මුහුණු පොතේ මෙහෙම තිබුණ බොලල්ලා........
"නිළ
ඇඳුම් ලබා ගැනීම සඳහා
පිරිමි ළමුන්ට වවුචර දෙකක්ද, ගැහැනු ළමුන්ට
වවුචරයක්ද හිමි වේ.
මේවා බෙදා
හැරීමේ ක්‍රමවේදයේදී සෘජු
ලෙස වැයවෙන
මුදල හා නිළධාරීන්ගේ
මෙන්ම
ගුරුවරුන්ගේ ශ්‍රමය සඳහා
මිල ගණනය
කළ විට නිළ ඇඳුම් සඳහා දෙන
සොච්චම්
මුදල මෙන් කීප ගුණයක් බව පැහැදිලිය.
මෙන්න වැඩ
කිඩ :-
*
වවුචර් මුද්‍රණය
හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින
පුරා පාසල් වලට
බෙදා දීම.
* පංති භාර
ගුරුවරුන් වෙත වවුචර් බෙදා දීම.
* පංති භාර
ගුරුවරුන් සියලුම වවුචර් අංක ලේඛන ගත කිරීම.
* සෑම
වවුචරයකටම විදුහල්පති හා උප විදුහල්පතිගේ අත්සන යෙදීම හා
මුද්‍රා
දෙකක් යෙදීම. (ළමුන් දාස් ගණනක් සිටින පාසලක මේ
සඳහා ගතවන කාලය
සිතා ගැනීම ඔබට
බාරය.)
* එකිනෙක
වවුචර් පංති භාර ගුරුවරයා මගින් දෙමාපියන්ට ලබා දීම
(
මේ සඳහා
දෙමාපියෙකු පැමිණිය යුතු අතර නොපැමිණි අය
දුරකථන ඇමතුම් දී
ගෙන්වා ගත් අවස්ථාද ඇත)
* මීළඟ වාරය
පටන් ගත් පසු මිලදී ගත් බව සහතික කොට
වවුචර් කොටස් අධ්‍යාපන
දෙපාර්තමේන්තුවට යැවීම.
* බෙදා දුන්
වවුචර් නිසි පරිදි,
අක්‍රමිකතාවකින්
තොරව
ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි
විගණනය කිරීම.
(දෙපාර්තමේන්තුවට
මේ සඳහා කොපමණ
කාලයක් හා ශ්‍රමයක්
වැය
වෙනු ඇත්ද?)
* කිසියම්
දොසක් සිදු වී නම් විදුහල්පතිවරයාටත්,
පංති භාර ගුරුවරයාටත්
චෝදනා පත්‍ර ගොනු කිරීම හා නිසි පරීක්ෂණ පැවැත්වීම.
* වරදකරුවන්
වෙතොත් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම හා අදාළ මුදල්
අය කොට ගැනීම.
මේ වවුචර්
එකෙන් රෙද්දක් ගන්න දෙමාපියන්ට අතින් සල්ලි දාන්නත්
වෙනවලු නේද? එහෙම දාලත්
ඹය සල්ලි
වලින් ගන්න
වෙන්නෙ
බාළ රෙදිලු නේද?
මේව කොරන්න
යන්නෙ ජාතික ධනය නොවෙයිද?
මේ අපතේ යන සල්ලි
වලින් හොඳ රෙද්දක් දෙන්න බැරිද,
මේ වවුචර්
බෙදා හැරීම එහැම පිටින්ම අසාර්ථක වැඩකි.
මොන්ටිසෝරි තීරණයකි.
එක්කෝ ඇඳුම් දීම නවතා දැමිය යුතුය.
නැත්නම්
නිකරුණේ මුදල් හා ශ්‍රමය කා දැමීමේ තීරණ නොගත යුතුය.
"අපි ලබන
පාරෙත් මේ විදිහටම වවුචර් දෙනවාය" කියාවිෂය බාර
ඇමැත්තා පාර්ලිමේන්තුවේදී බිරුසන් දෙන විට ප්‍රශ්නයක්
කළමනාකරණය කොට ගැනීමට ඇති නොහැකියාව පෙනේ."