍රශ්න ටිකක් තමයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අහන්න තියෙන්නේ. හැබැයි මේ ප‍්‍රශ්න සරල වුණාට ඉතාම සංකීර්ණයි. මේ ප‍්‍රශ්නවලට ලබාදෙන උත්තර මත බොහෝ දේ වටහාගන්න පුළුවන්. අපි කියන්නේ අපිට මේ ප‍්‍රශ්නවලට ඔව් නැහැ බැහැ කියලා සරල උත්තර ලැබුණාම ඇති. 

ඒ ප‍්‍රශ්න තමයි,..
මානුෂික හේතු මත ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත්තාද? එහෙම බඳවාගත්තා නම් ඉතාම හොඳයි. එහෙමනම් එවැනි මානුෂික හේතු තිබූ අය පසුගිය වසර දහය තුළ කීදෙනෙක් අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවාද? ඒ කීදෙනෙක් මානුෂික හේතු මත විශ්වවිද්‍යාලයට අරගෙන තියෙනවාද? එහෙම අරගෙන නැත්නම් ඒ අය ඉදිරිපත් කරපු කරුණු මේ තරම් මානුෂික නැද්ද? මේ බඳවාගත් ළමයා සමග ඒ වසරේදීම අභියාචනා ඉදිරිපත් කළ ළමුන් විසි දෙකක් ඉන්නවාද? ඒ අයගේ ප‍්‍රශ්න මේ තරම් මානුෂික නැද්ද? ඒ බව සලකා බැලූවාද? මේ අයදුම්පතට සම්බන්ධව නාමල් රාජපක්ෂ හෝ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් එවූ ලිපියක් ඇත්ද? එම ලිපියෙහි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා තමාට නාමල් මන්ත‍්‍රීවරයා කිහිප වතාවක්ම දුරකතනයෙන් කතා කළ බවට දැනුම් දුන් සටහනක් තබා ඇත්ද? ශිෂ්‍යාවගේ ඉල්ලූම්පත එස්.බී. අමාත්‍යවරයාගේ ලියුමට කොපමණ කාලයකට පෙර ඉදිරිපත් වන්නේද? ඒ ලියුම ආවේ කවදාද? ශිෂ්‍යාවගේ ඇපීල් එක ඉදිරිපත් කළේ කවදාද? මෙතෙක් අභියාචනා කර ඇති ළමුන් අතරින් මේ ශිෂ්‍යාවට පමණක් මානුෂික වූ හේතු අනෙක් අභියාචනා අතරින් වෙන් කරන්නේ කෙසේද? එය නිවැරදිව පහදන්න හැකිද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නැයි අපි කාරුණිකව ඉල්ලමු.
මානුෂීය හේතූන් මත ගත්තා  


                              

      මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම 
(විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය)




මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය මාධ්‍යයට දක්වා තිබුණේ මෙවැනි අදහසකි.


නියමිත කාලයට පසුව අයදුම්පත් ඉදිරිපත් කර තිබුණද මානුෂීය හේතූන් මත එම සිසුවිය විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත්තා.


රාවය-2014 අගෝස්තු 14



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

Monday, 4 August 2014

අතින් හෙලුව වසා ලෝකයා අබියස කස්‌තිරම් ඇල්ලීම


මානයේ තානාපතිවරයා වසර විසි දෙකක 

සේවා කාලයක්‌ සහිත විදේශ සේවයේ 

පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි. 

ඕමානය තුළ ඔහුගේ ධුර කාලය නිමා වන්නට තිබුණේ 

2014 අගෝස්‌තු 31 වැනිදාය. 

එසේ තිබියදී වහාම ක්‍රියාත්මක වන පරිදි 

හෙතෙම කොළඹට ගෙන්වන්නේය. 

මේ කැඳවීම සිදු වු බව විදේශ

අමාත්‍යංශය තහවුරු කරන්නේය.

තානාපතිවරයෙක්‌ විදේශයක සේවය කරන්නේ සිය රටේ සම්භාවනීය

නියෝජනය ලෙසය. එබැවින්ම රටේත් තානාපති වෘත්තියේත් 

ගෞරවය රක්‌ෂා කරනු සඳහා පිළිගත් සම්ප්‍රදායන් තිබේ. අනුදත්

සම්ප්‍රදායානුකූලව ඉතා කෙටි දැනුම් දීමකින් තානාපතිවරයෙක්‌ ඉවත්

කරනු ලබන්නේ විශේෂ අවස්‌ථාවලදීය. 

සේවය කරන රටේ යුද්ධයක්‌ පවතින අවස්‌ථාවක එම තානාපතිවරයාට

ජීවිත තර්ජන ඇත්නම්, අදාළ තානාපතිවරයා නොපිළිගන්නා 

පුද්ගලයෙක්‌ ලෙස ඔහු සේවය කරනු ලබනා රට විසින් නම් කර 

ඇත්නම්, සහ දෙරට අතර අර්බුදයක්‌ නිර්මාණය වී ඇත්නම් මේ 

ආකාරයෙන් කෙටි දැනුම් දීමකින් අනතුරුව තානාපතිවරු ස්‌වකීය මවු

රට වලට කැඳවුම් ලැබු අවස්‌ථා ඉතිහාසයේ පැවතිනි. එසේ නොමැති

විටෙක මව් රටට කැඳවුම් කරන තානාපතිවරයෙකුට ස්‌වකීය වෘත්තීමය

පරිසරය තුළ වන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට

වටපිටාව සකස්‌ කරදීම සඳහා අඩුම තරමින් මාස දෙකකට හෝ

තුනකට පෙර ඒ පිළිබඳව දැනුම් දෙනු ලැබේ.


ඕමානයේ යුද්දයක්‌ නැත. ලංකාව හා ඕමානය අතර රාජ්‍ය තාන්ත්‍රික 

අර්බුදයකුත් නැත. තානාපතිවරයා පිළිබඳ ඕමාන රජයෙන් 

චෝදනාවකුත් නැත. එහෙත් ඕමානයේ රජතුමා හමු වී

තමන්ව ලංකාවට කැඳවූ බව කියන්නටවත් වෙලාවක්‌ ඉතිරි නොකර, 

බරපතළ අපරාධකාරයෙක්‌ කළ තැනැත්තෙක්‌ සේ ඔහු

ලංකාවට ගෙන්වන්නේය. මේ කැඳවීම පිටුපස රටක්‌ වශයෙන් නෑසිය

යුතු කතාවක්‌ ඇති බව අපට කියන්නේ ඕමානයේ වෙසෙන ශ්‍රී 

ලාංකිකයන්ය. වාර්තා වන ආකාරයට ඒ කතාව මෙසේය.

වාර්තා වන ආකාරය

ඕමාන ජාතික හාම්පුතෙකු යටතේ පසුගිය ජනවාරියේ සිට සේවය කළ
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක්‌ ඔහුගෙන් දූෂණය වන්නේය. දූෂණය 
වීමෙන් අනතුරුව ගැබ්ගත් මෙම කාන්තාව තානාපති කාර්යාලය 
භාරයේ ඇති ආරක්‌ෂිත නිවසේ රඳවා සිටින්නීය.

මේ අතර උක්‌ත කාන්තාව බලහත්කාරයෙන් ගබ්සාවකට ලක්‌ කිරීම 
සඳහා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරීන් හා එක්‌ වු 
කාන්තාවගේ හාම්පුතා කටයුතු කර තිබුණ බවට රාවයක්‌ පැතිර 
යන්නේය. 

අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන මේ කාන්තාව වෛද්‍ය 
පරීක්‌ෂණයක්‌ සඳහා යොමු කරන විට ඇගේ ගමන් බලපත්‍ර රැගෙන
වෙනත් කාන්තාවක්‌ ඇය වෙනුවෙන් පරීක්‌ෂණයට යොමු කිරීමට 
සැලසුම් කළ බව පැවසෙන්නේය. මේ සාහසික අපරාධය පිළිබඳව
මැදිහත් පරීක්‌ෂණයක්‌ පවැත්වීමට ඕමාන තානාපතිවරයා කටයුතු කළ 
බව කියැවුණේය. 

ඒ සමගම ඕමානයේ රජයට මේ ගැන දැනුම් දී ඕමානය පාර්ශවයෙන් 
විශේෂ පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන්නේය. 

ඕමානය තුළ ගබ්සාව මරණීය දණ්‌ඩනය හිමිවිය යුතු වරදකි. 

මෙවැනි අපරාධයක්‌ සිදුවී ඇති බව ඔප්පු වුවහොත් ඒ අපරාධකරුවන්ට 
මරණයෙන් බේරෙන්නට ඉඩක්‌ නොවේ. 




මේ කටයුතු සිදුවෙමින් පැවතෙද්දී ඕමාන 

තානාපතිවරයා වහාම ක්‍රියාත්මක වන 

පරිදි කොළඹට කැඳවන්නේය.

මේ පිළිබඳව මැදහත් පරීක්‌ෂණයක්‌ කරන්නට යන 

තානාපතිවරයා අපරාධකාරයෙක්‌ සේ වහා ක්‍රියාත්මක

වන පරිදි සිය රටට ගෙන්වන්නේය. 

විදේශසේවා නියුක්‌ති කාර්යාංශයේ කතාව

විදේශසේවා නියුක්‌තික කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ 
එම ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණියය. මංගල 
රන්දෙණියට අනුව මේ කතාව පට්‌ටපල් බොරුවකි. ඕමානයේ කම්කරු
නිලධාරීන් කිසිම වරදක්‌ කර නැත. කොටින්ම මෙවැනි කිසිම සිදුවීමක්‌
සිදුවී නැත. මේ ගසන්නේ පට්‌ට මඩකි. මේ සිද්ධිය ඇත්තක්‌ නම් එය 
ඔප්පු කරන ලෙස මංගල රන්දෙණිය ඕමාන තානාපති අශෝක 
ගිරිහාගමට අභියෝග කරයි. තානාපතිවරයා ලංකාවට එවීමට හේතුව 
විදේශ ලේකම්වරියගෙන් දැනගන්නා ලෙස උපදෙස්‌ දෙයි. අනතුරුව
මේ පට්‌ටපල් බොරු මාධ්‍ය ඔස්‌සේ වාර්තා නොකරන ලෙසත්, එසේ 
වාර්තා කළ විට විනාශ වන්නේ මේ සිද්ධියට මුහුණ දුන්නායැයි කියන
කාන්තාවගේ ජීවිතය බවත් හේ අපට පැහැදිලි කර දෙයි.

පසුගියදා රූපවාහිනී නාලිකාවකට සිදුවීම ගැන ප්‍රකාශයක්‌ කරන මංගල
රන්දෙණිය මෙවැනි සිදුවීමක්‌ නොවු බවට එම කාන්තාව ලිඛිතව ප්‍රකාශ
කර ඇතැයි පවසයි. මංගල රන්දෙණිය එසේ කියන විට මෙම 
කාන්තාවගේ සැමියා කියන්නේ තම බිරිඳගේ ජීවිතය අනාරක්‌ෂිත
බවය. තානාපති වරයා ලංකාවට පැමිණි පසු ඒ ජීවිත අවදානම ඉහළ 
යන වගය. මේ වන විට තමන්ටත් මරණ තර්ජන තිබෙන බවය. 
තානාපතිවරයෙක්‌ ඉවත් කළ හැකි බලයක්‌ සහිත ප්‍රශ්නයකට මැදිහත් වී
එම ප්‍රශ්න සහගත අපරාධය කළ බවට විශ්වාස කරන පිරිසක්‌ අතර 
හුදකලා වන අසරණ ගැහැනියකගේ ලිඛිත ප්‍රකාශ ගැන කියවෙන
තා ඇසෙන විට අපට දුක හිතේ.

මැදපෙරදිගදී මෙවැනි සිදුවීම් සිදුවන්නට හැකි ඉඩකඩ 

පිළිබඳ ඉතිහාසයක්‌ තිබේ. 




අසරණ ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිසරණක්‌ 

නොමැතිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 

ආරක්‌ෂිත නිවාසවලට පැමිණි විට ඔවුන් ගණිකා

වෘත්තියේ යෙදවු, බලහත්කාරයෙන් අඹුකමට

තියාගත්, කාලකණ්‌ණි කතා අපට අලුත් නැත. 

මීට දෙසතියකට පෙරලෙබනනයේදී මිනීමැරුම් චෝදනාවකට 
වරදකරු වන කාන්තාවකගෙන් ලිංගික අල්ලස්‌ රැගෙන, ඇය ඉපයු 
සියලු කණකර හා මුදල් පැහැරගෙන ඇයව ලෙබනන් පොලිසියට පාවා
දී තිබුණේ ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු
උපදේශකවරයෙකි. 

රටේ අලුත්ම විනිමය උල්පත වු කොරියාවේදී මිය ගිය තරුණයෙකුගේ 
මිනියේ තිබු පවුම් හයක රන් මාලය හා රිදී මුදුව හොරකම් කළ 
තානාපති කාර්යාලයේ නිලධාරීන් ගැන විලි ලජ්ජා නැති කතාව ඇසුවේ
පසුගිය සතියේය. 

පොඩි වෙනසකට ඇත්තේ මෙවැනි අපරාධයක්‌ පිළිබඳ මැදහත් 
පරීක්‌ෂණයක්‌ කරන්නට යන තානාපතිවරයා යළි ලංකාවට කැඳවීම
පමණය. 

අප විමසිය යුත්තේ මෙවැනි අලජ්ජී පරිසරයක්‌ විදේශයන්හි 
ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇසුරෙහි නිර්මාණය වන්නේ කෙසේද
යන්නය. 

දේශපාලන බත්බැලයින්ගේ පත්වීම් සමග බිඳ වැටුණ මැදපෙරදිග 
තානාපති සේවය සඳහා විදේශ සේවයේ පළපුරුදු නිලධාරීන් එම
රටවලට පත් කර යවන්නේ රටේ ජනාධිපතිවරයාගේ යෝජනාවක්‌ 
ලෙසය. දැන් යළිත් කෙටි දැනුම්දීම්වලින් අනතුරුව තමන් සේවය 
කරමින් සිටින රටින් ලංකාවට ගෙන්වා ගනිමින් සිටින්නේ විදේශ 
සේවයේ පළමු ශ්‍රේණියේ වෘත්තිකයන්ය. අපට පෙනෙන පරිදි මේ
මිනිස්‌සුන්ට සිය වෘත්තිය කරගත නොහැකි සේ තානාපති කාර්යාල 
දේශපාලනීකරණය වී තිබෙන්නේය. ඔවුන්ට හමුවන්නේ තානාපති 
කාර්යාල තුළදී තානාපතිවරයාට පාලනය කරගත නොහැකි, වෙනම 
චක්‍රලේඛවලින් පාලනය වන, දේශපාලන බලපුළුවන්කාරකම සහිත 
වෙනම බලයක්‌ ගොඩනගාගත් විදේශසේවා නියුක්‌ති කාර්යාංශයේ 
නිලධාරීන්ය. ඔවුන් සමග මොනම ආකාරයක හෝ ගැටුමක්‌ ඇතිකර 
ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාවට පැමිණීමට හේතුවන බව 
පවසන්නේ විදේශ සේවයේ යෙදී සිටිනා පරිණත නිලධාරින්ය. එය 
එක්‌ පැත්තකි.

තවත් ඛෙදවාචකයක්‌ තිබේ. එය සබුද්ධිකව තේරුම් ගත යුතුය. 

විදේශයන්හි ලංකාවේ තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල 58
ක්‌ වේ. රටේ ප්‍රමාණය ලෝකයට කියන මෙම ආයතනවලින් සියයට 
අසුවක පමණ සිටින්නේ වෘත්තීය විදේශ සේවා නිලධාරීන් නොවේ. 
විදේශ තානාපති සේවය පිළිබඳ අබමල් රේණුවක දැනීමක්‌ නැති
කුණුගඳ ගහන දේශපාලන මුලයන්ගෙන් පහළවුන අබබ්බයන්ය. 

සමහර රටවල තානාපතිවරු වෙදමහත්තුරුය. 

පැරදුණ දේශපාලනඥයෝය. තේ කොළ වෙළෙන්දන්ය.

කනවැන්දුම් වු ඇමති බිරින්දෑවරුන්ය. කුණුමෝල්වල වැඩ කළවුන්ය. 

ලංකාවේ පුරවැසිකම වත් නැති විදේශ රටවල පුරවැසියන්ය. අකීකරු 

ඇමති පුතුන්ය. දේශපාලකයින්ගේ සුකුමාර සහෝදරයින්ය. 

රට ජාත්‍යන්තරය හා ගනුදෙනු කරන්නේ මෙවැනි 

සුන්දර මිනිසුන් සමගය.

ඔල්මොරොන්දම් වු ගංජාකාරයෙකුවත් තමන්ගේ රට

සම්බන්ධව මෙවැනි බිහිසුණු තීන්දු ගනු ඇතැයි අපට

සිතෙන්නේ නැත. 

අප ලෝකයා ඉදිරියේ කස්‌තිරම් අල්ලන්නට 

හදන්නේ අපේ හෙළුව අල්ලෙන් වසාගෙනය. අප

හිතන්නේ ලෝකයට අපේ පිළිකුල් සහගත හෙලුව 

නොපෙනෙන බවය.

(ජානක ලියනාආරච්චි - දිවයින ඉරිදා සංග්‍රහයට 03/ 08 /2014 ලියූ ලිපියෙන් උපුටා ගත් කොටස්  මෙලෙස 

“වාලුකා සිතිවිලි“ වලට එක් කරන්නේ  එහි ඇති කාලීන වැදගත්කම සලකාය. )






(ගයාන් කුමාර වීරසේකර - ලක්බිම ඉරිදා සංග්‍රහයට 03/ 08 /2014 ලියූ ලිපිය ද මෙලෙස 


 එක් කරන්නේ  මේ ප්‍රශ්ණය මාධ්‍යයන් මගින් එළිදරව් කිරීම ඇගයීමටය. )



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

Saturday, 2 August 2014

මුතු දූපතේ ලංකාණ්ඩුවෙ නිලමෙට සුවය පතා බෝධි පූජාවක්........



බුදෙයියා පන්සලේ දායක ඇත්තොයි ඇත්තියොයි එකතු වෙලා මෙහෙම පුණ්‍ය කර්මයක් ඉෂ්ඨ සිද්ධ කිරීම හරිම අගෙයි.

සිරි ලංකා ආංඩුවෙන් පත් කොරල එවපු නිලමෙ ඇත්තො අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත වෙලා ඉන්දැද්දි මෙහෙම පිං අතේ වැඩක් හරිනං මුලින්ම සංවිධානය කොරන්න ඕනෙ පස්සෙන් වැටිල හිටිය උන්දැල වුණාට පංගුපේරු නැතිව මෙහෙමවත් එකමුතු වුණ එකම මදැයි.

හැබැයි ඉතිං නිලමෙතැන මෙහෙම අකරතැබ්බකට මූණ දීල ඉන්න බව ඔටුවත් දැනකියා ගත්තෙත් බෝධි පූජාව ගැන දුන්න පොරචාරෙන් තමයි ඕං.......
නිලමෙගෙ කන්තෝරුවෙ අන්තේවාසිකයො හරි පස්සෙන් ගිය ඇම්බැට්ටයො හරි මේව හංගන් ඉන්නෙ නැතුව කලින් දැනුවත් කළා නං මීටත් කළින් සුවය පතා සෙත් සාන්තියක් කොරන්න තිබුණෙ නැතෑ....





මේ ඉන්නෙ සහභාගි වෙච්චි ඇත්තන්ගෙන් 
කොටහක් විතරයි බොලල්ලා...

හැමෝම එක්කාසු වෙලා මේ නිලමෙ ඇත්තන්ට ඉක්මන් සුවය පතමු.

 ඉක්මනටම ආයෙම සිරි ලංකාණ්ඩුවෙන් පත් කොරපු රාජකාරි වැඩට බහින්න ඉඩ ලැබෙන්න කියල 
ප්‍රාර්ථනා කොරමු.


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

සමහරු අහනවා මේ නිලමෙලා නියම සත්පුරුෂයොද කියලා...

පහත ලින්කුව බැලුවම පෙනෙයි කාගෙ කාගෙත් පැටිකිරිය.