Pages

Tuesday, 22 July 2025

ම්ලේච්ඡ කළු ජූලියේ අඳුරු මතක..

ජූලි මාසෙ කිව්ව ගමන් මුලින්ම මගෙ මතකෙට එන්නෙ කළු ජූලිය. 1983 වසරෙ මුළු රටම ගිනිගත් කළු ජූලිය.
සිංහලයා විසින් තමන් සමග සහජීවනයෙන් වෙසෙමින් සිටි දෙමළාව තිරශ්චීන ලෙස අමු අමුවේ මහ මග ඝාතනය කරනු දකින්නට තරම් අපි අවාසනාවන්ත වුණා.
රටට සම්පතක් වූ, නිදහස් අධ්‍යාපනයේ දායාද වූ දෙමළ ජාතික වෘත්තීයවේදීන් හා ප්‍රාමාණිකයින් රැසක් සදහටම මව්බිම හැරදා යන්නට මේ අමන මරිමෝඩ ක්‍ර්‍රියා පිළිවෙවෙත හේතු වුණා.
තමන්ට අසනීපයකට ප්‍රතිකාර කළ, ගමේ ඩිස්පැන්සරියක් දමා ගෙන සිටි දොස්තරමහත්තයා දෙමළ වීම හේතුවෙන් පණ පිටින් පුළුස්සා මරා දමන්නට තරම් ඉහ වහා ගිය ම්ලේච්ඡ ජාතිවාදයක් සිංහලයාගේ මනසේ ජනිත කළේ කවුද....?

මා කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ අවස්ථාවාදී, බලලෝභී දේශපාලකයාටයි.

56 බණ්ඩාරනායකගෙ උග්ර ජාතිවාදී සිංහල පමණයි ප්‍රවේශය මගින් දෙමළා සමාජයීය වශයෙන් කොන් කිරීමේ සිට සිරිමා බණ්ඩාරනායකගේ විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය හේතුවෙන් දෙමළාගේ සම අයිතිය කප්පාදු කිරීම දක්වා ඉතිහාසයකට දිවෙන මේ විරසකය ජේ.ආර්.ගේ ඒකාධිපති වියරුව ඉදිරියේ වඩාත් පුළුල් අන්තයකට ඇදී ගියා.
සිරිල් මැතිව්, ගාමිණී දිසානායක, ගාමිණී ලොකුගේ වැනි ජාතිවාදී ගහලයන් ලවා ආසියාවේ බුද්ධියේ සංකේතයක් වූ යාපනය පුස්තකාලය ගිනි තැබූ ජේ.ආර්. සිංහල මිනිසුන්ගේ මනස් කුරුවල් කරමින් සිය බලය තහවුරු කරගන්නට මග පාදා ගත්තේ රටම ලේ විලක් වන්නට ඉඩ හරිමිනුයි.

83 කළු ජූලිය නිර්මාණය වන්නට ඉඩහරමින්, රටම ගිනි ජාලාවක් වෙමින් දෙමළ සංහාරයක් සිදු වනතුරු කටපුක වසාගෙන උන් ජේ.ආර්. එකී ජාතිවාදී කලබල වලට කිසිසේත්ම සම්බන්ධ නැති ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය ඊට වගකිවයුතු යැයි කියා තහනම් කොට, විශේෂයෙන් ජ.වි.පෙ. ගමන අඩාල නොකරන්නට ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය මීට වඩා බොහෝ සෙයින් සුමට එකක් වන්නට ඉඩ තිබුණා.
මා සදාකාලිකව ජේ.ආර්. ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය හා බද්ධ වෛරයෙන් පසුවන්නේත්, ඔහුට මෙන්ම රට ධවල භීෂණයෙන් විනාශ කළ ඔහුගේ අනුප්‍රාප්තිකයාට පවා මිනි වළටත් හෙන ගහපන් කියා ප්‍රාර්ථනා කරන්නේත් බලලෝභයෙන් මත්වී රටක් විනාශ මුඛයට ඇද දමමින් දකුණේ විසූ දෙමළාත්, සිංහල තරුණ පරපම්පරාවකුත් සංහාරයට ලක් කළ නිසයි.
උතුරේ බිම් බෝම්බයකට හසු වූ හමුදා භටයින් 13 දෙනෙකුගේ මළ සිරුරු බොරැල්ලේ කනත්තේ ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමග මුදා හළ දෙමළාට අයත් දේපොළ මංකොල්ල කෑමේත්, දෙමළා අමු අමුවේ පන පිටින් ගිනි තබා මරා දැමීමේත් අන්ත තිරිසන් සිංහල ජාතිවාදී ම්ලේච්ඡත්වය ගැන බොහෝ කතා කොට ඇති නි

මම තාමත් හිතන දෙයක් තමයි 83 කළු ජූලියට පෙර මැයි මාසෙදී පේරාදෙනිය සරසවිය තුළ දෙමළ සිසු විරෝධී නැගිටීමක් සිද්ධ වුණේ කොහොමද කියන එක. ඒක හුදු අහම්බයක් වුණත් ඒ පසුපස තියෙන්නෙ දේශපාලකයන් වැපිරූ අස්වැන්නම තමයි.
පේරාදෙනියෙ, විශේෂයෙන්ම අපි උගෙනගත් ඉංජිනේරු පීඨයෙ එකට එකක් ප්‍රමාණයක් වන්නට දෙමළ සිසුන් සිටියෙ කටුබැද්දට යන්න ඔවුන් උනන්දු වුණේ නැති නිසයි. කොළඹට වඩා පේරාදෙනියෙ සුන්දර පරිසරය වගේම ආරක්ෂාවත් ඊට හේතු වෙන්න ඇති .
කෙමෙන් කෙමෙන් කටකතා පැතිරෙද්දි ඇරඹි මේ විරෝධයට පාදක වූ කාරණා මට මතක නැතත් එක් රාත්රියක දෙමළුන් පළවා හැරීමේ කුමන්ත්‍ත්‍රය ආරම්භ වූ බව නම් මතකයි.
සරසවියේ වූ දෙමළ සිසුන්ගෙන් වැඩි දෙනෙකු නේවාසිකව සිටියේද අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි.

ඒ කුරිරු රාත්‍රියේ සරසවි බිම දෙමළ සිසුන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් ජාතිවාදයේ උන්මාදයෙන් පෙළුණු පිරිසක් ගල්, මුගුරු රැගෙන මහවැලි ගඟ මතින් වැටී ඇති පාලම තරණය කොට පැමිණෙමින් සිටින බව දැනගත් මොහොතේ සහෝදර දෙමළ සිසුන්ව දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට අප තීරණය කළා.
උණ්ඩෙට උණ්ඩෙ, කඩුවට කඩුව, පොල්ලට පොල්ල, ගල් ගෙඩියට ගල්ගෙඩිය යන න්යායට අනුව අපි අතට අහුවුණ ලී, යකඩ පොලු, ගල් ගෙඩි අතට ගෙන සූදානම් වුණේ ප්‍රහාරය දියත් කරන මැර සිසුවන්ව පළවා හරින්නටයි.
අපේ සූදානම ගැන අභ්‍යන්තරයෙන්ම කරුණු දැනගත් ප්‍රහාරකයන් මගදිම පල්ලං බැස ගොස් තිබුණේ දෙමළුන්ට පුක දෙන සිංහල හැතිකරේට හොම්බෙන් යන්න වැඩක් දෙන්න පසුව එන බව සපථ කරමින්.
එළිවන තුරු මර බියෙන් ගැහෙමින් සිටි දෙමළ සගයින් ආරක්ෂා කළ අප, අතේ වියදමට අවශ්‍ය මුදල් සම්මාදම් කොට දී කුරුණෑගල දක්වා ආරක්ෂාව සලසමින් දෙමළ සිසු සිසුවියන්ව යාල් දේවී දුම් රියෙන් ගම් බිම් කරා පිටත් කොට යැව්වා.
ගඟෙන් අනෙක් පැත්තේ විද්‍යා, කලා, වෛද්‍ය සිසුන් සමහරෙකු ජාතිය දෙමළ වීම නිසාම ශාරීරික ප්‍රහාර වලට ලක් වී තිබුණා.

==================================
1983 ජූලි 23 හෝ 24 දා මා බදුල්ලේ සිට මහනුවර නවාතැන බලා එමින් සිටියා. ඒ වන විට සංහාරය ආරම්භ වී තිබුණා.
මිනිසුන් කොතරම් අන්තනෝමතික ලෙස මංකොල්ල කෑවේද යත් නිවසේ හරිහමන් වැසිකිළියක් හෝ නොමැතිවුන් කොමඩ් පවා කර තබාගෙන ගෙවල් වල ගෙන ගියා.
නගරයේ සිට මදක් දුර වුණත් අනිවත්තට යන්න සිද්ධ වුණේ පා ගමනින්මයි. බස් ධාවනය නොවුණා පමණක් නොව ඒ සන්ධ්යා යාමයේ පාරේ වාහනයක් පවා ගියේ ඉඳහිට.
අනිවත්තේ නවාතැනට යද්දී එතන ලොකු ප්‍රශ්නයක්. අපි නැවතී උන්නේ කොළඹට කුරුඳුවත්ත වැනි මහනුවර තදාසන්නයේ පිහිටි යමක් කමක් තියෙන පිරිස් ජීවත් වූ අනිවත්තේයි. .
මේ නිවස පිටුපස සිටියේ නගරයේ ව්‍යාපාර පවත්වා ගෙන යන ධනවත් දෙමළ පවුලක්. ඔවුන් සිය නිවසට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියට පත්වී සිටියා.
එදින රාත්‍රිය පරෙස්සමින් ගෙවා දමා පසුදා පාන්දරින්ම මේ පවුලේ අය මුල්ගම්පොළ පිහිටි ඔවුන්ගේ ඥාතීන් වෙසෙන වඩාත් ආරක්ෂිත තැනකට රැගෙන යන්න අපි එකඟ වුණා.

ඒ අනුව පසුදා ඔවුන්ගේ වාහනයේ ඉදිරිපසත්, පසුපස ආසනවල දෙපසත් සිංහල අපි වාඩි වී ඔවුන් මැදි කොට ගෙන යන්නට තීරණය කළේ විශාල අවදානමක් බාර ගනිමින්. අප එසේ රැකවල් ලාගෙන යන්නට තීරණය කළේ ජාත්‍යාලකාරයින් වාහන නවතා "බාල්දිය" කියන්නැයි අණ කොට "වාල්දිය" කියූ පමණින් මුගුරු ප්‍රහාර දෙන්නට මග දෙපස රැඳී ඉන්නා බව අප දැන සිටි නිසයි.

එය එලෙසම සිද්ධ වුණා.

අප ගිය කාරය කඩු, පොලු ගත් කණ්ඩායමක් නවැත්තුවා. වීදුරු පහත් කොට අපි සිංහලෙන් කතා කළා. "බාල්දිය" කියන්න ඕනෙදැයි අපි ඇහුවා. "නැහැ. අපි හොයන්නෙ දෙමළු....ඕකුන්ව කම්බස් කරන්න ඕනැ" තග් නායකයා කිව්වා.
"ඔව්....අයියා...ඕකුන් කම්බස් කරල කෑලිවලට කපන්න ඕනෑ..." අපිත් එකඟ වුණා. "හරි...මල්ලිල යන්න. අපි රැකල අල්ල ගන්නම්..."
වාහනේ පිටත් වුණා. අප අතර මැදි වී සිටි උඩහ ගෙදර දෙමළ ජාතික රූමත් නෝනා දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ ගැහෙනවා.
"ඔව්....අයියා...ඕකුන් කම්බස් කරල කෑලිවලට කපන්න ඕනෑ..." කියල අපි කිව්ව එක ඇය කොහොම තේරුම් ගන්න ඇද්ද.....
-හෙන්රි වර්ණකුලසූරිය

Monday, 9 June 2025

එච්.බී. හේරත් සහෝදරයාගේ නැගණිය-අනුරාධපුර නියෝජ්‍ය නගරාධිපතිනියයි

 



නුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චියේ කඩවත්ගම උපන් හේරත් බණ්ඩලාගේ හේරත් නොහොත් එච්. බී. හේරත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කොට පසුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට පත් විය.


1989 නොවැම්බර් ගලහ පැවැති දේශපාලන මණ්ඩලයේ අවසන් රැස්වීමෙන් පසුව එම ස්ථානයේ රැඳී සිටියදී නොවැම්බර් 12 දා හමුදා අත් අඩංගුවට පත් විය.

නොවැම්බර් 13 දා අළුයම රෝහණ විජේවීර වෙඩි තබා පණ පිටින් පුලුස්සා දමද්දී එච්. බී. හේරත්ද පණපිටින් එම උදුනටම දමා පුළුස්සා දැමූ බව ප්‍රචලිතය.



වසර 35 ට පසුව ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් බිහිවෙන්නේ එච්. බී. හේරත් සහෝදරයා ඇතුළු දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග මතින්ය.

ඔවුන් ප්‍රාර්ථනා කළ සාධාරණ හා යුක්තිගරුක පාලනයකට උර දීම සඳහා අනුරාධපුර නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස පත් වූයේ එච්.බී. හේරත් සහෝදරයාගේ නැගණිය සීතා හේරත්ය.

-සිතන්නා


Thursday, 22 May 2025

සැබෑ නිදහස අමතක කොට ව්‍යාජ නිදහස සැමරීම

 බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් නිදසහ ලබා අර්ධ යටත් විජිතයක්ව පැවති ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත් වූයේ 1972 මැයි 22 දා, අදින් වසර 53 ට පෙරදීය.



ඉහත සේයාරුවේ දැක්වෙන්නේ ඒ සඳහා මුල් වූ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනිය නව ව්‍යවස්ථාව යටතේ එතෙක් පැවැති රැජනගේ නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයා වෙනුවට නාමික ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව මැතිතුමා පත් කළ අවස්ථාවයි.

ජනරජයක් වීමට පෙර හා පසු රාජ්‍ය ලාංඡනද පහත දැක්වේ.




හරි නම් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණ රජයක් බිහි වූ පසු අද එළැඹුණ ජනරජ දිනය සමරා එය නිවාඩු දිනයක් කළ යුතුව තිබිණ. 1972 දී ඇති කළ ජනරජ නිවාඩු දිනය 1977 බලයට ආ යැංකි ඩිකී හෙවත් ජේ. ආර්. ජයවර්ධන අහෝසි කළේය.

එය ආදර්ශයට ගෙන මේ ආණ්ඩුව කරන්නේද සැබෑ නිදහස ලැබූ ජනරජ දිනය අහෝසි කොට ඩොමිනියන් අර්ධ නිදහස ලැබූ පෙබරවාරි 04 නිදහස් දිනය සැමරීමයි.

-සිතන්නා


Friday, 2 May 2025

සාජි එන්. කරූන් දිවි සිනමාවෙන් සමු ගනී

 විශිෂ්ට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජි එන්. කරූන් දිවි සිනමාවෙන් සමු ගනී..


මේ සමඟ පළ වෙන්නේ 90 දශකයේදී ගත් පිංතූරයක්. මා සම්මාන සහතිකයක් ලබා ගන්නේ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජි එන්. කරූන් අතින්.
පසෙකින් සිටින්නේ ආසියානු සිනමා කේන්ද්‍රයේ ප්‍රධානී ඈෂ්ලි රත්නවිභූෂණ හා එම කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා රංජනී රත්නවිභූෂණ.

එකල ආසියානු සිනමා කේන්ද්‍ර සිංහල සිනමාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. නොකඩවා මාසිකව පළ කළ, ඉතා වටිනා තොරතුරු හා ලිපි රැගත් "සිනෙසිත්" සඟරාව වගේම සංවිධානය කළ චිත්‍රපට උලෙළ, සිනමා පඨමාලා, හමුවීම්, සාකච්ඡා යනාදී බොහෝ වැඩ ඒ අතර වුණා.

"පිරවි" නමින් අති විශිෂ්ට චිත්‍රපටයක් නිර්මාණය කළ සාජි එන්. කරූන් චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ කළ වැඩමුළුව අවසානයේ තමයි මේ සහතික පත්‍රය ලබා දුන්නේ. මේ කාලයේම "පිරවි" කැමරාකරණය කළ සනී ජෝශප් මූලිකත්වය ගත් සිනෙ කැමරා අධ්‍යක්ෂණය පිළිබඳ වැඩමුළුවටත් මා සහභාගී වුණා.
===================
මා එදා සාජි එන්. කරූන්ගේ සිනමා දැනුමෙන් ලද පෝෂණය ඉමහත්.
එතුමන් සිනමාව පිළිබඳ පුළුල් පරාසයක දැනුමකින් පිරිපුන් විද්‍යාර්ථියෙක්.
සාජි....වරෙක මගේ ගුරුතුමාට..
සුවබර දිගු නින්දක් පතමි.

- සිතන්නා

Tuesday, 22 April 2025

සිරි දළදාව පෙන්නන්න බැරි ඇයි?

 



තරහා අවසර...!

නොදන්නකමට අහන්නෙ..

හැමදාම හරි සතියට දවසක් හරි,

අඩුම ගානෙ පෝයදාටවත්

සිරි දළදාව පෙන්නන්න බැරි ඇයි?

ෆේස්බුක් පෝස්ට් එකකින් මෙහෙම ඇහුවම ලැබුණු උත්තර බෙදාගන්න හිතුවා.
===========================
කියල වැඩක් නෑ මිනිසුන්ව මෙහෙම රස්තියාදු කරවලා දුක් විඳින්න සලස්වලා මහ නායක උන්නාන්සේලයි දියවඩනෙයි කට්ටිය ගන්න ආතල් එක ගන්න බැරි නිසා වෙන්නැති. බුදු රජාණන්වහන්සේ ඕක හංගලා තියන්න කියලා නෑනේ. අවුරුද්දකට තුන් හතර පාරක් හරි පෙන්නුවනම් මෙහෙම නහින්නෙ නෑ මිනිස්සු.
=====================
මටත් ඕක හිතුණා .එහෙම නැත්නම් වයස් සීමාවක් දාලා මුලින්ම වයසක උදලා ටිකට පෙන්වන්න තිබුනා .
==============================
ඉඳලා හිටලා හරි
නැත්නම් භාගෙට අඩවන් කරලා හරි පෙන්නුවා ම නේද හැඩ..! කලාව..!!අශාව!!
උදා: හඳ
උදා; පයෝදර
උදා; නයි පෙනේ
උදා; කකුල්
උදා; ස්ත්‍මිත්ත
උද; දළදාව

=============================
වැදගත් දේවල් එළියෙ දාගෙන ඉන්නෙ නෑ හලෝ.වහල තියාගෙන ඉඳල ටික ටික පෙන්නනව.ඒකත් හැමදාම නෑ.හැම තැනම නෑ.
==================================
නිරාගමික අදහස් තියෙන අය පොදුවේ අහන ගොං කතාවක් ඕක..
සාමාන්යෙන් අහන අනිත් ගොන් කතාව තමයි “ වහින්නැති වුනාම වැස්ස ගන්න දළදාව පොඩ්ඩක් හොල්ලන්න බැරිද” කියන එක.. කඩේ යන්න තෝරගත්ත පක්ෂෙ ගොන් වුනාට කමක් නැ. තමන්ගෙ ප්රතිපත්ති පාවා දෙන්න එපා රැල්ලට ගිහින්
=====================================
චන්දෙයක් එද්දි වයසක සෙට් එක රවට්ටගන්න පෙන්නන්නෙ ජනාධිපතිගෙ ඇට දෙකද එතකොට.
================================
ඕක වැඩවසම්බව හා බලය ගැන පුරස්නෙ
=================================
හැමදාම පෙන්නුවොත් අම්මප ඩිමාන්ඩ් එක සුං ...!!!
=========================================
දළදාව අවුරුදු පහෙන් පහටවත් පෙන්වනවා නම් වෙනසක් දකින්න පුලුවන් වෙයිද. හැම අවුරුද්දෙම සිරි පාදේ නැගලත තවම හිර වෙනවා නෙද. දළදාව හැම දාම පෙන්නුවත් ඔය සෙනග අඩු කරන්න බැ.
==========================================
බුදුහාමුදුරුවො කොහෙහරි දේශණා කරල තියනවද එහෙම මැරීගෙන පෙරලගෙන ගිහින් වැඳ පුදා ගැනීමෙන් සසර කෙලවර අමා මහ නිවන සාක්ෂාත් වෙනවා කියලා.
===============================
එතකොට අර හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ වෙනවා. ඊට පස්සේ කට්ටියකගේ බිස්නස් වැටෙනවා.
==================================
පොඩ්ඩක් ඉඩ දුන්නාම කරේ නගින්න එනවා. එතකොට අගේ අඩුවෙනවා
=======================================
කට්ටියගෙ පින් වැඩි වෙලා ප්රශ්නයක් වෙයි කියල වෙන්න බැරිද???
නිවන් යන්න ලොකු පෝලිමකුයි දිව්ය ලෝකෙ වැලිකඩ හිර ගෙදර වගේ ඉඩ මදි වෙන්නයි පුලුවන් පින් වැඩි වෙලා
========================================
මෙහෙම පෝලිමේ යනකොට තියන ආතල් එක ඒ වගේද
  • ==================================================
අඟේ නැති වෙන යෝජනා කරන්න එපා අනේ....හෙනම අමාරුවෙන් බලද්දි තමයි පින්..
====================================
-සිතන්නා