Pages

Wednesday 24 April 2024

තෙවරක්පෙරුණු තෙවරප්පෙරුම


දැන් දැන් පාලිත තෙවරප්පෙරුම මිය ගිය ආකාරය ගැන අලුත් විස්තර එනවා.
ඔහු මිය ගිහින් තියෙන්නෙ නීති විරෝධිව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන රැහැන් වලින් විදුලිය අරන්.
සරලවම මේක ජාතික ධනය හොරකමක්. පොදු දේපළ පනත යටතේ ඇප නොදිය හැකි අපරාධමය වරදක්.
ඔහු හොරාට විදුලිය අරන් තියෙන්නේ වල් ඌරන් ඝාතනය ඉලක්ක කරලා.
එතන දඩමස් ජාවාරමකුත් තියෙනවා.
ඒකත් නීති විරෝධි වගේම සදාචාරාත්මක විරෝධි වැඩක්.
පස් පවෙන් එකක් කැඩෙනවා.
වල් ඌරො ඉලක්ක කළාට මිනිහෙක් වුණත් මිය යෑමේ අවදානමක් එතන තියෙනවා.
පොල් ගෙඩියක් ඇහිදගන්න එන මිනිහෙක් වුණත් උගුලට අසු විය හැකියි.
පාලිත තෙවරප්පෙරුමට වුණෙණෙ ඒක.
හොඳම වැඩේ ඒක නෙවෙයි.
මේ ඉඩම පාලිත තෙවරපේරුමට අයිති ඉඩමක් නෙවෙයි.
විදෙස්ගත වෛද්‍යවරයෙකුට අයිති ඉඩමක්.
පාලිත තෙවරප්පෙරුම ඒක අල්ලගෙන තියෙන්නෙ බලහත්කාරයෙන්.
දේශපාලන බලය සහ චන්ඩිකම පාවිච්චි කරලා.
ඉඩම අයිතිකාරයාට අරන් දෙන්න ආපු රාජ්ය සේවකයන්ට පවා පහර දීලා එලවගෙන.

නිතීවිරෝධි වගේම දැඩි සමාජ විරෝධි වැඩක්.
හැබැයි මේ දේවල් එලිවෙමින් තියෙද්දි, මහ සමාජය මේ තොරතුරු රිජෙක්ට් කරනවා.
ඒ දේවල් එලි කරන මිනිස්සුන්ට බනිනවා.
මේ දේවල් වැරදි බව දැන දැනත්, ඒක හිතාමතාම හංගනවා.
ඒකට හේතුව තමයි පාලිත තෙවරප්පෙරුම මහ සමාජයට ප්‍රොජෙක්ට් කරපු ඉමේජ් එක.
පාලිත ප්‍රොජෙක්ට් කළේ සමාජයට අභියෝග නොකරන, දුර්වලයෙකුගේ ප්‍රතිරූපයක්.
අර සාමාන්‍ය මිනිස්සු ඉල්ලනවා වගේ සරමක් ඇඳන්, ගස් උඩ නැගලා ඉන්න රූපයක්.
එහෙම මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු කැමතියි.
තමන්ට වඩා උඩින් ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු අකමැතියි. එහෙම මිනිස්සුන්ට ගහලා බිමට දාන පුරුද්දක් මහා සමාජයට තියෙනවා.
හැබැයි තමන්ට වඩා යට ඉන්න (බව පෙන්වන) මිනිස්සුන්ට සමාජය ආදරෙයි.
මෙතන මිනිස්සුන්ට වැදගත් පාලිත ප්‍රොජෙක්ට් කරපු බිම නිදාගන්න, අව්වේ සෙරෙප්පු නැතුව ඇවිදින, සරමක් ඇඳන් ඉන්න චරිතය මිසක් එතන පිටිපස්සෙ ඉඳන් පාලිත කරපු දේවල් නෙවෙයි.
ඒවා මිනිස්සුන්ට අදාළ නැහැ.
මිනිස්සුන්ට අභියෝගයක් නොවී, මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් නොවී, අනුකම්පාවට ලක් වූ නිසා ඔවුන් පාලිතට ආදරෙයි.
හැබැයි පාලිත කරපු සමාජ විරෝධි වැඩ කිසිවක් නොකර, හොඳට ඇඳලා, ලස්සනට මිනිහෙක් හිටියා නම් සමාජය ඔහුට වෛර කරනවා.
තමන්ට වඩා ඉහළින් ඉන්න, තමන්ට අභියෝගයක් වෙන මිනිස්සුන්ට සමාජය පහර දෙනවා.
පාලිත කරපු පව් මිනිසුන් විසින්ම වසා දමනවා.
ඔහු ඉතාම හොඳ, ගුණ යහපත් මිනිසෙක් විදියට බෞතිස්ම කරනවා.
පාලිත එහෙම නැති බව සමහර විට ඔවුනුත් හිත යටින් දන්නවා.
හැබැයි ඇමතිවරුන්ගේ විදුලි බිල් ගැන කතා කරපු මිනිස්සුම, ලක්ෂ ගාණක පාලිත හොරකම් කරපු විදුලිය නොසලකා හරිනවා.
පස් පව් ගැන කතා කරන මිනිස්සු, පාලිතගේ ඌරන් ඝාතනය නොසලකා හරිනවා.
වෛද්‍යවරයෙකුගේ ඉඩම මංකොල්ල කෑම නොසලකා හරිනවා.
ඒ සියල්ල පාලිත මහා සමාජයට එලිපිට අභියෝගයක් නොවී, ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර නොවී, ඔවුන්ගේ ජීවිතයට වඩා සැපපහසු ජීවිතයක් ගත නොකරන බව පෙන්වීම නිසයි....

උපුටාගැනීමකි.

 මේ විතරක්ද ?

මඟුල් ගෙදරක ගිහිං කාන්තාවක් ඩාන්ස් කිරීම ප්‍රතික්ෂේප කළා කියලා T 56 අරගෙන ට්‍රැක්ටරයකින් ඇවිත් අහසට වෙඩි තියලා එතන ගිනි විච්ඡුම්බරයක් කළ බව මගේ මිතුරු මාධ්‍යවේදියෙකු කිව්වා.
ප්‍රමෝෂන් වැඩ වලට කැමරා අරං ගියාට මේවට නං ගෙනියන්නෙ නෑ..
එහෙම පජාත වැඩ තව ඇති.
හැබැයි මහා සමාජය ඒවා වහනවා.

-සිතන්නා...

1 comment:

  1. Anonymous23:08

    අතීතයේදි අපේ ආච්චිලා ආහාර පරි රක්ෂනය කලා දෙහි කොස් ඇට වගේ දේවල් වැලි යට ගහලා තියෙනවා හිඟ කාගෙට ගන්න අලකොල වේලනවා පුවක් මඩ පුවක් හදනවා ලුනුදෙහි අටු කොස් දෙල් වේලනවා තවත් පරි රක්ෂන ක්‍රම ගොඩක් තිබුන⁣ෙ ඒ තාක්ෂනය දියුනු නැති කාලෙ විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක ඒ සියල්ල නැති උනා කොටින්ම කියනනා නම් අපේ ආච්චිලාගෙ ගෙදර ආහාර ගබඩාවක් අපි කවද කොහොම ගියත් බට කට පිරෙන්න රසට කන්න උයනවා ඒ කාලෙ එහෙ ක⁣ඩෙකට යන්න කි මි. 3ක්වත් යන්න ඕන ඒ හාලිඇල කැටවල ප්‍රධාන පාරෙ අයිනෙ ඒ ගෙ⁣දර තිබුණේ

    ReplyDelete