ඩුබායි වල හිරවුන ලාංකිකයෝ..
මේ ගැන රජයේ සහ රජයට කඩේ යන අයගෙ කතා පරස්පර නිසා අද මමම ගියා ඩුබායි කන්සියුලේට් එකට.
1. උදේ 4 ඉඳල ගිනි රස්නයෙ ( සමර් එකට මෙහෙ ඉර පායන්නෙ 4 ට විතර ) අධික ලෙස දහඩිය දමමින් ( ආර්ද්‍රතාව මේ කාලෙ 80% වැඩියි , ඉතින් හිටගෙන හිටියත් දාඩියෙන් පෙඟෙනව ) පෝළිමේ ඉන්න ඕන ඇතුලට යන්න අංක ගන්න. උදේ 5.30 විතර පෝළිමට එකතු වෙච්චි අපේ අංක 61 සහ 62.
2. උදේ 8.00 කන්සියුලේට් එක ඇරියම එතන තියෙන දහම්පාසලට පාවිච්චි කල ශාලාවෙ ඉන්න පුලුවන් .
3. උදේ 5.30 ට අංක 61 ගත්ත අපිට ඇතුලට යන්න ලැබුනෙ දවල් 12.30.
4. පරිත්‍යාගශීලින් විසින් ඇවිත් ඉන්න අයට දවල් කෑම දෙනව ( ඒව තමා කන්සියුලේට් එකේ සේවය කරන සමහර නිළධාරීනුත් පෙට්ටි පිටින් ගෙනිහින් කන්නෙ )
5. එලියෙ ගහල තියෙන එම්බසියෙ කිසිම දුරකථන අංකයක් ආන්සර් කරන්නෙ නෑ ( පින්තූරයෙ ඇති අංක වලට ඔබට උත්සාහ කරන්න පුලුවන් )
6. රටින් පිටවෙන්න බලාපොරොත්තුව පහුගිය අප්‍රේල් මාසෙ මුල ලියාපදිංචි වෙච්චි අංක එකොලොස්දහස් ගනන් හිමි අය වගෙම මේ ජූනි වල ලියාපදිංචි වෙච්චි අංක තිස් දහස් ගණන් ඇති අයත් හමු උනා.
7. මේ වෙනකොට ගුවන් යානා 6ක් පිට වෙලා තිබ්බත් ඒ සේරගෙම එකතුව 1500ක් ගියත්, ලියාපදිංචි අංක 1200 විතරක් නෙමෙයි 150 ගණං තිබ්බ අයත් තාම යන්න ලැබිල නෑ ( ඒ කියන්නෙ ඒ අය වෙනුවට හිතවත්තු ගිහින් වගේ ).
8. පැය 7ක් කට්ට කාල ඇතුලට ගියත් අන්තිමට අහන්න ලැබෙන්නෙ එකම උත්තරය " අපි මොකද කරන්නෙ, අපි දන්නෙ නෑ කවද්ද ෆ්ලයිට් පටංගන්නෙ කියල , අපිට යන දවසක් තාම කියන්න බෑ "
9. වීසා කල් ඉකුත්වීම නිසා දඩ ගෙවන්න වීම ගැන ඒ අය කියන්නෙ " අපි ඒ ගැන රජයට කියල තියෙන්නෙ ලංකාවේ , තාම එහෙන් කිසිම පිළිතුරක් නෑ , ලැබුනම කියන්නං"
10.අද මට ගැබිනි මවුන් දෙන්නෙක්, කාන්තාවන් සහ පවුල් කිහිපයක් ඇවිත් ඉන්නව දකින්න ලැබුන.
11. විදේශ සේවා නියුක්ති කාර්‍ය්ංශය කියන ආයතනය කිසිම සේවාවක්, උපකාරයක් රස්සාව නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙච්චි අයට කරන්නෙ නෑ .
12. සමහර මිනිස්සු සියදිවි නසාගන්න තරමට කලකිරිල.. ඒ අයට දඩ විතරක් ගෙවන්න ඕන රුපියල් ලක්ෂයක් විතර , තව ගුවන් ටිකට්. මේ සේරම කොහොමද මාස හතරක් රස්සාව නැතුව ඉන්න මිනිස්සු ගෙවන්නෙ ?
13. එන්න බලා ඉන්න සම්පූර්ණ විදේශගත පිරිස සේරම 40,000 කිව්වට ඩුබායි වලින් විතරක් ඒ ගාන ඉන්න බව තමයි අද මම නිරීක්ෂණය කරේ.. මොකද අනුක්‍රමික අංක තිස් හයදාස් ගණං ලැබිල තිබ්බෙ ජූනි මාසෙ ලියාපදිංචි අයට . හැමදාම අලුතෙන් පණහක් හැටක් මේ ගොඩට එකතු වෙනව..
14. රජයට හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ අය ආපහු ගේන්න කිසිම වැඩපිලිවෙලක් නෑ .
15. වීස නැති නිසා සෞඛ්‍ය රක්ෂණ නැති මේ දාස් ගානක් මිනිස්සු යම් විදියට අසරණ වෙලා රෝහල් ගතවුනොත් මැරෙනව ඇර විකල්පයක් නෑ .
මීට අමතරව තවත් ඉතාම කණගාටු සහ අනුවේදනීය කතා කිහිපයක් අහන්න ලැබුන. අලුත උපන් බිළිඳුන්ගෙ මරණ, ලංකාවේ පවුල් වල ඇතිවෙලා තියෙන ගැටළු වගේ දේවල්.. සමස්ථය විදියට ගත්තාම, ඉතාම අකාර්යක්ෂම සහ අකාරුණික රජයක් මේ මිනිස්සු මැරෙන්න දාල උංගෙ වැඩක් බලාගෙන ඉන්න බව තමයි පැහැදිලි උනේ..
වාලුකා කාන්තාරයේ සාජා නුවර වෙසෙන ඉන්දික කොඩිතුවක්කුගේ සටහනක්..
මමත් සවුදියේ ඉන්න කෙනෙක්. මම දන්න විදියට මෙහෙන් ගිහිල්ලා තියෙන්නෙ එක ෆ්ලයිට් එකයි. ඔන්න ලන්කාවෙ වැඩිම විදේශ ශ්‍රමිකයන් ඉන්න රටට අපේ රටෙන් සලකපු තරම. මේක ආන්ඩුවෙන් බොහොම අවතක්සේරු කරලා තියෙන්නේ රටේ ජනමතය අනුව තමා. රටේ මිනිස්සු මේ ගැන ජනමතය්ස්ක් ඇති කරානම් සමහරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලටත් මේ ප්‍රශ්නය එන්න තිබ්බා. ඒත් අවාසනාවකට අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට මැදපෙරදිග ඉන්න අය ගැන කිසිම ගානක් නෑ.උන් හිතන් ඉන්නේ ලන්කාවට කොරෝනා ගේන්නේ අපි කියලා. ඒකයි එක දේශපාලකයෙක් වත් මේ ගැන කතා කරන්න බය. චන්ද කැඩෙයි කියලා බයයි.
ReplyDeletehttps://www.flightradar24.com/data/flights/ul605
Deleteස' ඕව දන්නේ නෑ.
ReplyDeleteකොහොම හරි ස'ට හරි ස'ගේ අයියලට හරි අයියගේ පුත්තුන්ට හරි කියන්න.
කියන පරක්කුවෙන් වැඩේ කරලා දෙයි.
Not only SL, even developed countries finding it difficult to bring their citizens back. It is a hard balancing act for the govt. Remember people from Italy Australia and middle-east brought COVID to SL, that is why Airport is closed.
ReplyDeleteYou all went to middle east for your own economic benefit, why do you blame SL govt for you getting into bad situation in middle east?
More Sri Lankans are in SL, govt should think about them first.
තුනෙන් දෙකක් නැතුව හරියට වැඩක් කරන්න බෑ කියලා කිව්ව අයට දැං ඒක ලැබිලනෙ. සදුදා ඉදන්ම ඔයගොල්ලෝ ලංකාවට ගෙන්වා ගන්න පටන් ගනී.හැබැයි අද උදේ නමයට UL 605 ඕස්ට්‍රේලියාවේ සිටින අය අරං ලංකාවට පිටත් වුණා.
ReplyDelete