තරුණ
තරුණියන් ප්‍රධාන 60,000කට ආසන්න
පිරිසක් චිරස්චින ලෙස ඝාතනය වූ 1986 සිට 1990 දක්වා
පැවති ජවිපෙ 2වැනි
කැරැල්ලෙන්ද නිදසුන් එමටය. බොහෝ දෙනෙකු ඝාතනය කළේ වධබන්ධන වලට මුහුණදීමෙන් පසුවය.
ගෞරවනීය මරණයක් වෙනුවට මහමඟ ටයර් සෑයවල් උරුම විය. කර්මය
පලදීමේදී සමාජ තරාතිරම් කිසිවක් වැදගත් නැත. රජකම් කලත් කලකම් පළදේ යනුවෙන් කියමනක්
ඇත.
බොහෝ
දෙනෙකුට ස්වභාවික මරණයක් හිමි නොවීය. එය ස්වභාදහමේ නියතය විය. ඇතැම් බෝම්බවලට
හසුවී අකල් මරණයන්ට ලක්වූ අයගේ අළු පොදක් පවා සොයාගැනීම අසීරු විය. ජනප්‍රවාදයේ ප්‍රකට
කියමනක් වන්නේ කරන කලට පව් මීරිය මීසේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ යන්නය.
වධදීම් සහ ඝාතන වලට සම්බන්ධවු බහුතරයකටම වාගේ සුවදායක ජිවිතයක් හෝ ගෞරවනීය මරණයක්
හිමිවූයේ නැත.
ජවිපෙ 2වැනි කැරැල්ල
මුළුමනින් පරාජය කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන්
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දෙමළ
බෙදුම්වාදී කොටි සංවිධානයේ
මරාගෙන මැරෙන බෝම්බයකින් ආමර්වීදියේදී හංදියේදී
1993 මැයි 1දා ඝාතනයට
ලක්වූ අවස්ථාවේ
එම ස්ථානය දිස්වූයේ මෙසේය.
එහිදී ජනාධිපතිගේ ආරක්ෂකයින් ඇතුළු 16 දෙනෙක්ද මරු
වැළඳ ගත්හ.(ඉහළ)
සහ ජනාධිපති ප්‍රේමදාස ඝාතනයෙන් පසු
පවුලේ ඥාතීන් මතක වස්ත්‍ර
පූජාව සිදුකල අයුරු(පහළ).
60,000කට ආසන්න
පිරිසක් ඝාතනයට ලක්කරමින්
ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජය කිරීමට සංවිධානාත්මක
නායකත්වය දුන්
එජාප සභාපති සහ ජාතික ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න
දෙමළ බෙදුමාවාදී
කොටි සංවිධානයේ කාර් බෝම්බයකින්
හැව්ලොක් ටවුමේ පොලිස් ක්‍රීඩාංගනය ඉදිරිපිටදී
1991 මාර්තු 2වැනිදා ඔහුගේ
වාහනය සමගින්ම
දැවී අළුවී ගිය අයුරු(ඉහළ)
ඇමති විජේරත්න ඇතුළු පුද්ගලයින් 17ක්
ඝාතනයවූ එම
ස්ථානයේ දර්ශනයක්(පහළ).
කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් සොයිසා(වමේ)
ඔහු සිය රාජගිරියේ නිවසේ සිටියදී 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට
පැහැරගෙන ගොස් ඝාතනයකර සොයිසාගේ සිරුර මොරටුව මුහුදට දැමූ
සැලසුම මෙහෙයවූ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ(දකුණේ)ද
1993 මැයි 01 ජනපති ප්‍රේමදාස ඝාතන සිදුවීමේදී
එම බෝම්බයටම හසුවී දැවී අළුවී ගියේය.
රිචඩ්ගේ සිරුර 1990 පෙබරවාරි 19වැනිදා
මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළට ගොඩගසා තිබිණි.
උපුටා ගැනීම අන්තර්ජාලයේ පළවූ ධර්මන් වික්‍රමරත්න ගේ ලිපියකිනි.
No comments:
Post a Comment