Pages

Thursday, 26 January 2023

අමානුෂික බදු





උපයන වීට බදු ගෙවීම ලෝකයේ සෑම රටකම පාහේ සිදු වෙන්නක්. 
රජය ආදායම් ලබා ගන්නා ප්‍රධානතම ක්‍රමවේදයක් වන්නේ බදු අය කර ගැනීමයි. එහෙත් මේ බදු අය කරගැනීම කිසියම් ආකාරයක සාධාරණ හා මානුෂික ස්වරූපයකින් සිදු විය යුතුයි.

ලෝකයේ බොහෝ රටවල බදු අනුපාතය ඉතා ඉහළ බවට සමහරු තර්ක කරනවා මෙන්ම ඒ බව උපුටා දක්වනවා. ඒත් මේ අය අමතක කරන කාරණය වන්නේ ඔවුන් මෙලෙස බදු අය කරන්නේ ගෙවන ඉහළ වැටුපට අනුකූලව බවයි. වැටුපෙන් 30%, 40% යනාදී වශයෙන් බදු ගෙවන ඔවුන්ට වැටුපෙන් තමන්ගේ මාසික අවශ්‍යතා  ඉතිරි කරගන්න පුළුවන්. අනෙක අය කරගන්න බදු වලින් තමන්ගේ විශ්‍රාම දිවිය යහතින් ගත කරන්න අවශ්‍ය පහසුකම් ලැබෙන බව ඔවුන් දන්නවා. 

ලංකාව දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින මේ අවස්ථාවේ නව බදු ප්‍රතිපත්ති හඳුන්වා දීම අවශ්‍යයි තමයි. ඒත් මාසික වැටුපෙන් බදු අඩු කළ විට අතට ලැබෙන මුදලින් අඩුම ගානෙ කාර් ලීසිං එක, හවුසිං ලෝන් එක ගෙවලා දරුවන්ගෙ ඉන්ටර්නැෂනල් ස්කූල් ෆීස්, ටියුෂන් ෆීස් , ප්‍රයිවේට් යුනිවර්සිටි ෆීස් ගෙවලා, පෙට්රල් ගහලා, ලයිට් බිල ගෙවාගන්න බැරි වෙන තරමට වැටුපට බදු ගහන එක අමානුෂිකයි.
අනෙක් අතට මේ බදු මුදල් යොදවන්නේ ඉහවහා ගොස් තිබෙන දූෂණය හිලව් කරන්නටයි. එසේම බදු වංචා කරන ධන කුවේරයින් නීතිය ඉදිරියට ගෙනැවිත් ඔවුන්ගේ බදු අය කරගන්න නිසි ක්‍රියාපටිපාටියක් නෑ.

සමහරු වෙනත් රටවල බදු ප්‍රතිශත උලුප්පා දක්වන්නේ
අනවබෝධයෙන් ද ?
නැත්නම් බදු ගෙවන්න වැටුපක් ගන්න අය ගැන සියුම් ඊර්ෂ්‍යාවකින්ද ? 

 


-සිතන්නා...








1 comment:

  1. Anonymous20:51

    අනෙක් රටවල් ගැන මම දන්නේ නැහැ නමුත් මෙන්න මම බදු ගෙවන ආකාරය. මම ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේ. සති දෙකක වැටුප $ 2552.79 මෙන්න කැපෙන විදිය. ෆෙඩරල් $ 141.90 මෙිරිලන්ඩ් $ 157.84 සෝෂල්/මෙඩිකෙයාර් $ 177.77 සෙෳඛ්‍ය රක්ෂණය $ 228.88 පැන්ෂන් $ 179.18. සති දෙකකට අතට ලැබෙන්නේ $ 1667.22. මේ ලිව්වේ දැනුවත් කිරීම සඳහා පමණි.

    ReplyDelete