|
Friday, 30 January 2015
ජනතාවාදී පට්ට අයවැයක්....! යහ පාලනය දිනේවා....!!
Thursday, 29 January 2015
දින 100යේ පැණි වරකා ගහට හෙණ වැදීම නොහොත් ආඬි හත් දෙනාගේ කැඳ හැළියේ විගඩම
හරීන්ට හරි කියලා හිතුනට වැඩේ වැරදියි -බිමල්
ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවට දූෂිත මැති ඇමැතිවරු ඇතුලත් කිරීමට විරෝධය පළ කළ ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු තමන්ට බලය ලබාගැනීම සදහා දූෂිත මන්ත්‍රීවරුන් එකතු කර ගනිමින් ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා බවට පත්වීම පිළිකුල් සහගත බව ජවිපෙ ජාතික සංවිධායක බිමල්රත්නායක සදහන් කර සිටී.ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හරීන් ප්‍රනාන්දු මහ ඇමති වශයෙන් පත්වීමට සදහා අවශ්‍ය බලය ගොඩනගා ගැනීමට එක් කොටගත් පිරිස අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත තුළ සිටින දූෂීතම මන්ත්‍රීවරුන් පිරිසක් එකතු කොටගෙන ඇති බවයි. ඒ අතර අනුර විදාන ගමගේ සහ ඒ.එම්. බුද්ධදාස යන පළාත් සභා මන්ත්‍රීවරුන් සිටින අතර ඒ.එම්. බුද්ධදාස බදුල්ල දිස්ත්‍රික්කය පුරා මත්පැන්හල් පවත්වාගෙන යමින් නීති විරෝධී ගල්වලවල් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බවත් ඔහු කළක් එම පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන්ද කටයුතු කළ අතර ඔහුගේ එවක වංචා දූෂණ සම්බන්ධයෙන්ද දැඩි චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු බවයි.
\
එසේම අනුර විදාන ගමගේ පසුගිය ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධී රථපෙළපාලියක් පැවැත්වූ අතර එයට ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථ හැට ගණනක්ද යොදාගෙන තිබූ බවට චෝදනා එල්ල වූ අතර එය වැලැක්වීමට ගිය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකුට ද සහ පොලිස් නිලධාරීන්ට පහරදී පන්නා දැමීම පිළිබඳ චෝදනාද එල්ල වූ පුද්ගලයෙක් විය.
මෙවැනි පිරිස් එකතු කොට තමන්ගේ බලය තරකර ගැනීම විසින් යහපාලනය පිළිබද නන්දොඩවා ක්‍රියාවෙන් එය සිදුනොකිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දුට දැඩි විවේචනයක් එල්ලවන බවද ජාතික සංන්විධායකවරයා පවසා සිටී.

චම්පිකගේ බටයා, ධනුෂ්ක ලක්ෂ 80ක් හොරා කාලා !

විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය කාලයේ යහපාලනය ගැන නිතර පාරම්බාන ලද අය අතර ඉදිරියෙන් සිටි ඇත්තෙකි.
ඔහු මෛත්‍රීපාලනය හා බද්ධ වූ වහාම සිදු කළේ හෙළ උරුමයේ සිටි ඔහුට පක්ෂ අය මාධ්‍ය ආයතන වලට පත් කිරීමය.
ඒ දේශපාලන වශයෙන් අනාතව සිටින හෙළ උරුමයට යන්තන් පණ ගැටගසා ගැනීමට මඟක් සෙවීමටය.ඒ අනුව කලක් චම්පිකගේ බටයා වෙමින් ඔහුගේ විවාහයටද බාධාවක් වූ ධනුෂ්ක රාමනායක නැමැති හාදයා චම්පික ITN එකේ අධ්යක්ෂ ධූරයකට පත් කළේය.
ධනුෂ්ක පට්ටම පට්ට හොරෙකි.
ඔහු රුපියල් ලක්ෂ 80ක් හොරා කෑ අයෙකි.
වරක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූයේ පාඨලීය.
ඒ කාලයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වූයේ ධනුෂ්කයාය.
මේ ධනුෂ්කයා ඒ කාලයේදී විදුලිය ඉතිරි කිරීමේ වැඩසටහනක ප්‍රධානියා විය.
එය නමින් හෙට වෙනුනේ අදය.
මේ තරගයට ලැප්ටොප් ලබාදීමට මුදල් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා ටෙලිකොම්ය.එහි අරමුණ වූයේ විදුලිය අඩුවෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයන්ට හා පාසල් දරුවන් අතර තරඟ පවත්වා ලැප්ටොප් ලබාදීමය
.

එය රුපියල් ලක්ෂ 100කි.
මේ මුදල විගනකාධිපති ආයතනයේ ඇති විදුලි බල මණ්ඩල හෝ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ගිනුමකට බැර නොවූ අතර කපටි ධනුෂ්කයා මෙය දමාගනු ලැබුවේ ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් නැමැති ආයතනයේ ගිනුමටය.
ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් විදුලි බල මණ්ඩලය යටතේ පවත්වාගෙන යනු ලැබූ සමාගම් පනත යටතේ ස්ථාපිත වූවකි.
ධනුෂ්ක මින් රුපියල් ලක්ෂ 80ක් වියදම් කර තිබූ අතර, 2012 දී චම්පික අමාත්‍යංශය අත්හැර යද්දී ඔහු චම්පික සමඟම යන්න ගියේය.
ඉන් පසුව ”හෙට වෙනුනේ අද” තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නට ප්‍රමාණවත් මුදල් නැති වූ නිසා ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් ගිනුමේ ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 20 යළි ටෙලිකොම් ආයතනයටම ලබා දෙන ලදී.
අවසානයේ සිදුවූයේ ”හෙට වෙනුනේ අද” තරගය දිනූ තරගකරුවන් නිරන්තරයෙන් විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයට සොයා ඒම හා දුරකඨනයෙන් බැන වැදීම බව පැවසේ.
මෛත්‍රී යහ පාලනයේ කොටස් කරුවකු වන පාඨලීගේ මේ භට ධනුෂ්ක ගැන අප සතුව තව තොරතුරු තිබේ.
ඉරියේදී ඒවා ලියකියවිලි සහිතව පැපා හෙලි කරන්නෙමු.
දින 100යේ පැණි වරකා ගහට හෙණ වදී - පස්සෙම ආපු අය කලින්ම ඉවත්වේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙහි පළමු දෙදෙරීම සිදුවීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තාවේ. මෙය නිර්මාණය වී ඇත්තේ සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන ෆයිසර් මුස්තාපා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කිරීමත් සමගය.මේ සදහා හේතු වී ඇත්තේ ද තම අමාත්‍යංශය විෂය පථයට අදාළ ආයතන කිහිපයක් ඉන් ගලවා අර්ජුන රණතුංග ඇමැතිවරයාගෙ අමාත්‍යංශය යටතට පත්කීරම බවද වාර්තාවේ.
කෙසේ නමුත් මේ කරුණ පදනම් කොට ගෙන ඇමැතිධුරයෙන් ඉවත් වීමට කටයුතු කිරීම විසින් ඇමතිවරයා මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිවරයාට සහය පළකිරීම ව්‍යාජයක් බව පෙන්වන්නක් වන බවට වෙනත් ඇමැතිවරු අතර කතාබහට ලක්ව ඇත. එසේම ඔවුන් සදහන්කොට ඇත්තේ මහින්දගෙන් ගැලවී අවසානයේදී මෛත්‍රීපාල සිරීසේන මහතාට සම්බන්ධ වූ මුස්තාෆා තමන්ට සතුටුවන දෙයක් නොලැබිමෙන් කලින් ම ඉවත්ව යන බවයි.
කෙසේ නමුත් ෆයිසර් මුස්තාපා ඇමතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සමග අදාල අමාත්‍යංශ පරිශ්‍ර යෙන් පසුගිය අගහරුවාදා පිටවගොස් ඇති බව ශ්‍රී ලංකාන් මීරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.

මේව අහල පන පලයං පෙරේදාාාා....
මේ සිද්ධ වෙන සංගදි දිහා බලද්දි ඔටුකතා ලියන එකත් එපා වෙනව බොලල්ලාාා....
Sunday, 25 January 2015
යහ පාලනයට එක් වූ රාජිතගේ...... * ප්‍රා * ඝාතන පැටිකිරිය ඔන්න බොලේ එළියට ඇදිලා.....
ඔන්න සෙරන්ඩිබ් ඔටුවා මීට කලිං සිහිපත් කළ ප්‍රා ඝ්‍රා කාරයන්ගේ පැටිකිරිය. ආඬි හත් දෙනාගේ කැඳ හැළියේ කෙරුමෙක් නේද මේ....?
ජනපති විධායක බලතල අහෝසි කළ යුතු නැහැ. කළ යුත්තේ එය සංශෝධනය කිරීම යැයි තම මතයේ දැඩි ලෙස පිහිටා සිටින ජාතික හෙළ උරුමයට ඒ සඳහා සහයෝගය දක්වන්නේ රාජිත සේනාරත්න ඇමතිවරයා යි .
මෙසේ වන්නට හේතු කාරණා සොයා බැලීමේදී ජාතික හෙළ උරුමය සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික ගැටළු සම්බන්ධයෙන් විශාල මත ගැටුමක් පැවති අතර පසුව එය සමතයකට පත්කිරීමට මුල් වී ඇත්තේ රාජිත අමාත්‍යවරයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්නය.
ඔහු අතුරලියේ රතන හිමියන්ගේ ‘පිවිතුරු හෙටක්’ සංවිධානයේ පුරෝගාමී පුද්ගලයෙකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට මුල්ම සැලසුම සකසා පුරෝගාමී මෙහෙවර ඉටුකරන ලද්දේ මෙකී පිවිතුරු හෙටක් සංවිධානයයි.
දැන් සුහද මිතුරන්ව සිටිනා ජාතික හෙළ උරුමය හා රාජිත සේනාරත්න ඇමතිවරයා . හෙළ උරුමයට විධායකය රකින්නට උදව් කරන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේනයන් ගේද අනුමැතිය ඇතිව බව එහි තතු දන්නෝ පවසන අතර එයට හේතුව ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් සියලු විධායක බලතල අහෝසි කිරීමෙන් මෛත්‍රිපාල සිරසේන ජනපති වරායාව සිරිසඟබෝ කෙනෙකු කිරීමට යැයි අදහන්නෝ එය නොකරන මෙන්ද මෛත්‍රී ජනපතිට උපදෙස් දී තිබෙයි .
දැන් එය බොහෝ දුර ඇදෙමින් පවතින අතර අවසන හෙළ උරුමය පාර්ශවය ජය ගෙනු ඇතැයි පැවසේ .
නුමුද එය මේ යහ පාලනයේ මෛත්‍රී රනිල් සුහදත්වයේ අවසානය විය හැකි බැවින් ශ්රීලනිපය ශක්තිමත් කිරීම සඳහා රාජිත සේනාරත්න ඇමතිවරයාව ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරයට පත්කරන්නැයි හෙළ උරුමය විසින් මෛත්‍රී ජනපති ගෙන් ඉල්ලීමක් කර තිබෙයි .
එසේ රාජිත සේනාරත්න මහලේකම් ධූරයට පත්කරන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ප්රමුඛ සන්ධානය යටතේ තරඟ කිරීමට ද ජාතික හෙළ උරුමය එකඟත්වය පලකර ඇත.
නමුදු එම යෝජනාව පිළිබඳ කාරණය සැලවීමත් සමග ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක පිරිසක් දැඩි ලෙස කලබලයට පත්වී ඔවුන් පසුගිය 22 දා රාත්‍රී තිලංග සුමතිපාල මහතාට අයත් කොල්ලුපිටියේ හෝටලයක දී රැස්වී දීර්ඝ වශයෙන් ඒ පිළබඳව සාකච්ඡා කර තිබෙයි .
එහිදී රාජිත සේනාරත්න පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිංලග සුමතිපාලය. ඒත් එහිදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි සී.බී. රත්නායක හා ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එම යෝජනාවට බරපතල ලෙස විරෝධය පළකරමින් වත්මන් මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා තවදුරටත් මහ මහලේකම් ධූරය තබා ගත යුතු බව කියා තිබේ.
එහිදී තවත් මන්ත්‍රීවරු පිරිසක් කියා ඇත්තේ පක්ෂයේ ජේෂ්ඨයෙකු වන ජෝන් සෙනෙවිරත්න මහලේකම් ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවයි.
මෙහිදී අදහස් දක්වා ඇති මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රාජිත සේනාරත්න යනු කලින් කලට පක්ෂ මාරු කළ පුද්ගලයෙකු බවත් එසේම ඔහු 88/89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ‘ප්‍රා’ නැමැති මිනීමරු කල්ලිය මෙහෙයවමින් තරුණ තරුණියන් විශාල ගණනක් මරා දැමූ පුද්ගලයා බව සඳහන් කර ඇත.
එසේම මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කල් ඉකුත් වූ ඖෂධ සපයා වැරදිකරු වූ බවටත්, මන්ත්රීවරයෙකුව සිටිමින් රාජ්‍ය ආයතනවලට ඖෂධ සපයන ව්‍යාපාර කිරීමෙන් මන්ත්‍රීධූර අහෝසි වූවෙකු බවත් පවසමින් රාජිත මහලේකම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළහොත් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වී තමන්ට වෙනත් පක්ෂයක් හැදීමට සිදුවන බව ද ඔවුන් මෙහිදී පවසා තිබෙයි.
උපුටා ගැනීම
Friday, 23 January 2015
හොටු ගෑනි දී කැහි ගෑනි ගැනීම නොහාත් "මෛත්‍රී රෙජීමය" කරළියට...........
ලංකා ඊ නිවුස් වෙතින් උපුටා ගැණින.
(ලංකා ඊ නිව්ස් -2015.ජන.22, )
ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යළිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.
ටෙලිකොම් සභාපති ධූරය වැනි, ව්‍යාපාරික සහ විද්‍යාඥ ඥානයෙන් යුත් නව යුගයේ ‘බරණ ගණිතයෙක්‘ අත රැඳිය යුතු අතිශය සංවේදී තනතුරකට මෛත්‍රීපාල සිරිසේන ගේ ගස් කපමින් සිටි ගොබ්බ මලයෙක් පත් කර තිබේ. පත්වීම සිදුකර ඇත්තේද මෛත්‍රී විසින්ම වීම කණගාටුදායකය.
පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන නම් ටෙලිකොම් සභාපති ස්වීප් ටිකට් පත ලත් මේ පුද්ගලයා මීට පෙර 2006 වසරේ සිට රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබූ රාජ්‍ය ඉඩම් ටික මංකොල්ලා කෑම සඳහා රාජපක්ෂලා විසින් ගොඩ නැගූ ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන පුද්ගලික සමාගම නම් අර්ධ රාජ්‍ය සමාගමේ අධ්යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළ මෛත්‍රීගේ මල්ලීට ඇත්තේ අතීතය සම්බන්ධ සුදු සහතිකයක් නොවේ.
බලහත්කාරයෙන් සභාපති ආගාරයේ යතුර රැගෙන විවෘත කරවා ගත් කුමාරසිංහ තමා අද සිට ටෙලිකොම් සභාපති වූවා යැයි අනෙකුත් නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මොහු ජනාධිපතිගේ මල්ලී නිසා සභාපති ලේකම් ද ප්‍රධාන විධායක නිලධාරියාද ඉවසා ගනිමින් දැනුම් දී ඇත්තේ තමන්ට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ මුදල් ඇමැති රවි කරුණානායක හෝ ටෙලිකොම් නව ඇමැතිවරයා ලෙස පත් කළ මංගල සමරවීර හෝ මෙවැනි පත් කිරීමක් ගැන දැනුම් දී නැති බවයි.
තමා ජනාධිපතිගේ මල්ලී යැයි ද ජනාධිපති ලේකම් තමාව ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයිද කුමාරසිංහ එවිට පැවසීය. එවිට එහි නිලධාරීන් සාමකාමීව තේරුම් කර දුන්නේ ටෙලිකොම් සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති ලේකම්ට බලයක් නැති බවත් ටෙලිකොම් වැඩි කොටස් හිමි වන්නේ මහා භාණ්ඩාගාරයට නිසා මේ පත් කිරීම් සිදුකළ හැක්කේ නීතියේ හැටියට භාණ්ඩාගාර ලේකම් වරයාට බවයි.
එහෙත් ඉන්පසුව යළි පැමිණ නිල වශයෙන් පොල්තෙල් පහනක් දල්වා රාජපක්ෂලාටත් බණ කියන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ද කැඳවා වැඩ බාර ගත්තේය.
‘මල්ලීට මේ රජගේ අය්ය සැදූ‘ අද පැවැති මෙම නිල උත්සවයේ ප්‍රධාන චරිතයක්ව සිටියේ රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැඹියෙක් වූ කාලිංග ඉන්ද්රතිස්සයි. කාලිංග දැනට සිටින ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ වරයෙක් වන නමුත් වසර 4 ක් තිස්සේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් දෙක තුනකට වැඩියෙන් සහභාගී වී නැති නමුත් ටෙලිකොම් වියදමින් විදේශ සංචාර 50 ක් පමණ ගිය අයෙකි.
මෙම උත්සවයට හිටපු අධ්යක්ෂ මණ්ඩලයෙන් කැපී යන අය සහභාගී වූයේ නැත. ඒ අතර ටෙලිකොම් හිටපු සභාපති නිමල් වෙල්ගම, ජයන්ත ධර්මදාස සහ චමල් පුත් චමින්ද රාජපක්ෂ විය.
සාමාන්‍යයෙන් කැපී යන අය නව සභාපතිගේ උත්සවයට නොපැමිණ සිටියදී කාලිංග ඉන්ද්‍රතිස්සගේ පැමිණීමෙන් ගම්‍ය වන්නේ නව අධ්යක්ෂ මණ්ඩලයටත් කාලිංගයා, මාඝ සේ ටෙලිකොම් දුෂ්ඨයෙක්ම වෙන බවයි.
ටෙලිකොම් ආයතනය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට අයත් විය යුතු වුවද නව අමාත්‍යාංශ බෙදීම් අනුව පත් කර ඇත්තේ විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ටෙලිකොම් ඇමැතිගේ වගකීම් ධාරාවටය.
සමරවීර ටෙලිකොම් ඇමැති වූවද එහි සභාපති කුමාරසිංහ පත් කරන බව වත් ඔහු දන්නේ නැත. අනෙක් අතට ටෙලිකොම් සමාගමට සභාපති වරයෙක් පත් කළ යුතු නිල ක්‍රමවේදය ජනාධිපති ලේකම් අබේකෝන්ද දැන ගෙන සිට නැත. දන්නවා නම් ලියුමක් දී පියුං කෙනෙක් එවන්නා සේ සභාපති වරයෙක් එවන්නේ නැත.
මේ සිදුවීමෙන් පසු මේ ඇරඹෙන්න යන්නේ ‘මෛත්‍රී රෙජීමය‘ විය හැකි යැයි සැක සිතෙන බැවින් ජනතාවට අවදියෙන් සිටින ලෙස පූර්ව අනතුරු අැඟවීමක් කරමු.
ඉඟුරු ඇති මිරිස් එපාමයි..!
-සෙස්ස පස්සට ෴
Saturday, 17 January 2015
විභාග වංචා කොට...... රතු තොල් ගැන්සියෙන් ආ අධ්‍යාපන ඇමැත්තා...
අභිනවයෙන් පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය පිරිනමන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාටය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු(???) වන අකිල විරාජ් කාරියවසම් 2013 නීති විද්‍යාලයේ විභාග වංචාවට හසුවූ පුද්ගලයෙකි.
එවකට නීති විද්‍යාලයේ විදුහල්පති ධුරය හොබවන ලද්දේ රුද්‍රිගු නැමති අන්ත දූෂිත ජනාධිපති නීතිඥවරයාය. මෙහු නීති විද්‍යාලයේ විශාල දූෂණ අක්‍රමිකතා ප්‍රමාණයකට සම්බන්ධ වු පුද්ගලයෙකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මොහුව නීති විද්‍යාලයේ විදුහල් පති ධුරයට පත් කරන ලද්දේ තම පුත් නාමල් රාජපක්ෂ හට කිසිදු බාධාවකින් තොරව නීති වීරෝධි ලෙස නීති විභගය සමත්වීම සඳහා පහසුකම් සලසා දිමටය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විශේෂ කාමරයක නීතිය පිළිබඳ කථිකාචාර්ය වරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව ලැප්ටොප් පරිඝනක භාවිතා කර විභාගයට පෙනී සිටිමින් නීති විරොධී ආකාරයට නීති විභාගය සමත් විය. මේ සඳහා සියලු පහසුකම් සපයා දෙන ලද්දේ මෙම දූෂිත විදුහල්පතිවරයා විසිනි.
එසේම මොහු විසින් නාමල් රාජපක්ෂ නීතිවිද්‍යාලයට පැමිනීමේදි බුලත් අතක් දී පිළිගැනිම පුරුද්දක් කරගෙන සිටියේය.
රාජපක්ෂලාගේ සුවච කීකරු සට්ටැඹියකු වු මෙම රුද්‍රිගු නැමැත්තා විසින් නීති විද්‍යාලයේ තවත් බොහෝ අක්‍රමිකතා සිදුකරන ලදී.
එනම් 2013 වර්ෂයේ මහත් ආන්දෝලයකට තුඩු දුන් නීති විභාග ප්‍රශ්න පත්‍ර පිටකිරීම හා ඒ හරහා එම වර්ෂයේ නීතිවිද්‍යාලයට මුස්ලිම් සිසුන් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරගැනීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලද්දේද එවකට අධිකරණ අමාත්‍යවරයා වූ රවුෆ් හකීම්ගේ උපදෙස් ඇතිව මොහු විසිනි.
මේ ආකාරයට නීති විද්‍යාලය තුළ විවිධ දූෂණ අක්‍රමිකතා සිදුකරමින් අන්ත දූෂිත ලෙස පරිපාලන කටයුතු සිදුකරගෙන යන මොහු 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මස පැවැති නීති අවසන් විභාගයේදි තම පුත්‍රයා ඇතුළු 16 දෙනෙකුට නීති විරොධී ලෙස විභාගය සමත්වීම සදහා පහසුකම් සැලසීම හේතුවෙන් නීති විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් නෙරපා හරිනු ලෑබීය.
එසේම එම සිසුන් 16 දෙනාදගේද විභාගය වංචාකිරිම හේතුවෙන් නීති විභාගය තහනම් කරන ලදී.
නීති විද්‍යාලයෙන් නෙරපන ලද රුද්‍රිගු ව මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදේශකයෙක් ලෙස පත්කරගත්තේය.
මෙම විභාග වංචාවට හසුවු ශිෂ්‍යයින් 16 දෙනාගෙන් එක් පුද්ගලයෙක් තමයි අකිල විරාජ් කාරියවසම්.
අකිලට මෙම ක්‍රියාවලියේදි නාමල් රාජපක්ෂ විසින් උදව් උපකාර කරණ ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අකිල විසින් නාමල් රාජපක්ෂ කිසිදු අවස්ථාවක විවේචනය නොකළේය.
මෙහිදී පොදු මහජනතාව වශයෙන් අපට ඇතිවන ප්‍රධාන ගැටළුව නම්.....
නීති විද්‍යාලයේ විභාග වංචාවකට හසුවූ තැනත්තෙකුට රටේ අධ්‍යාපනය භාරදීමෙන් යහපාලනය ඇතිකරන්නේ කෙසේද යන්නය.
රටේ ලක්ෂ 61 වු පොදු මහජනතාව ප්රජාතන්ත්රවාදය යහපාලනය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිකර ගනිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබුවේ හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන්, වංචාකාරයන්ගෙන් තොර සමෘද්ධිමත් දේශයක් ගොඩනැගිම සදහාය.
එවැනි පසුබිමක් තුළ මෙවැනි වංචනිකයන් හට රටේ අධ්‍යාපනය වැනි භාරධුර වගකීමක් භාරදීමෙන් යහපාලනය ඇති කළ හැකිද?
Wednesday, 7 January 2015
ආඬි හත්දෙනාගේ කැඳහැලිය නොහොත් මෛත්‍රී ජවුසම...........
මෛත්‍රී යනු ඡන්දයට පෙරම පොරොන්දු කඩ කළ එකම ජනාධිපති අපේක්ෂකයා යි.
විධායක
ජනාධිපති අහෝසිකරන පොරොන්දුවෙන් සටනට බැස්ස ඔහු ඉතාම
ඉක්මනින්ම ඒ පොරොන්දුව අංජබජල් කළ අතර ඔහු වටේ සිටින පක්ෂ වල නායකයෝ හත් අට දෙනා විධායක ජනාධිපති ක්‍රමයට
කරන්නේ මොකද කියල ඇහැව්වාම දුන්නේ උත්තර හත අටකි.
පෝස්ටර්
කටවුට් නැති මැතිවරණයක් කරනවා කි හෙතෙම ඒ සල්ලි වකුගඩු
අරමුදල ට බැර කරනවා යයි කීවේය.
ඒ දෙකම පට්ට පල් බොරු වී ඇති අතර ඉන්දියාවට පවා ගොස් අති විශාල වියදම් දරා චිත්‍රපට වගේ ඇඩ්ස් හැදුවේය.
මඩ දේශපාලනය උපරිමයට භාවිතා
කළ සිරිසේන අන්තිමට
විශ්වාසනීය චරිතයක් වූ චම්පික පවා මඩ ගොඩකට දමා චොර කළේය.
අලුත් පරම්පරාවේ නරි නාටක මෙන්ම ගල් ගසා ගැනීමද රැල්ල
පවත්වාගෙන යාමට භාවිතා විය.
අතුරලියේ රතන සහ චන්ද්‍රිකා මාධ්‍යයට තර්ජනය කළෝය. බදුල්ලේ රුපවාහිනී
වාර්තාකරුවාට මැර පහර දීම තව එකකි.
රතන චම්පික සැලසුම් කළ කුමන්ත්‍රණය රාජිත
හරියටම හෙළි කළේය.
සිංහල නායකත්වය විනාශ කිරීමේ සහ සුළුතර විසින් කොටස්
බහුතරය පාලනය කිරීමේ ඇති අවදානම ඉතා පැහැදිලි විය.
කොටින්ම සිරිසේනගේ සම්පුර්ණ වැඩ පිළිවෙළම ඉතා කුප්‍රකට කුමන්ත්‍රණයක් බව අද වනවිට සහ
සුද්දෙන්ම පැහැදිලිය.
සිරිසේන ව පොදු කට්ටිය තෝරාගන්නේ
ඕනේ එකකට එහෙයි කියන නිසාය.
ගිය පාර ෆොන්සේකා ව කොන්ට්‍රෝල් කරන්න බැරිව ඇඹරුණ පාඩම් උගත් යූ.ඇන්.පී නායකයෝ සහ පොදු සෙට් එක මෙවර ජනාධිපති උණත් තමන්ට සර් මැඩම් කියන හෙන්චයියෙක් හොයා ගත්තෝය.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී පක්ෂයකට කත් නොඅදින නමුත් සිරිසේනට ඡන්දය දෙන කෙනෙක් වෙතොත් හේ ඇස් කන් පියාන වෙනසක් ගැන
හිතන මෝඩයෙකි.
(ෆේස්බුක් එකෙන් උපුටා
ගත්තකි.)
පසුව ලියමි
ආඬි හත්දෙනා මෙන්න
මෛත්‍රී/ රනිල්/ චන්ද්‍රිකා/ ෆොන්සේකා/ චම්පික/ හකීම්/ ටී.එන්.ඒ
කාල වරෙංකො.........
-සෙස්ස පස්සට ෴
Friday, 2 January 2015
සිරිලංකා දේශපාලනයේ සැඟවුණ ඇත්ත හෙවත් උනුත් එකයි...මුනුත් එකයි...
සිරිමාගේ සාගත අවුරුදු 7 පිටුදකින්න ජේ.ආර්. ගෙනැල්ල
ජේ.ආර්.ල ප්‍රේමදාසලගේ රනිල්ලගේ 17 අවුරුදු දුර්දාන්ත පාලනය අහෝසි කරන්න චන්ද්‍රිකා ගෙනැල්ල
චන්ද්‍රිකා වෙනුවට මහින්ද ගෙනැල්ල, මහින්ද එළවන්න ෆොන්සේක ගේන්න හදල බැරි වූ තැන ආයෙම
දූෂිත මහින්ද රැකගැනීමේ හෝ
රනිල්/චන්ද්‍රිකා/සම්බන්දන්/හකීම් පිරිවරා ගත් සිරිසේන ගෙන ඒමේ
තට්ටු මාරු අදේශපාලනික භාවිතයට එරෙහි හඬක් නිසා
මේ තීරණාත්මක මොහොතේ “වාළුකා සිතුවිලි“ වල ඉඩ
සිරිලංකා දේශපාලනයේ සැඟවුණ ඇත්ත හෙවත් උනුත් එකයි...මුනුත් එකයි...
-සෙස්ස පස්සට ෴
Subscribe to:
Posts (Atom)








