
56දී බණ්ඩාරනායක ආවේ එක රැයින් සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියාය.
හැබැයි එහෙම කරන්නට බැරි බව උන්නැහේ සහ සුද්දියෙන්ම දැන සිටියේය.
ඒ වුණාට විවිධ බලපෑම් මත ඒ කාරණය ඉෂ්ඨ කරන්නට කල් ගත වී හෝ ක්‍රියාත්මක වුණේය.
ඊළඟට සිරිමා හඳෙන් හෝ හාල් ගෙනෙනවා කීවාය.
ඒක කරන්න බැරි බවත් ඒ අම්මණ්ඩි සහ සුද්දියෙන්ම දැන සිටියාය.
හඳෙන් හාල් ගෙනීම පසෙක තබා හාල් පොලු දැම්මාය.
ජනතාවට අල බතල කන්නට කියා පාලක නඩේ බාස්මතී කෑවේ යැයි ප්‍රසිද්ධ විය.
ජේ.ආර්. උන්නැහේ ආවේම ඇට රාත්තල් අටක් දෙනවා කියා ගෙනය.
හැබැයි එහෙම කරන්නට බැරි බව උන්නැහේ සහ සුද්දියෙන්ම දැන සිටියේය.
ඇට අට දීම කොහොම වෙතත් තියෙන ඇට දෙකටත් කෙලියේය.
ප්‍රේමදාස දෙකොණ ඇවිලෙන විලක්කුවක් යැයි කියූ රට බාර ගත්තේ “ත්‍රස්තවාදය“ මුලිනුපුටා දැමීමේ පොරොන්දුව පිටය.
අන්තිමේදී උතුරේත් දකුණේත් මහා විනාශයක් කොට රට අගාධයකට ඇද දැම්මේය.
මේවා සේරම ජේ.වී.පී. කාරයෝ දැක්කෝය. වටහා ගත්තෝය. අවබෝධ කොට ගත්තෝය.
ධනපති පාලකයන් දෙන බොරු පොරොන්දු ගැනත්, උන් ජනතාව රවටන ආකාරයත් තේරුම් ගත්තා පමණක් නොව ජනතාවට තේරුම් කොට දෙන්නටද ජේ.වී.පී. කාරයන් පැකිළුණේ නැත.
මෙන්න ඊළඟට චන්ද්‍රිකා ආවාය.
රටට සාපයක් වූ ජේ.ආර්. ගේ බහුබූත ව්‍යවස්ථාව වෙනස් කොට ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා පොරොන්දු දුන්නේ ජේ.වී.පී. කාරයන්ද පසෙකින් තබා ගෙනය.
හැබැයි පොරොන්දුව නම් ඉටු වුණේ නැත.
ධනපති පාලකයන් බොරු පොරොන්දු දෙන්නට රුසියන් බව ජේ.වී.පී. කාරයන්ට කාලෙකට පස්සේ මතක් වුණේ එතකොටය.
මහින්ද ආවේත් ඔය බණේම කියා ගෙනය.
මහින්ද බලයට ගෙන එන්නට ජේ.වී.පී. කාරයන් නොකරපු දෙයක් නැත.
මුලු ශක්තියම යොදා ජනතාව බලමුලු ගන්වන්නට ජේ.වී.පී. කාරයෝ ක්‍රියා කළෝය.
මහින්ද මුල පටන්ම කටයුතු කළේ ජනාධිපති ක්‍රමය නවත්තන්නට නොව පවත්වන්නටය.
ධනපති පාලකයන් බොරු පොරොන්දු දෙන්නට රුසියන් බව ජේ.වී.පී. කාරයන්ට ආයෙත් මතක් වුණේ එතකොටය.
මූණත් එක්ක තරහ වී නැහැය කපා ගන්නවා සේ ජේ.වී.පී. කාරයන් දිවි හිමියෙන් කටයුතු කළේ ධනපති පාලකයා වෙනුවට හමුදා පාලකයෙකු ගෙන එන්නටය.
ඒක එහෙම වුණා නම් පුකේ තුවක්කුවක් බැඳ ගත්තා සේ රටේ ජනතාවට ඉන්න වෙන්නේ මර බියෙනි.
ජනතාවට ඉදිරියෙන් සිට ගෙන ජනතාවට යා යුතු මග කියා දිය යුතු ධනපති විරෝධී දේශපාලන ව්‍යාපාරයක් කටයුතු කොට ඇත්තේ මෙයාකාරයටය.
ධනපති පාලකයන්ගේ ව්‍යාජ රංගනය ජනතාවට පහදා දිය යුතු ජේ.වී.පී. කාරයන් දන්නේම නැතිව ඒ රංගනයේම කොටස්කාරයන් වීම හාස්‍යජනකය.
ඊටත් වඩා ඛේදජනකය.
මෙදා පාර ජනාධිපතිවරණය කලින්ම එන්න වගේය.
ගමේ බයියෙක් බූරු පොළේ ගහන තුරුම්පුව වගේ මහින්දත් දේශපාලන තුරුම්පුවක් ගහන්න යන්නේ කොළඹ ටොයියන් වටේ තියාගෙනය.
දැන් ආයෙම ජේ.වී.පී. කාරයෝ හත් පොළේ ගාගන්නට යන්නෝය.
මහින්දට සටනට හොඳ සටන්කරුවෙක් පෙරමුණට ගන්නට උපායශීලීව කටයුතු නොකොට බෑ....බෑ....කියමින් දඟලන දැඟලිල්ලේ වාසිය ධනපති පාලකයාටමය. මහින්දටමය.
මේ ගොල්ලෝ මහින්දට බෑ.....කියමින් රට වටේ දුවද්දී මොන උප්පරවැට්ටියක් හෝ දහං ගැටයක් හෝ ගසා මහින්ද ඡන්දෙ තියනවා සිකුරුය.
ඒකට සූදානම් නොවී, ඊට මුහුණ දෙන්නට දෙන්නට සමත් චරිතයක් ගොඩ නංවන්නේ නැතිව මේ කරන නාඩගමෙන් ඇතිවන සෙතක් නම් නැත.
ඒකාධිපතිවාදය කරා යන්නට පාර කපන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය සමග ඊට සමත් සිවිල් චරිතයක් පෙරමුණට ගෙනෙන්නේ නැතිව ජේ.වී.පී. කාරයන් ආයෙමත් ඉතිහාසයේ කළ වරදක් කරන්නට යන්නේය.
ඒ කියන්නේ මේ මොහොතේ කළ යුතු දේ නොවටහා ගෙන වෙනත් දෙයක් කරමින් දේශපාලන වශයෙන් කෙළවා ගන්න එකය.
මහින්දට බෑ....
තුන් පාරක් බෑ....
කලින් ඡන්දෙ තියන්න බෑ....
කිය කිය ඉන්න කොට දන්නෙම නැතිව බෑ...ම තමයිය.
බයියා දන්නේම නැතිව ගොඩ යනවාය.














