රිළවුන් රට පැටවීමට විරුද්ධව සංවිධාන හා ආගමික නායකයින් නගන හඬට උත්තර -
කලාවැව, ගල්නෑව සංචාරයකදී හමු වූ ගොවි මහත්වරු දෙදෙනෙක් හඬ නැගූ අයුරු...
-සිතන්නා...
රිළවුන් රට පැටවීමට විරුද්ධව සංවිධාන හා ආගමික නායකයින් නගන හඬට උත්තර -
කලාවැව, ගල්නෑව සංචාරයකදී හමු වූ ගොවි මහත්වරු දෙදෙනෙක් හඬ නැගූ අයුරු...
-සිතන්නා...
විචාර සටහන
හෙන්රි වර්ණකුලසූරිය
සුරංග හඳපාන්ගොඩගේ “වලාකුළු අතර කෙටි චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණා. එය නැරඹීමෙන් පසු ඇතිවූ අදහස් හා මතිමතාන්තර සටහන් කරන්න හිතුවා.එහෙයින් මේ “වලාකුළු අතර” කෙටි චිත්‍රපටය ගැන කෙරෙන අදහස් දැක්වීමකින් එහා ගිය සිංහල සිනමාවේ අභාග්‍යසම්පන්න අත්දැකීමක් ගැන කතිකාවක් ගොඩ නැගෙන කතාබහකට මුල පිරීමක්ද වෙනවා.

“වලාකුළු අතර” කෙටි චිත්‍රපටය ගැන මගේ අදහස් මෙයාකාරයි.
සුරංග හඳපාන්ගොඩ නිර්මාණශීලී නවක සිනමාවේදියෙක්. ඔහුගේ පළමු කෙටි චිත්‍රපටයට පාදක කොට ගත්තේ මගේ “නිරුවත් ජීවිත” කෙටිකතා සංග්‍රහයේ “එන එනමින්” වූ කෙටිකතාවයි. එය ඔහු මැනැවින් රූපගන්වා තිබුණා.
මා නොහඳුනන එකල සුරංගගේ පළමු උත්සහය ගැන මෙවන් කෙටි සටහනක් තැබුවා මතකයි.
“සුරංග…අවංකවම ඉතා හොඳ production එකක්. Script එක අපූරුවට, කෙටිකතාවේ හරය උකහාගෙන ලියලා තියෙනවා. ආධුනිකයින් වුවත් රඟපෑම් වලින් චරිතවලට සාධාරණයක් ඉටු කරලා. ස්තූතියි.”
හැබැයි සුරංග “වලාකුළු අතර” නිර්මාණය කිරීමේදී විටෙක කිසියම් ආකාරයක සමාජයීය හා මතවාදීමය සීමා පුපුරවා හරිමින්ද යළි වෙනත් සීමා තුළ හිරවෙමින් ඉන්නවා කියලයි මට හිතෙන්නේ.
චිත්‍රපටයේ ගීතා අලහකෝන් හා උමා අසෙනි යන රංගන ශිල්පිනීන් දෙදෙනාගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. විශේෂයෙන් ගීතාගේ. හැබැයි ගීතා දුම්වැටිය උරන්නේ නුහුරු විදිහටයි. ඇය මේ දර්ශනය රූගත කරන්නට පෙර මීට වඩා දුම්බීමේ පෙරහුරු තියන්න තිබුණා කියලා හිතෙනවා. මට පෙනුණේ ඈ දුම්වැටිය දෙතොල එක් කොට හපන බවයි. විය යුත්තේ ෆිල්ටරය දෙතොලේ සීරුමාරුවට රඳවා ගැනීමයි. හැබැයි ඇය දුම් ආග්‍රාණය කිරීම නිවැරැදි ලෙස කරනවා. මේ වරදේ වගකීම මා පවරන්නේ අධ්‍යක්ෂවරයාටයි. ඔහු එය නිවැරැදි කළ යුතුයි. (සිංහල සිනමාවේ මා දුටු ස්වභාවිකම සිගරැට් ඉරීම කළේ සංගීතා වීරරත්නයි.)

ප්‍රධාන නළුවාගේ රංගනයෙන් ආලෝකයක් ලැබෙන්නේ නෑ. ඒ තේරීම වැරැදි බව කිව යුතුයු. උමා හා ගීතාගේ සූක්ෂම රංගනය ඉදිරියේ හෙතෙම පසුබසිනවා.
අජිත් කුමාරසිරි සහ නාමිණී පංචලාගේ සංගීතය චිත්‍රපටය එක්ක පෑහෙන්නේ නෑ. ආදරයේදී සමාජයීය සීමා මායිම් බිඳහෙලන මෙහි සංගීතය ගොරහැඩිව වෙනම ඇහෙන්න ගන්නවා.
දිල්ශාන් ලන්ත්‍රාගේ කැමරාකරණය සුවිශේෂයි. විශේෂයෙන් කැමරා කෝණ හා රූප සංරචනය සිනමාත්මක ගුණය තීව්‍ර කරනවා. අජන්ත අලහකෝන්ගේ කලා අධ්‍යක්ෂණය ඊට දායක වී ඇතිවා නිසැකයි.
අජිත් රාමනායකගේ සංස්කරණය අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රිද්මය පවත්වා ගන්නවා. සමහර දර්ශන තවත් සංස්කරණය වියයුතු යැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇතත් ඒ සුරංගට අවශ්‍ය රිද්මය විය යුතුයි. සිද්ධි දාමය හා සංස්කරණය මැනැවින් ගැලපෙනවා.

දැන් එළැඹෙන්නේ “වලාකුළු අතර” සමස්ථය බිඳ හෙලන දර්ශනය වෙතයි. මේ මාතෘකාව කතා කළ යුතුමයි.
ඒ චිත්‍රපටයේ අන් කිසිවෙකුත් නොමැති කාමරයක සමලිංගික, (නැතහොත් ලෙස්බියන්) තරුණියන් දෙන්නෙක් ලිංගික සුව විඳින අපූරු දර්ශනයක් තිබුණා. අපූරු කිව්වේ රූප සැකසුම මැනැවින් නිර්මාණය කොට තිබූ නිසයි. ගීතා අලහකෝන් හා උමා අසෙනි යන රංගන ශිල්පිනීන් දෙදෙනාගේ රංගනය ඉතා මැනැවින් ඉදිරිපත් කොට තිබූ නිසයි.
ඒත් මේ රංගනයේදී ඔවුන්ගේ නිරුවත් ලෙස පෙනෙන සිරුරු සුදු පිරුවටයකින් වසා තිබුණා. අපි නිදහස්, වෙනත් කිසිවෙකුත් නැති කාමරයක ලිංගික සුව විඳින්නේ රෙදි පොරවගෙනද? මා නම් කැමැති නූල් පොටක්වත් නැත්නම් තමයි. “වලාකුළු අතර” කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂ හෝ නිළියන් දෙදෙනා යහන්ගත වෙන්නේ එහෙමදැයි මා දන්නේ නෑ. ඒත් ඒ දර්ශනය විකාරයක්. එක්කෝ එවන් දර්ශන ඉවත් කොට වෙනත් ආකාරයකින් ලිංගික ප්‍රහර්ශය දනවන්නට උත්සහ කළ යුතුයි. පෙන්නන්නම ඕනෙ නම් රෙද්ද ගැලවිය යුතුයි.

මේ ගොංපාට් එක විවේචනය කරන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ගාඩි” චිත්‍රපටයත් ඈඳා ගනිමින්. (ප්‍රසන්න වැනි දැවැන්තයෙක් එඩිතර නොවෙද්දී සුරංග වැනි නවකයෙක් කෙසේ එඩිතර වන්නද? ඒත් චිත්‍රපට කරනවා නම් ඒ එඩිතර බව තිබිය යුතුයි.) ප්‍රසන්න රජකාලේ නිරුවත්වූ ගාඩි කාන්තාවන්ගේ දෙතන “ගාඩි” චිත්‍රපටයේදී වැසූ අයුරු හාස්‍යජනකයි.
ඇත්තටම ප්‍රසන්නට එලෙස රූගත කරන්න හයියක් නැත්නම් හෝ නිළිය දෙතන පෙන්නන්න සූදානම්
නැත්තං එහෙම ෆිල්ම් හදන්න හොඳ නෑ. ඉන් හෑල්ලු වෙන්නේ අධ්‍යක්ෂවරයා.
සුරංග හඳපාන්ගොඩ තරුණ අධ්‍යක්ෂවරයාටත් කියන්න තියෙන්නේ සැබෑව පෙන්නන්න බැරි නම් මේ තේමාවන් හෝ කතාවලින් ෆිල්ම් හදන්න එපා. නිකං විකාරයක් වෙනවා.
මා එසේ කියන්නේ අපි නිර්මාණකරණයේ යෙදෙන්නේ නම් අප විසින්ම තනා ගන්නා කොටු හා ගුහාවලින් එළියට ආ යුතුයි. කොටු දාන්න වාරණය කරන උන්ට ඉතිරි කොට නිර්.මාණකරුවා චින්තනමය වශයෙන් නිදහස් විය යුතුයි.
https://moviestar.lk/ වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.
-සිතන්නා...
-
වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක්.
මා හැමවිටම සරසවි සිසුවන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් දෙස බලන්නේ කිසියම් ආකාරයක මෘදු කෝණයකින්. ඒකට හේතුව වසර 40 ට එපිට මගේ සරසවි ජීවිතයේ අවසන් කාලයත් පාලකයින්ට එරෙහි අරගලයක් උණුසුමෙන් නිමා වුණ නිසා විය හැකියි. ඒ සටන නිමා වූයේ පරාජයකින් වගේම ඊට සම්බන්ධ යැයි සැක කළ සිසුන් රිමාන්ඩ් බන්ධනාගත කිරීමෙන්.
එකල ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත සරසවි සිසුන් දඩයම් කිරීමට යොදා නොගත් නිසා අත්තඩංගුවට පත් අපට දිගු කලක් නඩුවලට පෙනීසිටින්නට සිදු වුවත් කෙටි කලකින් ඇප ලැබුණා.
එහෙත් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්තඩංගුවට ගත්තේ දිගු කලක් කූඩු කොට තැබීම සඳහාමයි. වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක් කියා මා කියන්නේ ඒ නිසාමයි.
මේ බව අධිකරණය පවා සිය තීන්දුවෙන් නොකියා කියන බවයි මගේ අදහස.
එහි මෙසේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.
"මහෙස්ත්‍රාත්වරයෙකු විසින් විමර්ශකයන්ගේ හෝ නඩු පවරන්නන්ගේ පරපීඩක ආශාවන් සන්තර්පනය උදෙසා නියෝග නිකුත් නොකළ යුතුයි."
අවසානයේ අවනීතිකව දින 150 ට වඩා වැඩි කාලයක් රඳවා තබා ගත් වසන්ත මුදලිගේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
ඒ කියන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යොදා ගන්නේ විරුද්ධවාදීන් මර්ධනයටයි.
නැත්නම් මුදලිගේ කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද?
සාධාරණය වෙනුවෙන් මහමගට බැසීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නේ කෙසේද?
සැබෑ ත්‍රස්තවාදීන් කවරහුද?
-සිතන්නා...
දැන් පොත් ලියන අය සහ කර්.තෘවරුන්ට සහයෝගය පළ කරන පිරිස එකතු වෙලා PDF ලෙස කෘතීන් හොර රහසේ සමාජ මාධ්ය හරහා බෙදා හැරීමට විරෝධය පළ කරලා යළි නොලියමි කියලා # Tag විරෝධතාවයක් පවත්වනවා.
ඒ අව්වස්සෙ කවුදෝ FB යේ ලියලා තිබුණා නොලියන එකමයි හොඳ කියලා.
මේකෙන් වෙන්නෙ පොත් කර්මාන්තය බිඳ වැටීමලු. ලේඛකයා ආදායමක් නැතිව පාරට වැටීමලු.
හැබැයි මේ හාදයො හාදියොම තමයි අර ලංකාවෙ සිංහල ෆොන්ට් නිර්මාණය කරන පුෂ්පෙගෙ ෆොන්ට් හොරෙන් අරං, හොරෙන් ගත්තු මෘදුකාංග වලින් ටයිප් කරලා පිටු හදලා කවරය ඩිසයින් කරලා පොත් ගහන්නේ...
අනේ කාලේ... වනේ වාසේ...කිව්වලු.
-සිතන්නා...
සිරි ලංකාවේ පමණයි.
ඉපදුණාම උප්පැන්න සහතිකය මරණ සහතිකයේ ලියන්න තරමට බංකොලොත් වෙච්චි රටක්.
උප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබේ.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මෙම කඩදාසි ගැටලුව හටගෙන ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස අතිරික්ත අයැදුම්පත්‍රයක් සංශෝධනය කරමින් භාවිත කරන බවත් සඳහන් වෙනවා.
-සිතන්නා...