අතීතයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෙකු වූ සෙම බණ්ඩා (එස්.බී.) ගේ රිලා නැටුම් වලින් විනාශ වන ශිෂ්‍ය පරම්පරාව වෙනුවෙනි.
- සබරගමුව විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම කි‍්‍රයාත්මක වූයේ අවම පහසුකම් මධ්‍යයේය. ශිෂ්‍යයන් දිගින් දිගටම එම අඩුපාඩු පෙන්වමින් විශ්වවිද්‍යාලයීය පරිපාලනයට බලපෑම් කළ අතර එම ශිෂ්‍යයන් මර්දනය කිරීම සඳහා දෙවතාවක්ම ශිෂ්‍ය සංගම් අහෝසි කර තර්ජනය කිරීම්, අත්අඩංගුවට ගැනීම් සිසුන්ගේ නිවෙස්වලට ආරක්ෂක අංශවලින් තර්ජනය කිරීම් මෙන්ම සිසුන් බියගැන්වීම සඳහා වෙඩි තැබීම් ද සිදුවී ඇත. මේ වනවිට සබරගමුවේ ශිෂ්‍ය සංගම් අහෝසි කර දින 520 කි. ශිෂ්‍ය සංගම් යළි පිහිටුවන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශයක් ලබා දී දින 200කි. මානව හිමිකම් තීන්දුව සබරගමුවේ උපකුලපතිවරයා විසින් ඉරා දමා ප‍්‍රතික්ෂේප කර ඇති අතර ශිෂ්‍යයන්ගේ කලා කටයුතු පවා වාරණයට ලක් වී තිබේ. සන්දිර් කුමාර් සුදර්ශන් නමැති දෙමළ ශිෂ්‍යයාව ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් පැහැරගෙන ගොස් මාස ගණනක් තිස්සේ තවමත් නිදහස් කර නොමැත. මීට අමතරව මොනරාගල නගරයේ සිසුන් විසින් කරන ලද ජනතාව දැනුවත් කිරීමකට නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙක් කඩාපැන සිසුන්ට තර්ජනය කොට පහර දීමක් ද සිදුව ඇත. මෙසේ සබරගමුවේ ආයතනගතව කි‍්‍රයාත්මක වූ ශිෂ්‍ය මර්දනය හේතුවෙන් ආරම්භ වූ සත්‍යග‍්‍රහයට එස්.බී තර්ජනය කිරීමත් ඉන්දික නමැති ඔහුගේ සහචරයා එම අට්ටාලය කඩා සිසුන්ට පහර දීමත් එයින් පරාජය නොවී සිසුන් විසින් නැවත ගොඩනගන ලද අට්ටාලය පොලිසිය යොදා කඩා දැමීමත් මෙම ශිෂ්‍ය මර්දනයේ අවසාන ජවනිකා කිහිපය ලෙස පෙන්විය හැකිය.
- නේවාසිකාගාරය
- එස්.බී දිසානායක ඇමතිවරයා සබරගමුව විශ්වවිද්‍යාලයට යන්නේ නේවාසිකාගාරයක් විවෘත කිරීමටය. සිසුන් පවසන්නේ එය නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැති බවයි. එස්.බී දිසානායක පම්පෝරි ගසන්නේ එය ප‍්‍රමිතියෙන් යුතු බව පමණක් නොව තරු තුනේ හෝටලයක් තරම් පහසුකම් පවතින බවයි. එදිනම මුල්ගල් තබන ලද මීළඟ නේවාසිකාගාරය විශ්වවිද්‍යාලයෙන් දුර බැහැර හමුදා කඳවුරක් අසල තිබීමත් එයට ජලවිදුලි පහසුකම් ලබා ගැනීම අපහසු වීමත් ශිෂ්‍යයන්ගේ විරෝධයට තවත් හේතුය.
- විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ට ලබා දුන් නව නේවාසිකාගාරය ඔවුන් වර්ජනය කරන්නේද ඒ විරෝධය නිසාය.
- පහරදීම
- එස්.බී දිසානායක ඇමතිවරයා සිසුන්ට තර්ජනය කළ දිනයේම උපකුලපතිවරයා විසින් විශ්වවිද්‍යාලය හදිසියේ වසා දමන ලද අතර හවස 4.30ට පමණ සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් පිටව යන ලෙස නියෝග කෙරිණි. එහෙත් ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලයෙන් පිටව නොයා අඛණ්ඩව රැඳී සිටිමින් සත්‍යග‍්‍රහයද අඛණ්ඩව කි‍්‍රයාත්මක කළහ.
- විශ්වවිද්‍යාලය වසා දමා ශිෂ්‍ය විරෝධතා නැවැත්විය නොහැකි වූ විට මීළඟ පියවර වූයේ සත්‍යග‍්‍රහ මැරයන් ලවා එය නතර කිරීමය. ඒ අනුව ඔක්තෝබර් 9 වැනිදා ඉන්දික නමැති ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරයා විශ්වවිද්‍යාලයට ගොස් උපකුලපතිවරයාව හමුවී ඇත. එදිනම පැමිණ හවස හයට පමණ අට්ටාලය ඉවත් කර ගන්නා ලෙස සිසුන්ට තර්ජනය කර ඇත. පහරදීම සිදුවන්නේ ඉන් පසු දිනයේ රාතී‍්‍ර 10ට පමණය.
- බීමත් පොලිසිය
- මෙම සිදුවීම්වලදීද පොලිසියේ පක්ෂපාතීත්වය තහවුරු වන්නේය. සිසුන්ට පහරදුන් අවස්ථාවේ පොලිස් නිලධාරීන් පැමිණ ඇත්තේ බීමතින්ය. පහරදීම සිදුවන අවස්ථාවේදීම 119 හදිසි ඇමතුම් අංශයට ද අසල තිබෙන පොලිස් ස්ථානවලට ද දැනුම් දීමට සිසුන් කටයුතු කර ඇතත් පඹහින්න පොලිස් මුරපොළේ නිලධාරීන් පැමිණ ඇත්තේ විනාඩි 4 ක් ගතවූ පසුය. එහෙත් එම පොලිස් මුරපොළ පිහිටා ඇත්තේ මීටර් 700ක් වැනි වැඩිම වුවහොත් විනාඩි 10ක් ගතවන දුරකිනි.
- ඇසින් දුටු සාක්ෂි තිබියදී මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පැමිණ භාර වෙනතුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් විය. එහෙත් එස්.බී ඇමතිවරයාට සිසුන් 600ක් පමණ බාධා කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට සිසුන් 13 දෙනෙක් පොලිසියට කැඳවා තිබුණි.
- ආචාර්යවරුන්ගේ මැදිහත් වීම
- පාලනාධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවකින් පසු ශිෂ්‍යයන්ගේ ඉල්ලීම වන ශිෂ්‍ය සංගම් යළි පිහිටුවීම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම, ඉවත් කිරීම, විශ්වවිද්‍යාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම යන කරුණුවලට පාලනාධිකාරිය එකඟ කරවා ගැනීමට ආචාර්ය සංගමය සමත් වන්නේය. එහෙත් එම එකඟතාවන් සමග එන කොන්දේසි දෙකකට ශිෂ්‍යයෝ විරුද්ධ වූහ. ඒ ශිෂ්‍ය සංගම්වල නිලවරණයේදී 50%ක් ඡන්දය ප‍්‍රකාශ නොවුණහොත් ශිෂ්‍ය සංගම් පිහිටු විය නොහැක්කේය. විරෝධතාවන්වලදී සිදුවූ විනය කැඞීම, අලාභ හානි හා නොසලකා හැරීම පිළිබඳව සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කළ යුතුය යන කොන්දේසි වලටය.
- සිසුන් එකඟ නොවීම නිසා ආචාර්යවරුන් මැදිහත් භූමිකාවෙන් ඉවත් වූහ.
- කෙසේවෙතත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය සිසුන් වෙනුවෙන් යළිත් පාලනාධිකාරිය සමග සාකච්ඡා කොට එම කොන්දේසි දෙකද ඉවත් කර ගැනීමට සමත්ව ඇත. ඔක්තෝබර් 24 හෝ 27 වැනිදා විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය රැස්ව විශ්වවිද්‍යාලය විවෘත කරන දිනය තීරණය කිරීමට නියමිතය.
- බහිරව සංස්කෘතිය
- එස්.බී ඇමතිවරයා සහ ආණ්ඩුවේ පාර්ශ්වයත් කියන ආකාරයට මේවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඇති කරන ගැටලූ වන අතර ඒවා විසඳිය යුතු නැත. ගණන් ගැනීමට තරම්වත් නොවටී. එහෙත් විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ සරසවිවල ගැටලූ විසඳන ලෙස උද්ඝෝෂණය කරන්නේ නම් පෙරටුගාමින් වුවත් නොවුවත් සිසුන්ගේ හඬට සවන් දීමේ යුතුකමක් ආණ්ඩුවට තිබේ. එතෙක් මෙතෙක් කල් කරගෙන ආ ආකාරයටම ආණ්ඩුව කරන්නේ තම බහිරව සංස්කෘතියට අනුව විශ්වවිද්‍යාල පාලනය කිරීමයි.
- උපකුලපතිවරුන් දේශපාලන විවාදවල අත්පුඩි ගසන්නට යන්නේ ඒ බහිරව සංස්කෘතියේ ප‍්‍රතිඵලයක් ලෙසය.
- තරිඳු උඩුවරගෙදර රාවයට ලියූ කාලීන වටිනාකමක් ඇති ලිපියකි.
ඔටු මචෝ...
ReplyDeleteවැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද සෝකා
වැටයි නියරයි විතරක් නම් බැරියැ මචෝ......බූරුෙවාත් ගොයම් කන කාලයක් .....
Deleteසුපිරි විශ්ලේෂණයක්.......... අගෙයි....
ReplyDeleteඩේජා වූ?
ReplyDelete