Pages

Thursday, 24 December 2015

තලතා නෝනා නං යංතං ගොඩ



සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික

කාන්තාවගේ දඬුවම ලිහිල් කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් දක්වා ලිහිල්

කිරීමටද එරට අධිකරණය තීරණය කර ඇති බව විදේශ කටයුතු

අමාත්‍යංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්

සලකා බලා සෞදි බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බවද 

නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත

සඳහන් කළේය.


මෙම ශ්‍රී ලාංකික කාන්තාව මරණ දඬුවමින් ගලවා ගැනීම සඳහා ශ්‍රී

ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

දිගින් දිගටම සෞදි බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින්

නිරන්තර ප්‍රයත්නයක නිරත වූ බවත් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා

මෙහිදී සඳහන් කළේය.


මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට ලැබි ඇති ජීවිතාන්තය

දක්වා වූ සිරදඬුවමද තවදුරටත් ලිහිල් කර ගැනීමට උත්සාහ කරන බව ද

විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.


අනියම් සබඳතාවක් පැවැත්වීම යන චෝදනාව යටතේ වරදකරුවූ මෙම

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට පසුගියදා සෞදි අධිකරණය විසින් ගල් ගසා

මරා දැමීමේ දඬුවම නියම කරන ලදී.


+++++++++++++++++++++++++++++++



මෑතකදි ලැබුණ හිත පිනා යන ආරංචිය බොලල්ලා...


වැඩේ අවතක්සේරු කරනව හෙම නොවෙයි ඕං....


තැන් තැන් වලින් මෙරු මතු වෙන්නැහෙ ආව ජනතා 

ජනතා විරෝධතා නොවෙන්නට නෝනල ඇහැ කන

පිහං ඉන්නවට මෙන්න කැට.


යම් තරමකින් හරි බ්ලොග්කාරයො ටිකත් අත 

ඇරියෙම නෑ....


ඒකත් පුංචි හරි තල්ලුවක් දෙන්න ඇති.


+++++++++++++++++++++++++++++


හැබැයි ඉතිං අඩුම තරමින් සෞදිය වගේ මිනීමරු

රටතටවත් අපේ කාන්තාවන් වහල් සේවෙට යවන

එක, යවල උන්දැලාගෙ සල්ලි වලින් හිරිකිතයක්


ලැජ්ජාවක් නැතිව ජෝගි නටන එක නවත්තන්න


තලතා නෝනට කොන්ද පණ තිබුණොත් නෝනත්


ගොඩ...අහිංසකයොත් ගොඩ...






-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා









Wednesday, 16 December 2015

රනිලෝ...ගලෝපං ටයි කෝට්.....පලයං හෙළුවෙන්....





අනේ අප්පා....

ඔටුවටත් ලැජ්ජාවෙ බෑ...

බිජ්ජ වැහෙන්න ටයි කෝට් අඳින්න හිතෙනවා...


ඊයෙ පොර ටෝක්...


අයියෝ.......

අද කොර වෙලා....
රටේ අගමැතිට ගිය කලක්...

ලැජ්ජාවෙ බෑ අප්පා...

-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා 



Tuesday, 15 December 2015

වර්ජන කොරපල්ල.....අපි බය නෑ...


යහපාලන ආංඩුවක් ආව ගමන් වර්ජන කිරීම ඉතා වැරදිය.

මේ විජාතික (සොරි අවජාතක) අනේ සොරි... ජාතිකලු නේ....ආංඩුව ඔය වර්ජන වලට බය නැත.

ජේ.ආර්. මාමණ්ඩි 80 වර්ජනය කළ රජයේ සේවකයන්ට දුන්න දීම මතක නං මේ හු..... සොරි රාජ්‍ය සේවක පුතාල වර්ජනය කරන්න හිතන්නේවත් නැත.

කොහොමත් අගමැතිත්, සෞඛ්‍ය ඇමතිත් මේ කඩාකප්පල්කාරී වැඩ වලට ඉඩ දෙන්නේ නැති බව නං ෂුවර්ය. එහෙම නැතිව ආංඩු කරන්නට බැරිය. 

අයවැය හැදුවේ ආර්ථික විද්‍යාවේ පකීර් කෙනෙක්ය.

ඒ හංදා අයවැය යෝජනා එක එකාට ඕනෙ විදිහට වෙනස් කරන්නනං ආණ්ඩුවක් ඕනේ නැත.

අයවැය වෙනුවෙන් කොන්දේසි විරහිතව තප්පුලන්නට දාස පුතාත් ඉන්වාය. කවුරු කියන දේ ජනතාව ඇහුවෙ නැතත් දාස පුතා සිරසෙන් සද්දෙ දැම්මම ජනතාව පිළිගන්නවාය.

කොරල බලමුකො වර්ජන...
දෙන්නෙම නෑ ඉල්ලීම්.....


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා 



Monday, 14 December 2015

තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....





ජනාධිපති තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....


අගමැති තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....

http://otukatha.blogspot.com/2014/04/blog-post_12.html


ඇමතිනී තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....

http://otukatha.blogspot.com/2015/12/blog-post_8.html



-සෙස්ස පස්සට ෴

Wednesday, 9 December 2015

ඇමැටිතුමෝ.....ඉස්සෙල්ලාම H.I.V. ටෙස්ට් කරමුද...?



ඩුත් හාංදුරුවන්ගේය.

බඩුත් හාංදුරුවන්ගේය.

නැතෝ.......

ඩුත් දොස්තරගේය.

බඩුත් දොස්තරගේය.

මොකක්......??

බඩු ????? හෑ.....බඩුත්.....?

ඩුත් දත් දොස්තරගේය.

බඩුත් දත් දොස්තරගේය.

හුකෑස්.....

නඩුත් නැව්පතිගේය.

බඩුත් නැව්පතිගේය.

ප්‍රා....ග්‍රා....බිළාල....කහ......අමමෝ....බළල්ලු.....ප්‍රා...


http://otukatha.blogspot.com/2015/01/blog-post_25.html

විශ්වවිද්‍යාලෙ යද්දි නොවෙයි ගිහිං එද්දි අවයවේ ටෙස්ට් කරමුද?

අපේ කාලෙ එහෙම කළා නං අද ඉන්නෙ දත් දොස්තර නොවෙයි...

කොන්දොස්තර පරාජිත.......



ඉස්සෙල්ලාම පරාජිතලගෙ සෙට් එක චෙක් කරමුද
 උසස් පෙළයි, කැම්පසුයි ළමයින්ගෙ චෙක් කොරන්න කලිං...

HIV නැතිවෙන්න නං බෑ ඔන්න පොතේ හැටියට.

යහපාලනේට කෙලවන්නෝ...........

මරාගෙ කොන්තරාත්තුවක් වත්ද මංදා ආයිබං.....


-සෙස්ස පස්සට ෴

Tuesday, 8 December 2015

තලතා නෝනේ රෙද්දක් ඇඳන් ද ඉන්නේ....





මැද පෙරදිග රටවලදී ගතවූ වසර පහක කාලය තුළදී

ශ්‍රී ලාංකීය කාන්තාවන් 199ක් ලිංගික අපයෝජනය

ලක්වූ බවට පැමිණිලි ඇතැයි විදේශ රැකියා 

ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය 

පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ.07) ප්‍රකාශ කළාය.


මොවුන් අතරින් 91 දෙනෙකු සෞදි අරාබියේදීද, 

40ක්  කුවේට්හිදිද, 26 දෙනෙකු ජෝර්දානයේදීද,

කාන්තාවන් 17 දෙනෙකු එක්සත් ආරාබි එමීර් 

රාජ්‍යයේද, අපයෝජනයට ලක්ව ඇත. කටාර්හිදී

කාන්තාවන් 11ක්ද, ඕමාන් හිදී කාන්තාවන් 07

ක්ද, ලෙබනන් හිදී මෙරට කාන්තාවන් 03ක් ලිංගික

අපයෝජනයට ලක්ව ඇතැයිද ඇමැතිවරිය 

සඳහන් කළාය. 


2010 වර්ෂයේදී මෙරට කාන්තාවන් 57ක්ද, 2011 දී 

කාන්තාවන් 38ක්ද, 2012 දී කාන්තාවන් 46ක්ද, 

2013 දී කාන්තාවන් 40 ක් සහ 2014 දී කාන්තාවන් 

18ක් මැදපෙරගදී ලිංගික අපයෝජනයට ලක්ව 

ඇතැයිද ඇමැතිවරිය කීවාය. 








මාරයි.......අපේ රටේ කාන්චාවො 
අරාබියට වහල් කමේ යැව්වම 
අච්චර මෙච්චර 
චවරයට ලක් වෙනවජ මෙයා...අනේ 
පව්ව්ව්ව්.....නේජ..?

දැන් අපිට කියන්නෙ බම්බුවද ?

ඇමැති පුටුවෙ රෙද්දක් ඇඳගෙන ඉන්න ලැජ්ජ නැද්ද...නෝනේ...




-සෙස්ස පස්සට ෴






Monday, 7 December 2015

ඇමැටිතුමෝ......ලබන දෙසැම්බර් හමුවෙමුද?





මුහුණු පොතේ මෙහෙම තිබුණ බොලල්ලා........







"නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා 
පිරිමි ළමුන්ට වවුචර දෙකක්දගැහැනු ළමුන්ට වවුචරයක්ද හිමි වේ. 
මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජු  ලෙස වැයවෙන 
මුදල හා නිළධාරීන්ගේ මෙන්ම
ගුරුවරුන්ගේ ශ්‍රමය සඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන 
සොච්චම් මුදල මෙන් කීප ගුණයක් බව පැහැදිලිය.


මෙන්න වැඩ කිඩ :-


* වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින

 
පුරා පාසල් වලට බෙදා දීම.

*
පංති භාර ගුරුවරුන් වෙත වවුචර් බෙදා දීම.

*
පංති භාර ගුරුවරුන් සියලුම වවුචර් අංක ලේඛන ගත කිරීම.

*
සෑම වවුචරයකටම විදුහල්පති හා උප විදුහල්පතිගේ අත්සන යෙදීම හා

 
මුද්‍රා දෙකක් යෙදීම. (ළමුන් දාස් ගණනක් සිටින පාසලක මේ 

සඳහා ගතවන කාලය සිතා ගැනීම ඔබට බාරය.)

*
එකිනෙක වවුචර් පංති භාර ගුරුවරයා මගින් දෙමාපියන්ට ලබා දීම

 ( මේ සඳහා දෙමාපියෙකු පැමිණිය යුතු අතර නොපැමිණි අය 
දුරකථන ඇමතුම් දී ගෙන්වා ගත් අවස්ථාද ඇත)

*
මීළඟ වාරය පටන් ගත් පසු මිලදී ගත් බව සහතික කොට 
වවුචර් කොටස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යැවීම.

*
බෙදා දුන් වවුචර් නිසි පරිදි, අක්‍රමිකතාවකින් තොරව 
ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි විගණනය කිරීම.

 (
දෙපාර්තමේන්තුවට මේ සඳහා කොපමණ කාලයක් හා  ශ්‍රමයක් වැය 
වෙනු ඇත්ද?)

*
කිසියම් දොසක් සිදු වී නම් විදුහල්පතිවරයාටත්

පංති භාර ගුරුවරයාටත් චෝදනා පත්‍ර ගොනු කිරීම හා නිසි පරීක්ෂණ  පැවැත්වීම.

*
වරදකරුවන් වෙතොත් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම හා  අදාළ මුදල් අය කොට ගැනීම.

මේ වවුචර් එකෙන් රෙද්දක් ගන්න දෙමාපියන්ට අතින්  සල්ලි දාන්නත්
වෙනවලු නේද? එහෙම දාලත් ඹය සල්ලි වලින් ගන්න වෙන්නෙ 
බාළ රෙදිලු නේද?


මේව කොරන්න යන්නෙ ජාතික ධනය නොවෙයිද?

මේ අපතේ යන සල්ලි වලින් හොඳ රෙද්දක් දෙන්න බැරිද,


මේ වවුචර් බෙදා හැරීම එහැම පිටින්ම අසාර්ථක වැඩකි.  
මොන්ටිසෝරි තීරණයකි. එක්කෝ ඇඳුම් දීම නවතා දැමිය යුතුය. 

නැත්නම් නිකරුණේ  මුදල් හා ශ්‍රමය කා දැමීමේ තීරණ නොගත යුතුය.

"අපි ලබන පාරෙත් මේ විදිහටම වවුචර් දෙනවාය" කියාවිෂය බාර 
ඇමැත්තා පාර්ලිමේන්තුවේදී බිරුසන් දෙන විට ප්‍රශ්නයක්  
කළමනාකරණය කොට ගැනීමට ඇති නොහැකියාව පෙනේ."



පත්තර වල මෙහෙම කිබුණා නොවැ.

ඇමැටිතුමෝ......
ලබන දෙසැම්බර් වවුචර් එක්ක හමුවෙමුද?




ඇමැටිතුමාගේ පැටිකිරිය මෙතනින් බලන්න



මේවත් බලලම යමුද ආයිබං........







 -සෙස්ස පස්සට ෴





Saturday, 5 December 2015

චිච්චියට වින කටින අංගජාතයෝ එක්ක අරාබි වහලියෝ

යන්නම් කියා යන්න ගියාට සිද්ධ වෙන දේවල් දැක්කම කට පුක වහන් ඉන්න බෑ ආයිබං...
ඒ හංද මෙන්න වෙන බ්ලොග් රෝලක ලියල තිබුණ කයියක් එතනින් ගලවල මෙතෙන්ට ගත්ත..



රාබිකරයේ විවිධ රට වල එක් එක් ආකාරයේ නීති ඇත්තේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති ඕමානයේ වෙනස් ආකාරයක් ගනී. කුවේටයේ නීති කටාර් රාජ්‍යයට අදාළ නොවේ. සෞදියේ නීති බහරේන් රාජ්‍යයට ගව් ගාණක් දුරය.

ඒ ගැන තේරුම් ගැනීම අසීරු නැත.

ඒ ඒ රාජ්‍ය පාලකයාගේ රුචි අරුචිකම් මෙන්ම රටේ පැවැත්ම පිළිබඳ කොන්දේසිද නීති රීති සම්පාදනයේදී පදනම් වීම ස්වභාවිකය.

මැදපෙරදිග රටවල වැඩි වශයෙන් පවතින්නේ රාජාණ්ඩුය. හොඳ පැත්තට රාජාණ්ඩු හොඳ වෙන්නා සේම නරක පැත්තට අන්තිම නරකය.

එක් එක් කලට රටේ නීති මෙන්ම ජනජීවිතයේ පැවැත්මද තීරණය වන්නේ පවත්නා පාලනය අනුවය.

මේ කලාපයේම රස්සාව කරන නිසා නොලියා නොහැකි මේ ටික ලියන්නේ පරෙස්සමින්‍ ය. මෙහෙම ලිව්වාමත් බිජ්ජ කපනවා කියා නීති පොතක තියෙනවාද දන්නේ නැත. එහෙම වුණොත් ගම රට යන්න වෙන්නේ බිජ්ජ නැතිවය.




චිච්චියට වින කටින අංගජාත කියා මාතෘකාවට දැම්ම කතාව මේකය.

චිච්චිය යනු කාන්තා අවයවය ය. කාන්‍තාවන්ට අවයව ගොඩාක් තියෙනවනෙ කියන අයට කියන්න තියෙන්නේ ඒ සංසර්ගය සඳහාත්, චූ කිරීම සඳහාත් යොදා ගන්නා අවයවය කියාය.

අංගජාතය යනුවෙන් අදහස් කළේ ඊට ප්‍රතිවිරුද්ධ පිරිමි අවයවය ය. කොටින්ම පිරිමි නිමිත්තය.

දැන් බලාගෙන යද්දී සමහර රටවල නීති වලට අනුව අංගජාතය ඕනෑ හැටියට භාවිතා කිරීම අවුලක් නැත. ඒත් තමන්ගේම චිච්චිය තමන්ට රිසි අයුරින් වුවද ප්‍රයෝජනයට අවසර නැත.

මේවා ගැන අප හැප්පෙන එකේ තේරුමක් නැත. නඩුත් රජ්ජුරුවන්ගෙ, බඩුත් රජ්ජුරුවන්ගේය. කරන්න තියෙන එකම දේ මෙවැනි අසමජ්ජාති, නිහීන නීති තියෙන රට වලට අපේ රටේ අම්මලා, දුවලා, සොයුරියන් වහල් සේවයට නොයෙදවීමට අපේ රටේ නීති සම්පාදනය කෙරුමය.

කොච්චර කෑ ගැහුවත් කොරන්නෙ නැත්තෙත් ඒකමය. රට කරවන් හැත්ත වගේම ගෙදර මනුස්පයත් හිතාගෙන ඉන්නේ ගෑනුන්ව රට යවා සල්ලි හම්බ කිරීම් මහා වීරකමක් කියාය.

රටේ ජාතික ආදායමෙන් වැඩිම පංගුව මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙන්ය, ඉනුත් ගෘහසේවිකාවන්ගෙන්‍ ය කියා උදම් අනනේ පොන්නයින්‍ ය.




http://otukatha.blogspot.com/2014/04/blog-post_12.html

උන්ට අනුව කාන්තාවන් බිල්ලට දී හෝ මඩිය තර කරගැනීම වටනේය. රට විරුවෝ කිය අන්දන්නේ ඒකය.

උන්ට සුරසැප විදින්න කාන්තාර බිමේ කඹුරන එක වීර කමක්‍ ය.

ලැජ්ජ නැතිව දේසපාලුවන් මේ අහිංසකයන් රටේ වීරයින් කියා පුරසාරම් දොඩනවාය. පට්ටපල් බේගල් ඇදබානවාය. හරිනං කපන්න ඕනෙ උන්ගේ අංගජාතය ය. මොකද ගල් ගසා මරන්නට නීති ගේන උන්ගේ අංගජාත කපන්නට අපට හයියක් නැති නිසාය.

ඒ නිසා වහල් සේවයට එන්නට අවසර දෙන, එකී විදේශ විනිමයෙන් සුරසැප විඳින, ආපු එවුන් ගැන සොයා නොබලන විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය නමැති සුදු අලියාගේත්, තීරණ ගන්න උන්ගේත්, මේ සුදු අලිය බාර ඇමැත්තා හෝ ඇමැත්තියගේත් රෙදි ගලවන්න ඕනෑය.

වෙන මොකටවත් නොවේ.. අංගජාත හෝ චිච්චි තියෙනවාදැයි සැක හැර ගන්නටය. පේන විදිහට ඔවුන්ට ඔය දෙකම නැත.



අරාබි වහලියෝ
කියා මාතෘකාවට දැම්ම කතාව මේකය.

මැදපෙරදිග බොහෝ රටවලට ගෘහසේවා වහල් සේවයට එන්නේත්, එවන්නේත් පවුල සුඛිත මුදිත කිරීමටය. එවන උන් කියන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා එනවා කියාය.

එන කාන්තාවනුත්, උන්ගේ ස්වාමිපුරුෂයනුත්, රට කරවන උනුත් මේකම මතුරන්නේ පවුලට, රටට සෞභාග්‍යය උදාවන්නේ වහල් සේවයට ඒමෙන් කියාය.

ඒත් මේ රටවල දහසුමේ කඹුරා ලැබෙන්නේ සොච්චමක්ය. බොහෝ විට ලංකාවේ මුදලින් මාසිකව රුපියල් විසිදහසකටත් අඩු වැටුපකටය. 

මේ අබග්ගය තේරුම් ගන්නා කාන්තාවන් පැමිණි පසු සල්ලි හොයන්න වෙන ක්‍රම තෝරා ගන්නවාය.

එක්කෝ තමන් ගෙන්වා ගත් බාබා සමග බුදියනවාය. නැත්නම් බාබාගේත්, පවුලේ අනෙක් උන්ගේත් බලපෑම්, හිරිහැර ඉවසා ගත නොහී එළියට පනිනවාය. නැත්නම් වැඩි ආදායමක් ලබන්නට ගෙන්වූ තැනින් පනිනවාය.

ඊට පසුව සිද්ධ වෙන්න පුළුවන් දේ බොහොමය.

එක්කෝ මෝරෙක් අල්ලාගෙන පවුල් කන්න වෙනවාය. අහුවෙයි කියල බයට හැංගි මුත්තං කෙළිමින් ගෙයින් ගෙට ගොස් වහල් වැඩ කරන්න සිද්ධ වෙනවාය.

එතකොට නම් මාසෙකට ආදායම ටිකක් වැඩි ගාණක් හොයන්න පුළුවන්‍ ය.

එහෙම් පැන්න අය පොලිසියෙන් අල්ලනවාය. හිරේ විලංගුවේ දානවාය.

මේ දවස් වල වාළුකාවේ මුතු දූපතේ නං එහෙම පැන්න අයට පොදුසමා කාලය එළැඹිලාය. පොලිසියට බාර වුණාම දවස් දහයක් විතර හිරේ දමා දඬුවමක් දී පිටුවහල් කරනවාය.

එහෙම පැන්න කාන්තාවන් දාස් ගාණක් ඉන්න බවට ගණන් බලා තියෙනවා කියා ඇසුණේය.

වහල් සේවයට පුරුදු වුණාමත් ඉන් ගැලවීමක් නැත.

ළිඳට වැටුණාට පස්සෙ ළිං කටෙන්ම ගොඩ එන්නට බලනවාය.

ළිඳට වැටෙන්නට නොදී ගොඩින් ජාමෙ බේර ගන්න එක වඩා හොඳය.

නැත්නම් වෙන්නේ අවයව නැතිව, සදාකාලික අබ්බගාතයින් වෙමින් අන්තිමේදි මරණයත් හිමි කරගන්නටය.

 සෙස්ස පස්සටය......

 
- සෙරන්ඩිබ් ඔටුවා

Monday, 1 June 2015

සුබ ගමන්...ආයුබෝවන්...

යහ පාලනෙත් චොර වුණා නොවැ...
මොනවා ලියන්නද තවත්...

ඔටුකතා හමාරයි...

සෙරන්ඩිබ් ඔටුවා සමග රැඳුණු හැමට ඔටු ප්‍රණාමය...

සමුගන්න අවසර......!

වාලුකාවට ආයුබෝවන්......!!!


.
- සෙරන්ඩිබ් ඔටුවා